ශ්‍රී ලාංකීය සංස්කෘතික දිනය

රුසියාවේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාවට අපගේ ප්‍රණාමය පුදකරමු…රුසියාවේ ලාංකික ශිෂ්‍ය ප්‍රජාව විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලාංකීය සංස්කෘතික දිනය” මොස්කව් ලුලුම්බා විශ්වවිද්‍යාලයේදී 2019 පෙබරවාරි මස 15 වන දින ඉතා සාර්ථකව පවත්වන ලදී.

Related Images:

2019 නිදහස් දින පණිවුඩය

2019 නිදහස් දින පණිවුඩය

හැත්තෑ එක් වසරකට පෙර අධිරාජ්‍යවාධීන්ට එරෙහිව නැගීසිටීමට ඇති අවශ්‍යතාව වටහා ගත් මාතෘභූමිය වෙනුවෙන් සටන් කළ අභීත ජනතාවකට ශ්‍රී ලංකා මාතාව උරුමකම් කීය. ඔවුහූ තමන්⁣ගේ වරම තුළින් බිහිවන පාලන තන්ත්‍රයක් මගින් පාලනය වන ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළහ.

අපගේ තේජාන්විත සිංහ ධජය තුළින් මනාව පිළිබිඹු වන්නේ ඔවුන්ගේ වූ විවිධත්වයයි. ඔවුහූ එකාවන්ව ජාතියේ ඒකීයත්වයත් නිදහසත් වෙනුවෙන් සටන්වැද ජය ලැබූහ.

කුඩා දරුවකු ලෙස ශ්‍රී ලංකා මාතාවගේ නිදහස දැක පියවරෙන් පියවර එදා මෙදාතුර පැමිණි ගමනෙහි පසුවූ අඳුරු යුගයන් හිදී ජාතියක් සේ එකාවන්ව එකමුතුව අප නැගීසිටි අයුරු දුටු අපහට ඇතිවන්නේ ඉමහත් ආඩම්බරයකි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීම නිදහස් දිනයෙන් කියාපෑවත් සැබවින්ම ඉන් පිළිබිඹු වන්නේ අප එක් ධජයක් ⁣යට, එක් ජාතියක් ලෙස, විවිධත්වය සවියක් කරගෙන නිදහස ලත් අභීත මිනිස්සුන් බවයි.

තවද අප එකාවන්ව එකමුතුව ලක් දෙරණ සත්‍යවශයෙන්ම ස්වෛරීයව ස්වයං පෝෂිතව බාහිර අතපෙවීම් වලට අභීතව මුහුණ දිය හැකි රාජ්‍යයක් බවට පරිවර්තනය කරගත යුතු බවට වූ පණිවිඩය ඔබ සැමට ලබාදීමටත් මෙය අවස්ථාවක් කරගනිමි.

ලක් මවුණි ඔබටත් සියළුම ලක්වාසී ජනතාවටත් අභිමානවත් 71වන නිදහස් දිනයක් වේවා.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක – 2019 පෙබරවාරි 04

Related Images:

ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත

හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත

පසුගියදා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක සභාව ඉදිරියේ ව්‍යවස්ථාවක කෙටුම්පතක් හැටියට සකස් කර තිබූ පිටු 187ක වර්ථාවක් අගමැතිවරයා සභාගත කළේය. ඉන් පසු ‘ව්‍යවස්ථාවකුත් නෑ ව්‍යවස්ථා කෙටුම්පතකුත් නෑ’ කියමින් ඔහු රට වටේ යන ආකාරය අපි දුටුවෙමු. එවැන්නක් කියන අතරම අලුත් ව්‍යවස්ථාවක් යටතේ ලංකාව බෙදිය නොහැකි එක්සත් රටක් හැටියට පවතින බවත්, බුදු දහමට තිබුණු තැන වෙනස් නොවන බවත්, අගමැතිවරයාත්, එක්සත් ජාතික පක්‍ෂයේ වෙනත් ඇමතිවරුත් කියයි. රටේ පවතින කෘෂිකාර්මික පළිබෝධ උවදුරත්, ණය උගුල ඇතුලු අනේකවිධ අර්බුධ මධ්‍යයේ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කෙරෙන මේ හොරගල් ඇහිලීම ගැන අපි කවුරුත් අවධානයෙන් සිටිය යුතුය.

වර්ථමාන පාලකයන් 2015 බලයට පැමිණෙන විට ජනතාවට දුන් ව්‍යවස්ථාමය පොරොන්දු දෙක වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, ස්ථාවර පාර්ලිමේන්තු ආණ්ඩු පිහිටුවීමට හැකිවෙන ආකාරයට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමත් පමණි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ කෙටුම්තේ විධිවිධාන තිබේ. අපි එයට විරුද්ධ නොවෙමු. නමුත් මෙහි යෝජනා කර තිබෙන නව මැතිවරණ ක්‍රමය 2017 දී පලාත් පාලන ආයතන හා පලාත්සභා වලට හඳුන්වාදුන් ආකාරයේ ‘පූර්ණ සමානුපාතික’ මැතිවරණ ක්‍රමයකි. ඒ මැතිවරණ ක්‍රමය ගෙන ඒමට 2017 කටයුතු කළ අයම දැන් එය ප්‍රතික්‍ෂේප කර ඇත. ස්ථාවර ආණ්ඩු ඇතිවෙන ආකාරයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට නම් හඳුන්වා දිය යුත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පිහිටවනු ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් යෝජනා කළ 70% ක් කේවල ආසන හා 30% ක් සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා පත් කෙරෙන ‘දෙමුහුන්’ ඡන්ද ක්‍රමයයි. එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ දෙමුහුන් මැතිවරණ ක්‍රමය යෝජනා කලේ, 2002 සිට 2007 දක්වා එජාප සහ එජනිස ආණ්ඩු දෙකක් යටතේ අවුරුදු ගණනාවක් මුලුල්ලේ කරනු ලැබූ අධ්‍යනයකින් පසුවය.

පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කර පලාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයෙන් බලවත් කිරීමට අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා ඇත. පලාත් සභා වලට අයිති විශයන් ගැන පාර්ලිමේන්තුවෙන් නීති සෑදීමට නම් හැම පලාත් සභාවක්ම එයට එකඟ විය යුතු වේ. එක පළාත් සභාවක් හෝ එම නීතියට විරුද්ධ වුවහොත් එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය මෙන්ම ජනමතවිචාරණයක්ද අවශ්‍ය වේ. නමුත් ඒ ආකාරයට සම්මත කරනු ලැබූ නීතියක් වුවද ඕනෑම පලාත් සභාවකට ඕනෑම වෙලාවක සරළ බහුතරයකින් සම්මත කරන පනතකින් අහෝසි කර දැමිය හැක (කෙටුම්පතේ 132 ඡේදය). පාර්ලිමේන්තුවේ බලය ඒ ආකාරයට සීමා කළ විට ඒකීය රාජ්‍ය ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය වේ. අපි එයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙමු.

සමගාමී ලැයිස්තුවට අයිති විෂයන් ගැන පාර්ලිමේන්තුව නීති සෑදීමට නම් සියලුම පළාත් සභාවල එකඟත්වය ලබාගත යුතු වේ (134 ඡන්දය). එවන් එකඟතාවයක් ලබාගන්නවාද නැද්ද යන්න ගැන තීරණය කිරීමට වත්මන් ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට හිමි බලය එයින් අහෝසි වෙනු ඇත. පාර්ලිමේන්තුව විසින් නීතියක් සම්මත කළ පසුත් අලුත් ව්‍යවස්ථාවෙන් පිහිටු වීමට යෝජනා කර තිබෙන ව්‍යවස්ථාමය උසාවියට ඒ නීතිය අවලංගු කළ හැක. එයින් පාර්ලිමේන්තුවේ බලය තවත් හීන වේ (182-ඇ සහ 185 ඡේද). මේ ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම්පතේ පලාත් සභා බලතල ලැයිස්තුවක් ගැනත් සමගාමී බලතල ලැයිස්තුවක් ගැනත් මධ්‍යම ආණ්ඩුවේ බලතල ලැයිතුවක් ගැනත් සඳහන් වුවද ඒ ලැයිස්තු අපේ වර්ථමාන ව්‍යවස්ථාවේ තිබෙන ලැයිස්තුද නැත්නම් වෙනස් ඒවාද යන්න සඳහන් කර නැත.

මේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පතත් සමඟ කිසිඳු ප්‍රයෝජනයක් නැති තොරතුරු අඩංගු ලියවිලි මිටි ගණන් සභාගත කෙරුවද වැදගත්ම කාරණයක් වන මේ බලතල ලැයිස්තු ඉදිරිපත් කර නැත. අලුත් ව්‍යවස්ථා යෝජනා වලට අනුව, මධ්‍යම ආණ්ඩුවේ නියෝජිතයා වන ආණ්ඩුකාරවරයාට පලාතේ මහ ඇමති යටතේ කටයුතු කිරීමට සිදුවේ. වත්මන් ව්‍යවස්ථාවේ විධිවිධාන වලට හාත්පසින්ම වෙනස්ව පළාතේ විධායක බලය ඇත්තේ මහ ඇමතිවරයාට මිස ආණ්ඩුකාරවරයාට නොවන බවට සඳහන්ව තිබීමෙන්ද මේ යෝජනාවල ෆෙඩරල්වාදී නැඹුරුව තවත් පැහැදිලි වේ (242 ඡේදය).

පොලිස් සේවය ජාතික පොලිස් සේවයක් සහ පලාත්බද පොලිස් සේවාවන් 09 කට කඩා ඒ හැම එකටම වෙන වෙනම පොලිස් කොමිසම් ඇති කිරීමටත් මෙහි විධි විධාන ඇත. ජාතික පොලිස් සේවයට අයිති වන්නේ රාජ්‍ය විරෝධී කටයුතු, මැතිවරණ සම්බන්ධ වැරදි, හොර මුදල් අච්චු ගැසීම වැනි නම්කරනු ලැබු කාරණා කිහිපයක් පමණි. අනෙක් සියලුම එදිනෙදා පොලිස් කටයුතු, එනම් අපරාධ, වංචා, මත්ද්‍රව්‍ය, රථ වාහන, මහජන සාමය වැනි කරුණු අයිති වන්නේ පලාත්බද පොලීසි වලටය. (254, 259, හා 284 වෙනි ඡේද) මේ ආකාරයට පොලීසිය කොටස් කිහිපයකට කැඩීමෙන්පමණක් මේ රට ඉවර කර දැමිය හැක. 13 වෙනි සංශෝධනයේ කුමක් තිබුණත් අවුරුදු 30ක් මුලුල්ලේ කිසිම ආණ්ඩුවක් පොලීසිය කෑලි දහයකට වෙන් නොකලේ ඒ නිසාය.

අලුත් යෝජනා යටතේ, වර්ථමානයේ මධ්‍යම ආණ්ඩුවට අයත් විෂයන් සඳහා භාවිතා වෙන ඉඩම් හැරුණු විට සෙසු සියලුම රජයේ ඉඩම් අයත් වන්නේ පලාත් සභාවලටය. මධ්‍යම ආණ්ඩුවට එවන් රජයේ ඉඩමක් අවශ්‍ය වුවහොත්, එය අදාළ පළාත් සභාවෙන් ඉල්ලා සිටිය හැක. පලාත් සභාව ඒ ඉඩම නොදී සිටියහොත් එම දුක් ගැනවිල්ල ත්‍රිපුද්ගල බේරුම් කරන කමිටුවකට යොමු වේ. එම කමිටුවේ තීන්දුව ගැන සෑහීමකට පත්නොවන්නේ නම් මධ්‍යම ආණ්ඩුවට ව්‍යවස්ථාමය උසාවියට ඒ ඉඩම ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කළ හැක. ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ කාරණයකට මධ්‍යම ආණ්ඩුව රජයේ ඉඩමක් පවරාගත්තත් අදාල පලාත් සභාවට ව්‍යවස්ථාමය අධිකරණය වෙත ඒ පවරා ගැනීමට විරුද්ධව පෙත්සමක් ඉදිරිපත් කළ හැක (302, 307 සහ 308 ඡේද).

අලුත් ව්‍යවස්ථා යෝජනා වලට අනුව මධ්‍යම ආණ්ඩුවෙන් හදිසි නීතිය ප්‍රකාශ කළත් එයට විරුද්ධව අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර වාරණයක් ලබාගත හැක. මාස තුනකට වැඩි කාලයකට නැත්නම් දින 180 ක කාලයක් ඇතුළත දින 90 කට වඩා හදිසි නීති තත්වයක් පවත්වාගෙන යෑමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වේ (290-5, 291- ඈ, 292 ඡේද). එයින් ප්‍රායෝගිකව සිද්ධවන්නේ හදිසි තත්වයකටවත් මධ්‍යම ආණ්ඩුවට සුදුසු ආකාරයට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වීමයි. හදිසි නීතිය ප්‍රකාශ කිරීමක් යනු විධායකයේ ක්‍රියාවකි. එවන් කාරණා සම්බන්ධයෙන් අධිකරණයට කටයුතු කිරීමට නොහැක. හදිසි නීතිය ප්‍රකාශ කිරීමට එරෙහිව වාරණයක් ලබාගත හැකිනම්, හදිසි නීතිය ප්‍රකාශ කිරීමෙන්ද පලක් නැත.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට හඳුන්වා දී ඇති විධිවිධාන (237-3 ඡේදය), වර්ථමානයේ ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි ව්‍යවස්ථාව සම්බන්ධ අධිකරණ බලය වෙනම ව්‍යවස්ථාමය අධිකරණයකට පැවරීම (181 සිට 191 දක්වා ඡේද) ඇතුලු තවත් ගැටලු ගණනාවක්ම ඇත. 1983 හයවන සංශෝධනයෙන් වත්මන් ව්‍යවස්ථාවේ 7 වෙනි උපලේඛණය හැටියට ඇතුළත් කරන ලද බෙඳුම්වාදයට එරෙහි විශේෂ ප්‍රතිඥාව අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ පෙනෙන්නට නැත. මෙහිදී අප සඳහන් කර ඇත්තේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ අපට එකඟ විය නොහැකි විධිවිධාන කිහිපයක් පමණක් බව සැලකිය යුතුය.

මේ ව්‍යවස්ථා කෙටුම්පතේ පැහැදිලි රටාවක් පෙනෙන්ට තිබේ. එමඟින් පාර්ලිමේන්තුවත් මධ්‍යම ආණ්ඩුවත් හැකි තරම් දුර්වල කරනු ලැබේ. පලාත් සභා හැකි තරම් බල සම්පන්න කරනු ලැබේ. ආණ්ඩුකාරවරුන් මහ ඇමතිවරුන්ට යටත්කරනු ලැබේ. සෑම පලාත් සභාවකටම වෙන වෙනම සන්නද්ධ පොලිස් සේවාවන් ඇති කරනු ලැබේ. පලාත් සභා වලට අයත් බලතල මොනවාද, මධ්‍යම ආණ්ඩුවට අයත් බලතල මොනවාද යන්න දැන්මම ප්‍රකාශයට පත් නොකර, පසුව නියම කර ගැනීමට ඉඩ ඉතුරු කරනු ලැබේ. අවශ්‍ය අවස්ථාවල හදිසි නීතියවත් ප්‍රකාශ කිරීමට බැරි තත්වයක් ඇති කරනු ලැබේ. මේ සියල්ලම කුමණ අරමුණකින් කරනවාද යන්න කාටත් පැහැදිලි විය යුතුය.

අද රට පාලනය කරන එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය ඇතුලු හවුල නීති සම්පාදනය කිරීමේදී දක්වා ඇති වංචා සහගත ප්‍රවේශය නිසා ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බරපතල ලෙස පලුදු වී ඇත. ඔවුන් ජනතාවත් ශ්‍රේෂ්ඨාධිකරණයත් නොමඟ හැරීම සඳහාම 19 වන සංශෝධනය තුළින් හිස් වගන්ති ව්‍යවස්ථාවට ඇතුළත් කළ ආකාරය කවුරුත් දනී. සම්පූර්ණයෙන්ම වෙනත් කාරණා සඳහා ඉදිරිපත් කර තිබුණු පනත් කෙටුම්පත් දෙකකට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ගෙන එනු ලැබූ සංශෝධන වලින් පලාත් පාලන මැතිවරණ ක්‍රමයත් පලාත් සභා මැතිවරණ ක්‍රමයත් පස්සා දොරින් වෙනස් කළ ආකාරය කවුරුත් දනී. 2016 අගෝස්තු මාසයේදී විවාදයක්වත්, හරිහමන් ඡන්දයක්වත් නොපවත්වා පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක් මැද මේ ආණ්ඩුව අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත සම්මත කරගත්හැටි කවුරුත් දනී.

මේ ආණ්ඩුවේ කපටිකම් වලට සීමාවක් නැත. ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළ පසු ඔවුන් කතා කරන්නේ බුද්ධාගමට හිමි තැන ගැනත් ‘ඒකීය’ යන වචනය ගැනත් පමණය. අපට ලබා දී ඇති කෙටුම්පතේ මේ කාරණා දෙකම සම්බන්ධයෙන් විකල්ප වගන්ති යෝජනා කර ඇත. අප මෙතනදී පරීක්‍ෂාකාරී විය යුතුය. බෙදුම්වාදීන්ටයි ෆෙඩරල්වාදීන්ටයි වැදගත් වන්නේ නමවත්, වචනයවත් නොවේ. ඔවුනට අවශ්‍ය දේ ලැබෙනවා නම්, නම කුමක් වුවත් ඔවුනට ප්‍රශ්නයක් නැත. මේ පිරිස සැබවින්ම ඉලක්ක කරගෙන සිටින්නේ ඒකීය කියන වචනයවත් බුදු දහමවත් නොවේය. රටේ ඒකීය භාවය ගැනත් බුදු දහම ගැනත් ඉදිරිපත් කර තිබෙන විකල්ප වගන්ති කේවල් කිරීමේ උපක්‍රමයක් ලෙස ඔවුන් විසින්ම ඉල්ලා අස් කරගෙන බොරු නම්‍යශීලී බවක් පෙන්වා මේ ව්‍යවස්ථා කෙටුම්පතේ හරය වෙන ෆෙඩරල් පාලන ක්‍රමය දිනා ගැනීමට ඔවුන් උත්සාහ කිරීමට ඉඩ ඇත.

විශේෂයෙන්ම මහා සංඝරත්නය මේ උප්පරවැට්ටි ගැන අවබෝධයෙන් සිටිය යුතු යැයි මම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වර්ථමාන ව්‍යවස්ථාවේ බුද්ධාගමට මුල් තැන දී තිබියදීත්, මේ ආණ්ඩුව භික්‍ෂූන් වහන්සේලාව මර්ධනය කළ ආකාරය අපි දුටුවෙමු. මේ නිසා ඒකීය ලේබලය එළෙසම තිබියදී ඔවුන්ට රට ෆෙඩරල් කළ හැක. මේ රටේ දමිළ ජනතාවගෙන් බහුතරය ජීවත් වන්නේ උතුරු නැගෙනහිර පලාත් වලින් පිටය. මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය ජීවත් වන්නේ නැගෙනහිර පළාතෙන් පිටය. මේ වගේ රටකට අලුත් ව්‍යවස්ථාවක් සෑදිය යුත්තේ ඒ යතාර්ථයත් හිතේ තබාගෙනය.

වර්ථමාන ආණ්ඩුව ගෙනවිත් තිබෙන මේ ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වීම යනු සියලුම ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධ වීම නොවන බවද අපි පැහැදිලිව කිව යුතුය. වර්තමාන ව්‍යවස්ථාවේ පුලුල් වෙනස්කම් සිඳු විය යුතු බව අපි පිළිගනිමු. 19 වෙනි සංශෝධනය නිසා පමණක් මොන තරම් අවුලක් ඇති වී තිබෙනවාද? ඇතැම් දේශපාලන පක්‍ෂවලට තිබෙන බෙදුම්වාදී නැත්නම් ෆෙඩරල්වාදී අදහස් අපි ප්‍රතික්‍ෂේප කරන අතරම ඒ ඒ ප්‍රාදේශීය ජන සමාජයන් වලට යම් කිසි ජාතික රාමුවක් තුළ තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට හැකියාවක් තිබිය යුතු බවත් අපි පිළිගනිමු. ඊලඟ ජාතික ඡන්දයේදී ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අපේම යෝජනා ඉදිරිපත් කර ඒ වෙනුවෙන් ජනතාවගෙන් වරමක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙමු. අපගේ එම උත්සාහයට සහයෝගය දෙන මෙන් මම ජනතාවගෙන් මෙන්ම සියලුම දේශපාලන පක්‍ෂ වලින්ද මේ අවස්ථාවේදී ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක – 2019 ජනවාරි 23

Sinhala 23 January 2019

Related Images:

සිව් වසරක අවපාලනය

මාධ්‍ය නිවේදනය

සිව් වසරක අවපාලනය හා මතු පරපුරට රටක් අහිමි වීමේ අවදානම

2015 ජනවාරි 9 වනදා ආණ්ඩු වෙනසින් පසු අවුරුදු හතරක් ගතවෙන මේ මොහොතේ ශ්‍රී ලංකාව රටක් හැටියට තුන් බියකට ගොදුරු වී සිටී. ඉන් පළමුවැන්න ආර්ථිකය කුමණ මොහොතක හෝ දරුණු බිඳවැටීමකට ලක් වීමේ අවදානමයි. මේ රට නිදහස ලැබූ 1948 පෙබරවාරි මස සිට 2014 දෙසැම්බර් මස අවසානය දක්වා ගතවුණු අවුරුදු 60 කට වැඩි කාලය තුළ විවිධ ආණ්ඩු ලබාගෙන ගෙවීමට ඉතිරි වී තිබුණු මුලු ණය ප්‍රමාණය මෙන් 50%කට වඩා මුදලක් වත්මන් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ගතවුණු අවුරුදු හතර ඇතුළත පමණක් ලබාගෙන ඇත. එජාප ආණ්ඩුව ණය ගන්නෙ අපේ ආණ්ඩුව ගත් ණය ගෙවීමට යැයි කීවද, ගත් ණය ගෙවීමට පමණක් ණය ගත්තේ නම්, 2015න් පසු සමස්ථ ණය ප්‍රමාණය වැඩි වීමට නොහැක. නමුත් කලින් ආණ්ඩු ගත් ණය එලෙසම තිබියදී ලංකාවේ මුලු ණය ප්‍රමාණය පසුගිය අවුරුදු හතර ඇතුළත 50%කින් වැඩි වී තිබේ.

2006-2014 අතර අපි රට පාලනය කළ සමයේ මුල් අවුරුදු කිහිපය තුළ රටේ දරුණු යුද්ධයක් පැවතුනි. එයත් සමඟ 2007 ලෝක ආහාර අර්බුදය ඇති විය. 2008-2009 කාලයේ දී 1930 ගණන් වලින් පසු ලෝකයේ ඇති වූ දරුණුම ආර්ථීක අවපාතය අපිට අත් විදීමට සිදුවිය. එපමණක්ද නොව 2006 – 2014 කාලයේදී ඉතිහාසයේ පෙර නොවු විරූ ආකාරයට බැරලය ඩොලර් 140 දක්වා එකදිගටම දරුණු ලෙස තෙල් මිලද ඉහල ගියේය. ඒ සියලුම කලබැගෑනි මැදින් වුවත් 2006 – 2014 අතර මුලු අවුරුදු නවය පුරාම රුපියල ඩොලරයට සාපේක්‍ෂව අවප්‍රමාණය වූයේ රුපියල් 28 කින් පමණි. නමුත් පසුගිය අවුරුදු හතර ඇතුළත පෙර කී ආකාරයේ කිසිම අර්බුදයක් නැතුවත් අපේ මුදල් ඒකකය රුපියල් 53කින් අවප්‍රමාණය වී ඇත. අපේ කාලේ තිබුණු 7.4% ක සාමාන්‍ය වර්ධන වේගය අද 3% ටත් පහල තැනකට වැටී ඇත. ජනාධිපතිතුමා තත්වය අවබෝධ කරගෙන මහ මැතිවරණයක් පවත්වා නැවත රට අපට භාරදීමට උත්සාහයක් දැරුවද ඒ උත්සාහය සාර්ථක වුයේ නැත. අපි අද සිටින්නේ ඊළඟ සතියේ, ඊළඟ මාසයේ, ආර්ථිකයට කුමක් වේදැයි නොදන්නා තත්වයකය.

අපි මුහුණ දී සිටින ඊළඟ බිය වන්නේ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා මුලු පාලන තන්ත්‍රයම බිඳ වැටීමේ අවදානමයි. 19 වන සංශෝධනය නිසා, ආණ්ඩුවක් අයවැය හෝ රාජාසන කතාව පැරදුනත්, විශ්වාස භංග යෝජනාවකින් පැරදුනත් මොනම හේතුවකටවත් අවුරුදු හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැක. පාර්ලිමේන්තුවක් යනු විවිධ මතිමතාන්තර, පුද්ගලික උවමනා එපාකම් සහිත සංවිධාන හා පුද්ගලයන් සමූහයකි. පාර්ලිමේන්තු ක්‍රමය ශතවර්ෂ ගණනාවක් තිස්සෙ පරිණාමය වූයේ එවන් පිරිසක් යම්කිසි රාමුවක් තුළ රඳවාගෙන පාලනයක් ගෙන යෑමට හැකි වෙන ආකාරයටය. රටේ පාලනයට බලපෑමක් ඇති වෙන තැනට පාර්ලිමේන්තු ආණ්ඩු පක්‍ෂයක් තුළ මත ගැටුම් ඇති වුවහොත් මැතිවරණයක් කැඳවා ජනතා අභිමතය පරිදි නව පාලනයක් පත් කරගැනීමට ඉඩ හැරීම පාර්ලිමේන්තු ක්‍රමයේ ප්‍රධානම අංගයක් විය. අවශ්‍ය අවස්ථාවල ජනතාව ඉදිරියට යෑමේ ක්‍රමවේදය දැන් අහුරා තිබෙන නිසා ආණ්ඩු පක්‍ෂයට තමන්ගෙම මන්ත්‍රීවරුන් හා සභාග දේශපාලන පක්‍ෂ යම් රාමුවක් තුළ රඳවාගෙන කටයුතු කිරීමේ හැකියාව හීන වී ඇත.

අපේ රටේ 1952, 1959, 1964, 2001 පාර්ලිමේන්තු විසුරුවීම් සිද්ධ වූයේ පාලක පක්‍ෂය තුළ ඇතිවූ ගැටුම් විසඳීමටය. අවශ්‍ය අවස්ථාවක පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා ජනවරම උරගා බැලීමට ඇති අවකාශය ඇහිරීම රටකට කෙතරම් අහිතකර දැයි ඉදිරියේදී කාටත් පෙනෙනු ඇත. 1978 ව්‍යවස්ථාව ගැන මූලාරම්භයේ සිටම තිබුණු ප්‍රධානම විවේචනය වූයේ, ජනාධිපතිවරයා එක් දේශපාලන පක්‍ෂයකින් පත් වි සිටින අතර පාර්ලිමේන්තු බහුතරය තවත් පක්‍ෂයකට ගියහොත්, රටේ පාලනය අවුල් වෙන බවයි. මේ තත්වය මඟහැරීමට 1994 දීත්, 2001 දීත් ඇතිවූ පූර්වාදර්ශය වූයේ, බලයේ සිටින ජනාධිපතිවරයෙක් මහ මැතිවරණයක් කැඳවා, යම් හෙයකින් ඔහුට විරුද්ධ දේශපාලන පක්‍ෂයක් පාර්ලිමේන්තුවේ බලය දිනාගතහොත්, ඒ ආසන්න ජනමතයට ගරු කර රටේ පාලන බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවෙන් පත්වෙන අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට භාර දී ජනාධිපතිවරයා පසෙකට වී සිටීමයි. අද එවැන්නක් කළ නොහැක.

මහ මැතිවරණයක් කැඳවා ජනවරම උරගා බැලීම ජනාධිපතිවරයාට තහනම් වුවත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සමඟ ආණ්ඩු පිහිටුවමින් රට ඉදිරියට ගෙන යෑමේ සම්පූර්ණ වගකීම 19 වන සංශෝධනය විසින්ම පවරා ඇත්තේ එම ජනාධිපතිවරයාටමය. ආණ්ඩුවේ ප්‍රධානියාත්, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාත්, වන්නේ ජනාධිපතිවරයාමය. එවන් ආණ්ඩුවක් කරන සෑම දේකටම ජනාධිපතිවරයාටද වගකීමට සිදුවේ. කලින් මෙන් ජනවරම ඇත්තේ කාටදැයි උරගා බැලීමට නොහැකි නිසා ආසන්න ජනවරමට ගරුකොට ජනාධිපතිට පාලනයෙන් අයින් වී සිටීමටද දැන් නොහැක. 2018 පලාත් පාලන ඡන්දයෙන් පසු, එජාපයට ජනවරමක් නොමැති බවත්, ඔවුන් දිගින් දිගටම මැතිවරණ පැවැත්වීම මඟහරිමින් සිටින්නේ ඒ නිසාම බවත් මුලු රටම දනී. එවන් තත්වයක් යටතේ, ජනාධිපතිතුමාට එජාපයට රට භාරදී පසෙකට වී සිටීමට කොහෙත්තම නොහැක. 19 වෙනි සංශෝධනයෙන් ඇතිකර තිබෙන මේ විකෘතිය නිසා රටේ පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම අවුල් වීමේ අවදානමක් ඇත.

අපේ රට ඉදිරියේ ඇති තුන්වෙනි බිය වන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත්කිරීමට නියමිත රට බෙදන ව්‍යවස්ථාවයි. ආණ්ඩුව එමඟින් බලාපොරොත්තු වෙන්නේ ස්වාධීන රාජ්‍යයන් වලට සමාන බලතල සහිත ෆෙඩරල් ඒකක නවයකට ලංකාව කැඩිමය. අද මධ්‍යයම ආණ්ඩුව සතු සියලුම බලතල ඒ ඒ පලාත් වලට බෙදා දීමට නියමිතය. මේ හැම පලාතකටම වෙනම පොලීසියකුත් ඇති කිරීමට නියමිතය. හදිසි අවස්ථාවකදීවත්, මධ්‍යම ආණ්ඩුවට රටේ සාමය හා ඒකාග්‍රතාවය පවත්වාගෙන යෑමට ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වෙන තරමට මධ්‍යම පාර්ලිමේන්තුවත්, නීති පද්ධතියත් බෙලහීන කිරීමට එමඟින් ප්‍රතිපාදන කෙටුම්පත් කර ඇත. මෙම නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර ඇත්තේද 19 වෙනි සංශෝධනය කෙටුම්පත් කර මුලු රටම අවුල් ජාලාවක් බවට පත් කළ අයමය.

මේ නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ පාර්ශවයම 2017දී පලාත් පාලන හා පලාත් සභා වලට අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ඒ අලුත් මැතිවරණ ක්‍රමය ගෙන ඒමට උඩ පැනගෙන කටයුතු කරපු අයම දැන් කියන්නේ ඒ ක්‍රමයට නම් ඉදිරියේ මොනම ඡන්දයක්වත් පවත්වන්න එපා කියලාය. මේ පිරිසම හැඳු අලුත් ව්‍යවස්ථාව සම්මත වුවහොත් රටක් හැටියට ශ්‍රී ලංකාවේ පැවැත්ම අවසන් වෙනු ඇත. අපට ආරංචි වෙන ආකාරයට, මේ ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමට මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් නැවත ආරම්භ වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව අද මරණ තුනකට මැදි වී සිටි. මෙම තුන් බියෙන් රට ගලවා ගැනීමට හැකියාව ඇත්තේ මීට කලින්ද ජයගත නොහැකි යැයි කියූ අභියෝග ජයගෙන ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිඵල පෙන්වා ඇති මගේ නායකත්වය යටතේ ඇති විපක්‍ෂයේ දේශපාලන සන්ධානයට පමණක් බව මේ අවස්ථාවේදී සිහිපත් කර සිටීමට කැමැත්තෙමි.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක -2019 ජනවාරි 9

Sinhala 9 January 2019

Related Images:

මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක ලෙස පිළිගන්නවා

 මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක ලෙස පිළිගන්නවා -නි. කථානායක මැතිසබයට දන්වයි

අජිත් අලහකෝන්,  කුෂාන් සුබසිංහ

විපක්‍ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගැනීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇතැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෝල්ටාවේ පවත්වන කථානායකවරුන්ගේ සමු`ථවට සහභාගීවීම සඳහා කරු ජයසූරිය මහතා පිටව ගොස් ඇති නිසා කථානායකවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඉහත නිවේදනය සභාවට දැනුම් දෙමින් නියෝජ්‍ය කථානායකවරයා ඒ බව කීය.

මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය දරණ බවට එම සන්ධානයේ ලේකම්වරයා විසින් ලිපියක් එවා ඇතැයිද ඒ අනූව විපක්‍ෂ නායකවරයා ලෙස රාජපක්‍ෂ මහතා පිළිගන්නා බවද කථානායකවරයා තීරණය කර ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

2018 දෙසැම්බර් මස 18 වෙනි දින කථානායකතුමා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ විරුද්ධ පාර්ශ්වයේ අසුන් ගෙන සිටින පිළිගත් දේශපාලන පක්ෂ අතරින් වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවක් සිටින පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයා විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් පිළිගැනීම චිරාගත පාර්ලිමේන්තු සම්ප්‍රදාය වන බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන සිටින වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස පිළිගන්නා ලදී.

එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විසින් 2018.12.18 දාතමින් යුත් ලිපිය මගින් තම සන්ධානය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරය සඳහා යෝජනා කිරීමට තීරණය කළ බවටද කථානායකතුමා වෙත දැනුම් දී ඇත.

කථානායකතුමාගේ ඉහත කී නිවේදනයෙන් අනතුරුව සහ 2018 දෙසැම්බර් මස 19 වෙනි බදාදා ඉලංගෙයි තමිල් අරසු කච්චිහි නායක ආර්. සම්බන්ධන් මහතා විසින් පාර්ලිමේන්තුව තුළ කරනු ලැබූ විශේෂ ප්‍රකාශයෙන් පසුව පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් සභා ගර්භය තුළදී පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා පිළිගැනීම සම්බන්ධයෙන් මතු කරන ලද විවිධ කරුණු සම්බන්ධයෙන් කථානායකතුමාගේ තීරණය මෙම සභාවට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

සභාව තුළ මතු කරන ලද කරුණුවල සාරාංශගත හරය වූයේ යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඔහු එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අවස්ථාවේදී ඔහුගේ නම ඇතුළත් වූයේ පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා පත්‍රයේද, ඒ දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටීම, ඉල්ලා අස්වීමෙන් හෝ පහ කිරීමෙන් හෝ අන් හේතුවක් නිසා නතර වූ අවස්ථාවක ඔහු එසේ සාමාජිකයෙකුව සිටීම නතර වූ දින සිට එක් මාසයක කාලසීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස් වන්නේය යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13) ව්‍යවස්ථාවේ (අ) අනු ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනයන් පදනම් කර ගෙනය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විසින් 2018.12.19 දින දරණ ලිපිය මගින් කථානායකතුමාට දන්වා ඇත්තේ මැතිවරණයෙන් පසු මැතිවරණ කොමසාරිස්ගේ ගැසට් නිවේදනය අනුව තේරී පත්වූ සියලුම මන්ත්‍රීවරුන් (අධිකරණ නියෝග මත ඉවත්වූ මන්ත්‍රීතුමිය හැර) සියලු දෙනාම තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවයි.

මෙම කරුණ පිළිබඳව ගරු කථානායකතුමා විසින් ගැඹුරෙන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, තීරණය කර ඇත්තේ යම් මන්ත්‍රීවරයෙකුගේ අසුන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධානයන්ට අනුකූලව නීතිය ක්‍රීයාත්මක වීම මගින් අහිමිවීම පිළිබඳව හෝ යම් මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහිමිවීම, ඉල්ලා අස්වීම පිළිබඳ වන සිද්ධිමය කාරණා හෝ තීරණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල සඳහන් විධිවිධානවලට අනුකුලව කථානායකතුමාගේ බලසීමාවට අදාළ කාරණයක් නොවන බවයි. එසේම, කථානායකතුමා අවධාරණය කර සිටින්නේ ඉහත කී කාරණා පිළිබඳව නිශ්චය කිරීමට බලය අධිකරණය සතු කාර්යභාරයක් වන බවයි.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම කරුණු සොයා බැලීම සඳහා වන විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස යෝජනාවක් භාර දී ඇත.

එම කරුණ පිළිබඳවද කථානායකතුමා විසින් සලකා බලනු ලදුව, පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර මන්ත්‍රී් කණ්ඩායමක් විසින් එහි සුළුතරයක් නියෝජනය කරන කණ්ඩායමක, අභ්‍යන්තර කටයුතු පරීක්ෂා කර බැලීම සඳහා වන යෝජනාවක් පිළිගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට එකඟ නොවන සහ පටහැනි වන බවටද දැනුම් දී ඇත.

Related Images:

තේ සහ සංචාරක

[dfd_spacer screen_wide_spacer_size=”” screen_normal_resolution=”1024″ screen_tablet_resolution=”800″ screen_mobile_resolution=”480″ screen_wide_resolution=”1280″ screen_mobile_spacer_size=”10″][dfd_heading style=”style_05″ subtitle=”The first ever tea auction was conducted on 30th of July 1883″ content_alignment=”text-left” enable_delimiter=”” undefined=”” title_font_options=”tag:h2|font_size:25″ subtitle_font_options=”tag:div”]ලංකා තේ ඉතිහාසය
[/dfd_heading][dfd_spacer screen_wide_spacer_size=”10″ screen_normal_resolution=”1024″ screen_tablet_resolution=”800″ screen_mobile_resolution=”480″ screen_wide_resolution=”1280″ screen_normal_spacer_size=”10″ screen_tablet_spacer_size=”10″ screen_mobile_spacer_size=”10″]

Tea (Camellia Sinensis) came to be a principal crop in Sri Lanka in the early 1870s’. Prior to 1870s Sri Lanka’s main crop was coffee and no planter showed much interest in tea. The Pioneer of commercial tea cultivation in Sri Lanka was James Taylor who arrived in Ceylon in 1852 to work in “coffee plantations”. In 1869, a leaf disease destroyed the Island’s coffee plantations and estate owners looked for alternative crops. The 19 acre Loolecondara Estate where Taylor did the first commercial planting of tea became the model for future development of the tea industry in Sri Lanka. Other planters quickly followed Taylor. From 400 hectares in 1875, the Island’s tea extent grew to 120,000 hectares by 1900. Today it covers 200,000 hectares in the highlands and southern low land areas of the country. This pioneer period laid the foundation for the gentle green countryside which is characteristic of the tea growing areas of Sri Lanka today.
The first ever tea auction was conducted on 30th of July 1883, by Mr.William Somerville at the Broking House in Colombo. Five lots of choicest Ceylon Tea were offered. The first lot of 999 pounds, described in the catalogue as” Kaboragalla unsorted” was sold and the rest were unsold. Today Colombo is considered the largest tea auction center in the world.
In 1873, a small package of 23 pounds was exported from Sri Lanka, formally known as Ceylon, to the United Kingdom. In 1886, the quantity had increased to nine million pounds and the estimate for 1890 was forty million. Sri Lanka emerged as the world’s largest tea exporter in 1990, with production increasing after the re-privatization of plantation management. Sri Lanka’s tea production is around 300 million kilograms, with a share of around 22 percent of world tea exports. Around 20 percent of Sri Lanka’s export earnings come from Tea, which also contributes significantly to government revenue and Gross Domestic Product. The tea industry generates 600,000 direct jobs (and many more indirectly) and is Sri Lanka’s largest single employer.
Ceylon Tea Lion Logo which appears on Ceylon tea packs denotes not only the country of origin but also the quality of Ceylon Tea. Sri Lanka Tea Board is the legitimate owner of the Ceylon Tea Lion logo which has been registered in many countries in the world. The usage of Lion Logo is subject to the following conditions: The Lion Logo can be used only on consumer packs of Ceylon tea; The packs should contain 100% pure Ceylon tea; The brands which use the Lion Logo should be packed in Sri Lanka. Overseas Importers/packers are not allowed to use the Lion Logo on their tea packs even if the packs contain pure Ceylon Tea; The brands which use the Lion Logo should conform to the quality standards set out by the Sri Lanka Tea Board. When you next buy your tea look for the Lion Logo on the pack which is your guarantee for quality pure Ceylon tea.

[dfd_spacer screen_wide_spacer_size=”25″ screen_normal_resolution=”1024″ screen_tablet_resolution=”800″ screen_mobile_resolution=”480″ screen_wide_resolution=”1280″ screen_normal_spacer_size=”20″ screen_tablet_spacer_size=”20″ screen_mobile_spacer_size=”20″][dfd_tta_tabs style=”collapse” alignment=”left” active_section=”1″]
[dfd_single_image image_alignment=”image-left” image=”20516″]
[dfd_heading subtitle=”” content_alignment=”text-left” enable_delimiter=”” undefined=”” title_font_options=”tag:h3|font_size:25″ subtitle_font_options=”tag:div” heading_margin=”margin-bottom:15″ tutorials=””]Tea Growing Regions[/dfd_heading]

Nuwara Eliya – Delicate and highly perfumed, teas from the mountain peaks of Sri Lanka over 6000 feet are known as “champagne” among teas. These teas are from the gardens nestled among the misty hills of the Nuwara Eliya, a town affectionately known as “Little England”. This unmatched gourmet specialty tea with the pale yellowish orange brew and the unique taste will entice the true tea connoisseur. Nuwara Eliya teas is what Darjeeling teas to India. Dimbula – Grown between 4000-6000 feet from the sea level on the western hills of the central mountains, Dimbula tea is a bright rosy red tea with a special character. This tea gives the impression of one’s mouth drying up after tasting synonymous with good quality tea. The sweet taste of Dimbula is well known and is a part of every major tea brand of repute. 

The cold winds that blow throughout the nights and the clear blue skies experienced during the daytime from late January to early April bring forth this superior Dimbula flavour tea unique to the Dimbula valley. Like all Ceylon teas, it is an excellent breakfast tea, but also great pick me up throughout the day. Uva – Perhaps the most famous of Ceylon teas. Grown from 3500-4500 feet from the sea level in the eastern slopes of the central mountains Uva tea provide a bright brisk flavour and unique taste with a orange/red cup colour.The quality reaches peak level from August to September co-inciding with the South western monsoon. During this time extreme dry winds, cause the tea bush leaves to close tightly, and the lowered moisture content of these closed leaves increases the flavour. Kandy – Teas from Kandy are famous for it’s full bodied cup with extra strength. Kandy is among the first areas to be planted with tea and still held at high esteem by those who prefer a robust strong cup of tea. It is ideal to be drunk with milk. Ruhuna – Teas from sea level to 1500 feet elevation, Ruhuna teas are well made and twisted black teas with a smooth flavour. This exclusive tea offer attractive red cup colour, high strength and has the taste Ceylon tea is world-famous for. It’s a perfect cup for those who like their tea thick and strong, with or without milk.

[dfd_single_image image_alignment=”image-left” image=”20526″]
[dfd_heading subtitle=”” content_alignment=”text-left” enable_delimiter=”” undefined=”” title_font_options=”tag:h3|font_size:25″ subtitle_font_options=”tag:div” heading_margin=”margin-bottom:15″]Prince Vijaya[/dfd_heading]

Prince Vijaya was the first recorded King of Sri Lanka mentioned in the Pali chronicles. His reign is traditionally dated to 543–505 BCE.The primary source for his life-story is the Mahavamsa.
The Sri Lankan chronicle, the Mahavamsa, written circa 400 CE by the monk Mahanama using the Dipavamsa and Sinhala Attakatha as sources, correlates well with Indian histories of the period. Lanka, before colonization by Prince Vijaya, was earlier inhabited by the ancient tribes known as “Yakkhas” and “Nagas”. With the arrival of Prince Vijaya and his 700 followers, the history of the Sinhalese began. Vijaya was the eldest son of King Sinhabahu and his Queen Sinhasivali of Bhurishrestha Kingdom. Vijaya married Kuveni, a local Yakkha princess, like his army marrying off local women. Later this gave rise to the modern Sinhala race. Vijaya landed on Sri Lanka near Mahathitha (Mannar), and named the island Thambaparni “copper-colored palms”.

This is attested in Ptolemy’s map of the ancient world. The Mahavamsa also claims that Lord Buddha visited Sri Lanka three times. In the first instance, it was to stop a war between a Naga king and his son-in-law who were fighting over a ruby chair. It is said that on his last visit, the Buddha left his foot-print on Sripada (Adam’s Peak). Tamirabharani was the old name for the second longest river in Sri Lanka (now known as Malwatu Oya in Sinhala & Aruvi (Aru in Tamil). This river was the main supply-route connecting the capital, Anuradhapura, to Mahathitha (Mannar). The waterway was used by Greek and Chinese ships traveling the southern Silk Route. Mahathitha was an ancient port linking Sri Lanka to Bengal and the Persian Gulf.
At the beginning of the chronicle, the king of Bengal is married to the daughter of the King of Kalinga. Their daughter, Suppadevi, was not only ‘very fair and very amorous’, but was also prophesied to consummate a ‘union with the king of beasts’- in the Mahavamsa, a lion. When this duly happened, she gave birth to two children – Sinhabahu and Sinhasivali. ‘Sinhabahu’ means ‘Lion-Armed’, and the young prince himself is described as having “hands and feet…formed like a lion’s.The family lived together in the lion’s cave, blocked in by a large rock the lion had placed to prevent their exit. Eventually, however, Suppadevi and her two children flee the cave. Later Sinhabahu kills his father with an arrow. Then, marrying his sister, he establishes a kingdom based on a city called Singhapur. Sinhasivali bears him a series of twins; their eldest child is named Vijaya, and his younger twin brother Sumitta. However, a critical twist and serious study by scholars and researchers with further references suggest that the king of Sinhpur/Sinhapura (Sihor) region’s very ancient telltales and references about Prince Vijaya, his exile, his route, are the ones which connect strongly to the history of Sri Lanka and to the Sinhalese people and culture.
Vijaya is described as indulging in “evil conduct and his followers were… (like himself), and many intolerable deeds of violence were done by them.” So antisocial were his activities that the people of the kingdom eventually demanded that the now-aging King Sinhabahu have him executed. Instead Sinhabhu had half their heads shaved, a sign of disgrace, and exiled Vijaya with his followers, their wives and children, from the kingdom – traditionally said to number a total of 700 souls. After resting in several places they are found to be hostile, and the wayward prince and his associates “landed in Lanka, in the region called Tambapanni”.
A second geographical issue is the location of Tambapanni, the landing-site of the Vijaya expedition. The Rajaveliya states that the group saw Adam’s Peak from their boats and thus landed in Southern Sri Lanka, in an area that eventually became part of the Kingdom of Ruhuna. British historian H. Parker narrowed this down to the mouth of Kirindi Oya. This is now thought to be a far too Southerly location. The more favored region currently is between the cities of Mannar and Negombo, and Puttalam, where the copper-colored beaches may have given rise to the name Tambapanni, which means ‘copper-palmed’.

[dfd_single_image image_alignment=”image-left” image=”20527″]
[dfd_heading subtitle=”” content_alignment=”text-left” enable_delimiter=”” undefined=”” title_font_options=”tag:h3|font_size:25″ subtitle_font_options=”tag:div” heading_margin=”margin-bottom:15″]Anuradhapura Kingdom[/dfd_heading]

King Pandukabhaya, the founder and first ruler of the Anuradhapura Kingdom, fixed village boundaries in the country and established an administration system by appointing village headmen. He constructed hermitages, houses for the poor, cemeteries, and irrigation tanks. He brought a large portion of the country under the control of the Anuradhapura Kingdom. However, it was not until the reign of Dutthagamani (161–137 BC) that the whole country was unified under the Anuradhapura Kingdom. He defeated 32 rulers in different parts of the country before he killed Elara, the South Indian ruler who was occupying Anuradhapura, and ascended to the throne. The chronicle Mahavamsa describes his reign with much praise, and devotes 11 chapters out of 37 for his reign. He is described as both a warrior king and a devout Buddhist. After unifying the country, he helped establish Buddhism on a firm and secure base, and built several monasteries and shrines including the Ruwanweli Seya and Lovamahapaya.

Another notable king of the Anuradhapura Kingdom is Valagamba (103, 89–77 BC), also known as Vatthagamani Abhaya, who was overthrown by five invaders from South India. He regained his throne after defeating these invaders one by one and unified the country again under his rule. Saddha Tissa (137–119 BC), Mahaculi Mahatissa (77–63 BC), Vasabha (67–111), Gajabahu I (114–136), Dhatusena (455–473), Aggabodhi I (571–604) and Aggabodhi II (604–614) were among the rulers who held sway over the entire country after Dutthagamani and Valagamba. Rulers from Kutakanna Tissa (44–22 BC) to Amandagamani (29–19 BC) also managed to keep the whole country under the rule of the Anuradhapura Kingdom. Other rulers could not maintain their rule over the whole island, and independent regions often existed in Ruhuna and Malayarata (hill country) for limited periods. During the final years of the Anuradhapura Kingdom, rebellions sprang up and the authority of the kings gradually declined. By the time of Mahinda V (982–1017), the last king of the Anuradhapura Kingdom, the rule of the king had become so weak that he could not even properly organize the collection of taxes.
During the times of Vasabha, Mahasena (274–301) and Dhatusena, the construction of large irrigation tanks and canals was given priority. Vasabha constructed 11 tanks and 12 canals. Mahasen constructed 16 tanks and a large canal. And Dhatusena built 18 tanks. Most of the other kings have also built irrigation tanks throughout Rajarata, the area around Anuradhapura. By the end of the Anuradhapura Kingdom, a large and intricate irrigation network was available throughout Rajarata to support the agriculture of the country. Because the kingdom was largely based on agriculture, the construction of irrigation works was a major achievement of the Anuradhapura Kingdom, ensuring water supply in the dry zone and helping the country grow mostly self-sufficient. Several kings, most notably Vasabha and Mahasena, built large reservoirs and canals, which created a vast and complex irrigation network in the Rajarata area throughout the Anuradhapura period. These constructions are an indication of the advanced technical and engineering skills used to create them. The famous paintings and structures at Sigiriya; the Ruwanwelisaya, Jetavana stupas, and other large stupas; large buildings like the Lovamahapaya and religious works are landmarks demonstrating the Anuradhapura period’s advancement in sculpting.

[dfd_single_image image_alignment=”image-left” image=”20528″]
[dfd_heading subtitle=”” content_alignment=”text-left” enable_delimiter=”” undefined=”” title_font_options=”tag:h3|font_size:25″ subtitle_font_options=”tag:div” heading_margin=”margin-bottom:15″]The Kingdom of Polonnaruwa[/dfd_heading]

The Kingdom of Polonnaruwa was the kingdom from which Sri Lankan kings ruled the island from the 8th century until 1310 CE. Pollonnaruwa was the fifth administrative center of the Kingdom of Rajarata.
The city is situated on the left bank of River Mahaweli. Archeological evidence and accounts in chronicles suggests that the city is as old as Anuradhapura. The Vijithagama settlement made by Vijitha in 400 BC is thought to be situated near the town. Name Pulathisipura is derived from the guardian sage of the city Pulasthi there are several theories on the name Polonnaruwa.According to the most accepted one word is derived from conjunction of to words Pulun which means cotton in Sinhala and Maruwa which mean exchanging. So Pulun+Maruwa=Polonnaruwa

After ruling the country for over 1,200 years from the Kingdom of Anuradhapura, Sri Lanka was captured by Cholas in 1017A.D.Chola King Rajarajan (I) captured Anuradhapura and taken king Mahinda (V) as a captive to India. Mahinda (V) died in India on 1029. Cholas shifted the capital to Polonnaruwa and ruled Sri Lanka for 52 years. Polonnaruwa was named as Jananathamangalam by the Cholas. King Vijayabahu (I) defeated Cholas and regained the Sinhalese lineage. Polonnaruwa had previously been an important settlement in the country, as it commanded the crossings of the Mahaweli Ganga towards Anuradhapura.
Some of the rulers of Polonnaruwa include Vijayabahu (I) and Parakramabahu (I) (Parakramabahu the Great). Most of Polonnaruwa that remains today dates from after the 1150s, as the extensive civil wars that preceded Parakramabahu’s accession to the throne devastated the city. Parakrama Pandyan (II) from Pandyan Kingdom invaded the Kingdom of Polonnaruwa in the thirteenth century and ruled from 1212 to 1215 CE. He was succeeded by Kalinga Magha the founder of the Jaffna kingdom. Kalinga Magha ruled 21 years until he was expelled from Polonnaruwa in 1236.
The Kingdom of Polonnaruwa was abandoned in the 14th century, and the seat of government for the Sinhalese kings was moved to Yapahuwa. Although many factors contributed to this, the leading cause of the abandonment of Polonnaruwa as the kingdom of Sri Lanka was its susceptibility to invasions from south India.

[/dfd_tta_tabs]
[dfd_spacer screen_wide_spacer_size=”25″ screen_normal_resolution=”1024″ screen_tablet_resolution=”800″ screen_mobile_resolution=”480″ screen_wide_resolution=”1280″ screen_normal_spacer_size=”20″ screen_tablet_spacer_size=”20″ screen_mobile_spacer_size=”20″][dfd_tta_tabs style=”collapse” alignment=”left” active_section=”1″]
[dfd_single_image image_alignment=”image-left” image=”20529″]
[dfd_heading subtitle=”” content_alignment=”text-left” enable_delimiter=”” undefined=”” title_font_options=”tag:h4|font_size:25″ subtitle_font_options=”tag:div” heading_margin=”margin-bottom:15″]The Portuguese in Sri Lanka (1505-1658)[/dfd_heading]

By the late fifteenth century, Portugal, which had already established its dominance as a maritime power in the Atlantic, was exploring new waters. In 1497 Vasco da Gama sailed around the Cape of Good Hope and discovered an ocean route connecting Europe with India, thus inaugurating a new era of maritime supremacy for Portugal. The Portuguese were consumed by two objectives in their empire-building efforts: to convert followers of non-Christian religions to Roman Catholicism and to capture the major share of the spice trade for the European market. To carry out their goals, the Portuguese did not seek territorial conquest, which would have been difficult given their small numbers. Instead, they tried to dominate strategic points through which trade passed. By virtue of their supremacy on the seas, their knowledge of firearms, and by what has been called their “desperate soldiering” on land, the Portuguese gained an influence in South Asia that was far out of proportion to their numerical strength.

At the onset of the European period in Sri Lanka in the sixteenth century, there were three native centers of political power: the two Sinhalese kingdoms of Kotte and Kandy and the Tamil kingdom at Jaffna. Kotte was the principal seat of Sinhalese power, and it claimed a largely imaginary overlordship not only over Kandy but also over the entire island. None of the three kingdoms, however, had the strength to assert itself over the other two and reunify the island.

In 1505 Don Lourenço de Almeida, son of the Portuguese viceroy in India, was sailing off the southwestern coast of Sri Lanka looking for Moorish ships to attack when stormy weather forced his fleet to dock at Galle. Word of these strangers who “eat hunks of white stone and drink blood (presumably wine). . . and have guns with a noise louder than thunder. . .” spread quickly and reached King Parakramabahu( VIII) of Kotte (1484-1508), who offered gifts of cinnamon and elephants to the Portuguese to take back to their home port at Cochin on the Malabar Coast of southwestern India. The king also gave the Portuguese permission to build a residence in Colombo for trade purposes. Within a short time, however, Portuguese militaristic and monopolistic intentions became apparent. Their heavily fortified “trading post” at Colombo and open hostility toward the island’s Muslim traders aroused Sinhalese suspicions.

Following the decline of the Chola as a maritime power in the twelfth century, Muslim trading communities in South Asia claimed a major share of commerce in the Indian Ocean and developed extensive east-west, as well as Indo-Sri Lankan, commercial trade routes. As the Portuguese expanded into the region, this flourishing Muslim trade became an irresistible target for European interlopers. The sixteenth-century Roman Catholic Church was intolerant of Islam and encouraged the Portuguese to take over the profitable shipping trade monopolized by the Moors. In addition, the Portuguese would later have another strong motive for hostility toward the Moors because the latter played an important role in the Kandyan economy, one that enabled the kingdom successfully to resist the Portuguese.

The Portuguese soon decided that the island, which they called Cilao, conveyed a strategic advantage that was necessary for protecting their coastal establishments in India and increasing Lisbon’s potential for dominating Indian Ocean trade. These incentives proved irresistible, and, the Portuguese, with only a limited number of personnel, sought to extend their power over the island. They had not long to wait. Palace intrigue and then revolution in Kotte threatened the survival of the kingdom. The Portuguese skillfully exploited these developments. In 1521 Bhuvanekabahu, the ruler of Kotte, requested Portuguese aid against his brother, Mayadunne, the more able rival king who had established his independence from the Portuguese at Sitawake, a domain in the Kotte kingdom. Powerless on his own, King Bhuvanekabahu became a puppet of the Portuguese. But shortly before his death in 1551, the king successfully obtained Portuguese recognition of his grandson, Dharmapala, as his successor. Portugal pledged to protect Dharmapala from attack in return for privileges, including a continuous payment in cinnamon and permission to rebuild the fort at Colombo on a grander scale. When Bhuvanekabahu died, Dharmapala, still a child, was entrusted to the Franciscans for his education, and, in 1557, he converted to Roman Catholicism. His conversion broke the centuries-old connection between Buddhism and the state, and a great majority of Sinhalese immediately disqualified the young monarch from any claim to the throne. The rival king at Sitawake exploited the issue of the prince’s conversion and accused Dharmapala of being a puppet of a foreign power.

Before long, rival King Mayadunne had annexed much of the Kotte kingdom and was threatening the security of the capital city itself. The Portuguese were obliged to defend Dharmapala (and their own credibility) because the ruler lacked a popular following. They were subsequently forced to abandon Kotte and retreat to Colombo, taking the despised puppet king with them. Mayadunne and, later, his son, Rajasinha, besieged Colombo many times. The latter was so successful that the Portuguese were once even forced to eat the flesh of their dead to avoid starvation. The Portuguese would probably have lost their holdings in Sri Lanka had they not had maritime superiority and been able to send reinforcements by sea from their base at Goa on the western coast of India.

The Kingdom of Sitawake put up the most vigorous opposition to Western imperialism in the island’s history. For the seventy- three-year period of its existence, Sitawake (1521-94) rose to become the predominant power on the island, with only the Tamil kingdom at Jaffna and the Portuguese fort at Colombo beyond its control. When Rajasinha died in 1593, no effective successors were left to consolidate his gains, and the kingdom collapsed as quickly as it had arisen.

Dharmapala, despised by his countrymen and totally compromised by the Portuguese, was deprived of all his royal duties and became completely manipulated by the Portuguese advisers surrounding him. In 1580 the Franciscans persuaded him to make out a deed donating his dominions to the king of Portugal. When Dharmapala died in 1597, the Portuguese emissary, the captain-general, took formal possession of the kingdom.

Portuguese missionaries had also been busily involving themselves in the affairs of the Tamil kingdom at Jaffna, converting almost the entire island of Mannar to Roman Catholicism by 1544. The reaction of Sangily, king of Jaffna, however, was to lead an expedition to Mannar and decapitate the resident priest and about 600 of his congregation. The king of Portugal took this as a personal affront and sent several expeditions against Jaffna. The Portuguese, having disposed of the Tamil king who fled south, installed one of the Tamil princes on the throne, obliging him to pay an annual tribute. In 1619 Lisbon annexed the Kingdom of Jaffna.
After the annexation of Jaffna, only the central highland Kingdom of Kandy–the last remnant of Buddhist Singhalese power– remained independent of use control. The kingdom acquired a new significance as custodian of Singhalese nationalism. The Portuguese attempted the same strategy they had used successfully at Kotte and Jaffna and set up a puppet on the throne. They were able to put a queen on the Kandyan throne and even to have her baptized. But despite considerable Portuguese help, she was not able to retain power. The Portuguese spent the next half century trying in vain to expand their control over the Kingdom of Kandy. In one expedition in 1630, the Kandyans ambushed and massacred the whole Portuguese force, including the captain-general. The Kandyans fomented rebellion and consistently frustrated Portuguese attempts to expand into the interior.

The areas the Portuguese claimed to control in Sri Lanka were part of what they majestically called the Estado da India and were governed in name by the viceroy in Goa, who represented the king. But in actuality, from headquarters in Colombo, the captain-general, a subordinate of the viceroy, directly ruled Sri Lanka with all the affectations of royalty once reserved for the Sinhalese kings.

The Portuguese did not try to alter the existing basic structure of native administration. Although Portuguese governors were put in charge of each province, the customary hierarchy, determined by caste and land ownership, remained unchanged. Traditional Singhalese institutions were maintained and placed at the service of the new rulers. Portuguese administrators offered land grants to Europeans and Singhalese in place of salaries, and the traditional compulsory labor obligation was used for construction and military purposes.
The Portuguese tried vigorously, if not fanatically, to force religious and, to a lesser extent, educational, change in Sri Lanka. They discriminated against other religions with a vengeance, destroyed Buddhist and Hindu temples, and gave the temple lands to Roman Catholic religious orders. Buddhist monks fled to Kandy, which became a refuge for people disaffected with colonial rule. One of the most durable legacies of the Portuguese was the conversion of a large number of Sinhalese and Tamils to Roman Catholicism. Although small pockets of Nestorian Christianity had existed in Sri Lanka, the Portuguese were the first to propagate Christianity on a mass scale.

Sixteenth-century Portuguese Catholicism was intolerant. But perhaps because it caught Buddhism at its nadir, it nevertheless became rooted firmly enough on the island to survive the subsequent persecutions of the Protestant Dutch Reformists. The Roman Catholic Church was especially effective in fishing communities–both Singhalese and Tamil–and contributed to the upward mobility of the castes associated with this occupation. Portuguese emphasis on proselytization spurred the development and standardization of educational institutions. In order to convert the masses, mission schools were opened, with instruction in Portuguese and Singhalese or Tamil. Many Singhalese converts assumed Portuguese names. The rise of many families influential in the twentieth century dates from this period. For a while, Portuguese became not only the language of the upper classes of Sri Lanka but also the lingua franca of prominence in the Asian maritime world.

(more…)

Related Images: