හිටපු යුක්රේනියානු ජනාධිපති හමුවීම

හිටපු යුක්රේනියානු ජනාධිපති ලියොනිඩ් කුච්මා මැතිතුමා සමග 28.09.2016 දින හමුවීම. 
යුක්රේනියාවේ දැනට රට පාලනය කල ජනධිපතිවරු පස්දෙනාම මා දන්නා නමුත් තුන්දෙනෙකු සමගින් වැඩකිරීමට අවස්ථාව ලැබුණි. මම තනාපති ලෙස 2006 වර්ෂයේ අක්තපත්‍ර පිරිනමනු ලැබුවේ වික්ටර් යුශේන්කෝ ජනධිපතිතුමාටයි නමුත්, ඔහුට සාර්ථකව නායකයකු වීමට නොහැකි විය. වික්ටර් යනුකොවිච් සහ ලියොනිඩ් කුච්මා දෙදෙනා සමග ඉතා ළග සම්බන්දතාවය ගොඩනැගීමට මට පුලුවන් විය. ලියොනිඩ් කුච්මා මැතිතුමා, එදත් අදත් මට ගොඩක් උදව් කරනවා වගේම, මා ඉතාමත් ආදරය කරන ජනාධිපතිවරයෙකි. යහපාලනය ආණ්ඩුවේන් ඇති වී ඇති කරදර ගැන 28.09.2016 දින, ඔහුගේ කාර්යාලයෙදී දීර්ඝ ලෙස කරුණු පහදාදීමට මට අවස්ථාවක් ලැබුණි. මා හට යුක්රේනියාව ඇතුලත කිසිදු කරදරයක් නොවීමට ඔහු වගබලා ගන්නා බවට පොරොන්දු වීම ඉතා සතුටට කරුණකි. එපමණක් නොව ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට අවශ්‍ය සහයෝගය නොපිරිහෙලා ඉටුකරන බවත්, ඉදිරියේදී ශ්‍රී ලංකාව තුල සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය. යුක්රේනියාවේ අභ්‍යන්තර ගැටුම් නතර කිරීමේ මින්ස්ක් සකච්ඡාවේ මූලිකත්වයෙන් වැඩකරන්නේ කුච්මා මැතිතුමාය. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ දැනට සටන් විරාමය ගිවිසුම සාර්ථක වී ඇති බැවින්ද සුබදායි ප්‍රතිපලය ලබා ගැනීමට දෙපාර්ශවයටම සම්පුර්ණ සහයෝගය දක්වන බවයි. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයයේන් ශ්‍රී ලංකාවේ යුද්ධය නතර කිරීමට හැකිවීම පිළිබඳ කුච්මා මැතිතුමා නැවත නැවතත් අප ජනපතිගේ නායකත්වය ඇගයීමට ලක් කළේය. ස්වාධීන යුක්රේනයේ දෙවන ජනාධිපති ලෙස ලියොනිඩ් ධනිලොවිච් කුච්මා මැතිතුමා, 1994 සිට 2005 දක්වා කාලයේදී ඉතා සාර්ථකව රට පාලනය කළේය.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}