ගං වතුර ආපදා තත්වය

මාධ්‍ය නිවේදනය

උතුරු පලාත හා දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක ඇතිවී තිබෙන ගං වතුර ආපදා තත්වය

අධික වර්ෂාපතනය නිසා උතුරු පළාත ඇතුලු දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක ගං වතුර ආපදා තත්වයක් ඇති වී තිබේ. මේ නිසා ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව දහස් ගණනින් අවතැන් වී ඇත. නිවාස වතුරට යටවී ඇත්තා සේම, ප්‍රධාන මහාමාර්ග පවා භාවිතා කළ නොහැකි තත්වයක් ඇතිවී තිබේ. ආපදාවට ලක් වී ඇති ප්‍රදේශ වල ජවතාවට සහන සේවා සැපයීම පිළිබඳ ජනාධිපතිතුමා දැනටමත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවට වාර්ථා වේ. ආපදාවට ලක් වී ඇති සියලුම ප්‍රදේශවල පාහේ, පලාත් සභා නොමැති නිසා, ආපදා සහන සේවා සැපයීම කළමණාකරනය කිරීමේ ප්‍රධාන වගකීම දැන් අදාල අමාත්‍යංශ වලට පැවරේ.

ඒ අනුව ආපදා කළමණාකරන අමාත්‍යංශය ඇතුලු අදාල සෙසු අමාත්‍යංශ සහන සේවා සැපයීම සම්බන්ධයෙන් එම ප්‍රෙද්ශ වල ජනතාව විදින අපහසුතාවයන් අවම වෙන ආකාරයට යුහුසුළුව කටයුතු කරනු ඇති බවට අපි බලාපොරොත්තු වෙමු. තම නිවාස අහිමි වීම, ජීවනෝපාය නැතිවීම වැනි කාරණා නිසා අගතියට පත් වී සිටින ජනතාව විදිනා අපහසුතාවය හා ආර්ථික දුෂ්කරතා ගැන අපි මේ අවස්ථාවේදී කණගාටුව ප්‍රකාශ කර සිටින අතර, අදාල වන්දි ආණ්ඩුව පැත්තෙන් නොපමාව ලබාදීම තුළින් යම් සහනයක් ඔවුන්ට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක

2018 දෙසැම්බර් 25

2018 _________ 25 _____

Related Images:

මේක අපි ලබපු ජයග‍්‍රහණයක් – මහින්ද

හඩෙන් ඡන්ද ගන්න කථානායකට අපේ හඩ ඇහෙන්නේ නෑ
පාර්ලිමේන්තුවේ 2/3ක බලය නැති කිරීම අප ලැබූ ලොකු ජයග‍්‍රහණයක්

බල අරගලයක තාවකාලික නිමාව සනිටුහන් කර ඔහු එහි ඊළඟ අදියර සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව පෙනුණි. ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක, මැතිඇමැතිකම් සියල්ල තුළ කිසිදු වෙනසක් නොමැතිව සුපුරුදු අරගලකාරී දේශපාලනයේ ඔහු යෙදෙමින් සිටී. මහින්ද රාජපක්‍ෂ මහතා පිළිබඳව ලාංකේය දේශපාලනය වෙන් වී ඇත්තේ අරගලයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ලියැවුණු පරිච්ෙඡ්දයකි. ඔහු සිය ඉදිරි දේශපාලන සැලසුම් පිළිබඳව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමඟ කරන ලද සාකච්ඡාවයි මේ.

ප‍්‍රශ්නය :- ඔබතුමා හිටපු ජනාධිපති, හිටපු අගමැතිවරයා වශයෙන් හැඳින්වුවත් වර්තමානයේ ඔබ විපක්‍ෂ නායකවරයා ඇත්තෙන්ම අපි ඔබතුමා හැඳින්විය යුත්තේ කොහොමද?

පිළිතුර :- ඔය කුමකින් හැඳින්වුවත් මම මහින්ද රාජපක්‍ෂමයි. මේ ගැන මම මෙයට පෙරත් සඳහන් කර තිබෙනවා. ජනාධිපතිකම්, අගමැතිකම්, විපක්‍ෂ නායකකම්, ඇමැතිකම් දරා තිබෙනවා. මේ සියල්ලක්ම තාවකාලික තනතුරු. ඒ නිසා මම හැමදාම එදා සිටි මහින්ද රාජපක්‍ෂයි. මම 1970 මන්ත‍්‍රීවරයෙක් වශයෙන් පටන්ගන්නේ. එදා සිට මන්ත‍්‍රීවරයෙක්. එම නිසා ඔබ කුමකින් හැඳින්වුවත් මා කවුද කියා ජනතාව දන්නවා. මට බලලෝභී කමක් නැහැ.

ප‍්‍රශ්නය :- පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදා අගමැති ලෙස පත් වනවිට ඔබට බහුතරයක් තිබෙන බව ප‍්‍රකාශ වුණා. ඒ ඇත්තටම එසේ සිදුවුණේ නැහැ. සියලූ සිද්ධිදාමය තුළ වුණේ මොකක්ද කියන ප‍්‍රශ්නයට පිළිතුරක් ඔබ ළඟ තිබෙනවාද?

පිළිතුර :- මොකුත් වුණේ නෑ. යම් යම් හේතු තිබුණා. එම නිසා එන අය ආවෙ නෑ. මම නම් කාටවත් කතා කළේ නෑ. එ. ජා. ප. යේ විදේශගතව සිටි යම් පිරිස් මට දුරකථනයෙන් කතා කරල කිව්වෙ ඔවුන් කොළඹට ආවම මා සමග එකතු වෙනවා කියලා. ඒ කවුද කියලා නම් හෙළිකළ යුතු නැහැ.

අධිකරණයේ තීන්දුවක් දෙන තෙක් මට ඉන්න තිබුණ. මහ මැතිවරණයක් නොමැතිව අගමැති ධුරයක් දැරීමට මගේ කිසිදු බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. 26 වැනිදා අගමැති ලෙස දිවුරුම් දුන්නෙ වැඩිම වුණොත් ජනවාරි 5 වැනිදාට නියම කර තිබුණු මහ මැතිවරණය අවසන් වන තෙක් මාස දෙකක් වැනි කාලයකට අන්තර්කාලීන පාලනයක් ගෙන යෑමට විතරයි. අධිකරණ තීන්දුව ජනවාරි 17 වැනිද එන තෙක් මට ඉන්න තිබුණ. නමුත් ඊට වඩා මට රට වටිනවා. රට අස්ථාවර වීමට ඉඩදිය නොහැකි නිසා මා ඉවත් වුණා.

ප‍්‍රශ්නය :- ඇත්තටම ඔබට හිතෙන්නෙ නැද්ද අගමැති ධුරය භාර නොගෙන රජයේ අවුරුදු 1 1/2 ක කාලය ගෙවෙන්නට හැර ඡන්දයකට ඉදිරිපත් වුණා නම් හොඳයි කියලා?

පිළිතුර :- ඕව් සමහර අය එහෙම කියනව. ඔබ ඔය ප‍්‍රශ්නය අහන්නෙත් ඒ නිසයි. හැබැයි හොඳට හොයල බැලූවොත් එහෙම කියන බොහෝ දෙනා එජාපයේ බව පෙනෙයි.

ප‍්‍රශ්නය :- අඩියක් පස්සට ගන්නට තීරණය කිරීම නිසා යම් පසුබෑමක් ඇතිවුණා කියලත් සමාජයේ මතයක් තිබෙනව?

පිළිතුර :- කිසිසේත් නැහැ. අපි තදින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග බැඳුණු අය. 2015 දී ශ‍්‍රීල.නි.ප. යේ පිරිසක් එ.ජා.ප ය සමග එකතුවීමට ගත් තීරණයත් සමගයි අපි විපක්‍ෂයට ගියේ. එදා සිට අපි විපක්‍ෂයේ සිටියෙ. ඒ තිබුණු මංගල්‍ය කඩලා නැවත ශී‍්‍ර.ල.නි.ප. ය යූ.එන්.පී. විරෝධී අධිරාජ්‍ය විරෝධී ජනතාවාදී පක්‍ෂයක් බවට පත් කළා. ඒ අය නැවත අපේ ප‍්‍රවාහයට ඇතුළු වුණා. ඒක අප ලැබූ ලොකු ජයග‍්‍රහණයක්.

ප‍්‍රශ්නය – ඔබ අගමැතිවරයා ලෙස පත්වීමට රටේ විශාල වෙනසකට මුල පිරීමක් හැටියටයි බහුතර ජනතාවක් දැක්කේ. ඒ නිසාම රටේ විශාල පිබිදීමක් දකින්නට තිබුණා. එහෙත් මේ සිදුවීමත් සමඟ එහි යම් කඩාවැටීමක් ඇති වුණා කියල හිතෙන්නෙ නැද්ද? දැන් මොකක්ද ඊළඟ පියවර?

පිළිතුර – අපි ශක්තිමත් විපක්‍ෂයක් ලෙස කටයුතු කරමින් ආණ්ඩුව පෙරළීමට කටයුතු කරනවා. විපක්‍ෂයේ වගකීම ඒකනෙ. අපි ඒක කළානෙ. විපක්‍ෂයේ කියල හැමදාම විපක්‍ෂයෙ ඉඳගෙන දැන් ඉන්න ජ.වි.පෙ. හා දෙමළ සන්ධානය වගේ බොරුවට බැණ බැණ ආණ්ඩුවට සහයෝගය දීම නොවෙයිනෙ කළ යුත්තෙ. පෙරළන්න පුළුවන් අවස්ථාවකදි පෙරළීමයි. අපි ආණ්ඩුව ආරක්‍ෂා කරන්නෙ නෑ. විපක්‍ෂයක් ලෙස අපේ වැඩපිළිවෙළ අපි දියත් කරනව. ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව අපි නැගී සිටිනවා.

ප‍්‍රශ්නය – එ.ජා.ප. ය හා ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන්නෙ ජනාධිපතිවරයා හා ඔබතුමා කුමන්ත‍්‍රණයක් කළා කියලා.

පිළිතුර – නෑ. සම්පූර්ණ අසත්‍ය චෝදනාවක්. කුමන්ත‍්‍රණය කළේ ඒ අයයි. ජනතා විමුක්ති පෙරමුණට එක්සත් ජාතික පක්‍ෂය ආරක්‍ෂා කරමින් ආණ්ඩුවක් පිහිටුවීමට ජන වරමක් නැහැනෙ. එහෙම ජනතා වරමක් දී තිබේද කියල මම නම් දන්නෙ නෑ. මම විශ්වාස කරන්නෙ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්නෙ යූ.එන්.පී.යට මුක්කු ගැසීමට නොවෙයි කියලයි.

ප‍්‍රශ්නය – එ.ජා.ප.යටත් පාර්ලිමේන්තුවේ 113 ක සරල බහුතරය නෑ. දෙමළ සන්ධානය හා ජ.වි.පෙ. ඉන්නෙ විපක්‍ෂයේ. දැන් ඔබතුමාලට බැරිද ආණ්ඩුවට එරෙහිව විශ්වාස

භංග යෝජනාවක් ගෙනවිත් හඬ අනුව සම්මත කිරීමට.

පිළිතුර – හඬ ගැන අහන්න ඕන කථානායකවරයගෙන්. ඔහුට අපේ හඬ ඇහෙන්නෙ නෑ.

ප‍්‍රශ්නය – පළාත් පාලන, පළාත් සභා මැතිවරණ කල් දැමීමට එරෙහිව අධිකරණයට නොගිය මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් මහ මැතිවරණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරියාම ඊට එරෙහිව අධිකරණයට යෑම දේශපාලන අවශ්‍යතාවයක් මත කරපු දෙයක් හැටියටත් සමහරු කියනව ඒක ඇත්තද?

පිළිතුර – අනිවාර්යෙන්ම එය දේශපාලන කි‍්‍රයාවලියක්. ස්වාධීන කොමිෂන් සභා කියල දාගත්තට වැඩක් නැහැ. හුඟක් අවස්ථාවලදී ජනාධිපතිවරය පසුගිය දින රනිල් වික‍්‍රමසිංහ මහතා ළඟ තියාගෙන කියපු කතා තුළ කොමිෂන් සභා ගැනත්, කියනවානේ. නඩුකාරවරු පත්කිරීමේදී සුදුසුකම් තිබෙන ජ්‍යෙෂ්ඨයන් යෝජනා කළාම ඒ නම් ඉවත් කර ඒ අයට ඕන අය පත්කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් තිබුණු බවට ජනාධිපතිතුමා ලොකු චෝදනාවක් කළා. ජනාධිපතිවරයගෙ කතාවෙන් ඕන කෙනකුට තේරුම් යනව.

ජනාධිපතිවරයගෙ බලතල පවා උදුරාගෙන වැඩ කරන්න පටන් ගත්ත කියල කිව්ව. ජනාධිපතිවරය ඒ කියපු එක දෙයක්වත් අගමැතිවරය ප‍්‍රතික්‍ෂේප කළේ නැහැ. නිහඬව අසාගෙන හිටිය.

ප‍්‍රශ්නය – ඉදිරි මාස 12 තුළ දේශපාලනික වශයෙන් රටේ මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද?

පිළිතුර – මං හිතන්නෙ මාස 12 ක් යන එකක් නැහැ.

ප‍්‍රශ්නය – මැතිවරණයක් කුමන කාලයක් තුළ බලාපොරොත්තු වෙනවද?

පිළිතුර – මගේ නම් බලාපොරොත්තුව හය මාසයකින් වගේ. සමහර විට ඊට මෙහා වෙන්නත් පුළුවන්. රට තුළ තිබෙන දේශපාලන පසුබිම දෙස බැලූවම පේනව.

ප‍්‍රශ්නය – දින පනහක අගමැති ධුරය දරන කාලය තුළ ඔබට රටට යමක් කරන්න පුළුවන් වුණාද?

පිළිතුර – ඔව්. පීඩනයට පත්ව සිටි ජනතාව යම් ප‍්‍රමාණයකින් එම පීඩනයෙන් මුදා ගැනීමට හැකි වුණා. වැට් බද්ද ඇතුළු අනෙකුත් බදු අඩු කළා. පොහොර සහනාධාරය, බඩු මිල අඩුකිරීම, පෙට‍්‍රල් මිල තෙවරක් අඩු කිරීම තුළින් ජනතාවට සහන රැසක් ලබාදීමට හැකිවීමත් තවත් ජයග‍්‍රහණයක්. එ.ජා.ප. ආණ්ඩුවට තෙල් මිල අඩු කිරීමට ඕනෑ තරම් අවස්ථා තිබුණා. නමුත් ඔවුන් අඩු කළේ නැහැ.

පැවැති ආණ්ඩුවට ජනතාව ඕනෑවටත් වඩා බදු බර පටවා පීඩාවට ලක්කර තිබුණා.

ඒ වගේම පාර්ලිමේන්තුවේ 2/3 ක බලය නැති කිරීම අප ලැබූ ලොකු ජයග‍්‍රහණයක්. ඒ බලය තිබුණ නම් රට බෙදන ව්‍යවස්ථාව නොවැම්බර් 7 වැනිද සම්මත කරගැනීමේ වැඩපිළිවෙළක් තිබුණ. එය නැති කළා. ඒ වගේ අද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් එකට එක්ව පුළුල් පෙරමුණක් බවට පත්වෙලා. එයත් ලොකු ජයග‍්‍රහණයක්.

ප‍්‍රශ්නය – මේ සිදුවූ දේ පිළිබඳ පෙළගැස්වීමක් කර බැලූවොත්?

පිළිතුර :- මුලදී මෙවැනි සාකච්ඡාවක් පිළිබඳව වාසුදේව නානායක්කාර මහතා ඇතුළු පිරිසක් මට කිව්ව. ඉන්පසු එස්. බී., ලක්‍ෂමන්, ඩිලාන්, තිලංග යන අය මාව හමුවුණා. වාසු මට ඒ ගැන මුලින් කියන කොට මම එය ප‍්‍රතික්‍ෂේප කරමින් මට තනිවම ඒ පිළිබඳ තීරණයක් ගත නොහැකි බව කිව්ව. දෙතුන් වරක් ජනාධිපති හමුවුණා.

ප‍්‍රශ්නය – ජනාධිපතිවරයා හා ඔබතුමා අතර වර්තමානයේ තිබෙන්නෙ කුමන අවබෝධතාවයක් ද?

පිළිතුර – අප අතර හොඳ අවබෝධයක් තියෙනව. මෛති‍්‍රපාල සිරිසේන මහතා හැත්තෑ ගණන්වල ඉඳලා දන්න කෙනෙක්. අප දෙගොල්ලො 2014 වනතෙක් සහයෝගයෙන් කටයුතු කළා. 2014 ප‍්‍රශ්නයක් ඇවිත් ඔහු අපෙන් ඉවත් වෙලා ගිහින් ජනාධිපතිවරණයෙන් ජය ගත්ත.

ජයග‍්‍රහණය කළ හැකි බවට අවස්ථාවක් ආවම එතුමා ඉන් ප‍්‍රයෝජන ගත්ත. එහි වරදක් තිබෙන බවක් මා දකින්නෙ නෑ. ජනතාවනෙ එය තීන්දු කළේ. දිනුම පැරදුම අපිට හොඳට පුරුදුයි. එය පිළිගන්න බැරිනම් දේශපාලනය කරන්න බැහැ.

ප‍්‍රශ්නය – ජනාධිපතිවරයා විසින් ඔබතුමා මෙවරත් යම් උගුලකට හසුකළා කියල හිතෙනවද?

පිළිතුර – නෑ. මම එහෙම හිතන්නෙ නෑ. දේශපාලන උගුලකට හසුවෙනවා කියන්නෙ ඒ උගුලට හසුවෙන කෙනාගෙ දුර්වලකමක්. කිසිම ලෙසකින් මා උගුලකට හසු නොවුණ බව මට විශ්වාසයි.

ජනාධිපතිවරයා සද්භාවයෙන් කරපු දෙයක්. එතුමා නීති විශාරදයන්ගෙ උපදෙස් ගත්ත. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්න. අපි එය පිළිගන්නව.

ප‍්‍රශ්නය – මේ අවස්ථාවෙ අගමැති ධුරය ලබාගැනීමට ඔබතුමා පෙලඹුණේ ඇයි?

පිළිතුර – එක පැත්තකින් රටේ සම්පත් විකුණගෙන විකුණගෙන ගියා. අනෙක් පැත්තෙන් ඉඩම් දීගෙන ගියා. රට බෙදන ව්‍යවස්ථාව මේ ආදී රටට අහිතකර දේ කරගෙන ගියා. පසුගිය කාලය පුරා විපක්‍ෂය ලෙස අපි මේව විවේචනය කළා. ඒ වැඩපිළිවෙළ නවත්වන්න පුළුවන් ක‍්‍රමය මොකද්ද? එහෙනම් අනිවාර්යයෙන් එතැනට ඇතුළු විය යුතුයි. ඒ අවස්ථාව ලැබුණා. කරගෙන ගිය රටට අහිතකර වැඩපිළිවෙළ නැවැත්වීමට ඒ අවස්ථාව අපි ප‍්‍රයෝජනයට ගත යුතුයි.

විපක්‍ෂයේ සිටින අපට ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කළාම විපක්‍ෂයක් ලෙස රට වෙනුවෙන් අපි ඒ වගකීම භාරගන්න ඕන. එහි කිසි වරදක් නෑ. සම්බන්ධන් මහතාට ආරාධනා කළොත් නොගෙන ඉඳියිද?

ප‍්‍රශ්නය – මේ ගත් තීරණය පිළිබඳ පසුතැවීමක් නැද්ද?

පිළිතුර – මගේ දේශපාලන තීන්දු පිළිබඳව කිසි දිනක මා පසුතැවෙන්නෙ නෑ.

ප‍්‍රශ්නය – ජනාධිපතිවරයා ගත් ඒ තීන්දුව වෙනස් කිරීමට ජාත්‍යන්තර බලපෑම් තිබුණ කියනවා. ඒ ගැන ඔබ දරන්නෙ කුමන මතයක්ද?

පිළිතුර – ජනාධිපතිවරයා වෙනස් කළේ නැහැනෙ. අධිකරණය තීන්දුවක් දුන් පසු අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයාට අවහිරයක් නොවීමට මා ඉල්ලා අස්වුණා.

විදේශ බලපෑම් අනිවාර්යෙන්ම තිබුණ බව පැහැදිලියි. 2015 දීත් ඒක තිබුණ. මම ඒ පිළිබඳව ප‍්‍රසිද්ධියෙ චෝදනා කළා. ඒ වගේ අදත් ඒ බලපෑම තිබුණ. අපි දුටුවානෙ පාර්ලිමේන්තු ගැලරියෙ ඉඳගෙන අත්පුඩි ගහනකොට. එවැන්නක් විදේශ තානාපතිවරයකුට සුදුසුද? එවැනි තත්ත්වයක් තිබුණා. 2015 දී ඇමෙරිකාවෙ විදේශ ලේකම් ජෝන් කෙරී කිව්වානෙ මිලියන 480 ගණනක් රටවල් තුනක ආණ්ඩු පෙරළන්න වියදම් කළා. ඉන් ජයග‍්‍රහණ ලැබුව කියල. ඔවුන් ජයග‍්‍රහණය ලැබූ එක රටක් තමයි ශී‍්‍ර ලංකාව. මේ කතාව ප‍්‍රසිද්ධියෙ කියපු එකක්.

ඒ අවස්ථාවේ එංගලන්තයේ හිටපු අගමැතිවරයාත් කිව්ව ඒ සම්බන්ධයෙන් ඔවුන්ටත් අයිතිය තිබෙනව කියල. එහෙනම් එදා අපේ ආණ්ඩුව පෙරළන්න කවුද වැඩකර තියෙන්නෙ කියල පැහැදිලියි.

ඒ වෙලාවෙ මේ ප‍්‍රකාශය කළාට කවුරුත් ගණන්් ගත්තෙ නැහැ. නමුත් අද ඒ දෙස බැලිය යුත්තේ ඊට වඩා ගැඹුරින් සිතා. දේශපාලන කෝණයෙන් ඒ දෙස බලන්න නරකයි. ඊට වඩා ස්වාධීනව විග‍්‍රහ කර බැලීම මාධ්‍ය ලෙස ඔබේ වගකීමක්. මේ මුදල් ගියේ කාටද කියල බලන්න අපේ ආණ්ඩුව පෙරළන්න ඒ මුදල් යෙදවූ බවනම් පැහැදිලියි.

ප‍්‍රශ්නය:- වර්තමානයේ උද්ගත වී තිබෙන තත්ත්වය තුළ විධායක ජනාධිපති බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන් ඔබේ අදහස මොන වගේ එකක්ද?

පිළිතුර:- දේශපාලන වශයෙන් විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධ බව අපි කියලා තිබෙනවා. නමුත් රටේ තිබෙන තත්ත්වය බැලූවම එල්ටීටීඊය රටේ තවම කි‍්‍රයාත්මක වෙනවා. තවත් මුදල් ලැබෙනවා. වෙනත් ස්වරූපවලින් අද එළියට එන බවක් පේන්න තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට මේ අවස්ථාවක් නොවෙයි.

ජනතා අනුමැතියකින් තොරව 19 වැනි සංශෝධනය හරහා ජනාධිපතිවරයාට ජනතාව දී තිබෙන විධායක බලය කොල්ල කෑමක් වී තිබෙනවා. ජනාධිපතිවරයා නොදැනුවත්ව සමහර බලතල එමඟින් ලබාගෙන තිබෙනවා.

19 වන සංශෝධනය අනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි. මා දුටුවා එජාපයෙත් සමහරුන් කියනවා මෙය වෙනස් විය යුතුයි කියලා. මෙය කඩිමුඩියේ අප ඉවත් කිරීමට ගෙනා දෙයක්, විශේෂයෙන් මෙය රාජපක්‍ෂවරුන් ඉවත් කිරීමට ගෙනා යෝජනාවක්.

ප‍්‍රශ්නය:- ඉදිරි මහ මැතිවරණයක් පිළිබඳ සූදානම කෙසේද?

පිළිතුර:- අපි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු සියලූ ප‍්‍රගතිශීලී බලවේග ඒකරාශී කරගෙන පුළුල් සන්ධානයක් ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ. ඒ කටයුතු මේ දිනවල කරගෙන යනවා.

මහ මැතිවරණයකට යනවානම් අපි දෙපාර්ශවයටම හොඳයි. ජනාධිපතිවරණයට වුණත් අපි ලෑස්තියි. මහජනතාව අපේක්‍ෂා කළ ආණ්ඩු වෙනස සාක්‍ෂාත් කර ගැනීම දැන් කල් ගිහින්. ඒ කොහොම නමුත් අවසානයේදී ජනතාව බලාපොරොත්තු වන වෙනස අනිවාර්යයෙන්ම ලැබෙනව.

ප‍්‍රශ්නය:- මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ බලාපොරොත්තුවක් තිබෙන නිසා පොහොට්ටුවේ සහයෝගය බලාපොරොත්තුවෙන් මේ සැලැස්ම කි‍්‍රයාත්මක කළ බව කියනවා? එය ඇත්තක්ද?

පිළිතුර:- නැහැ. එහෙම දෙයක් නෑ. ජනාධිපතිවරයා කොයිම අවස්ථාවකවත් අප සමග ජනාධිපති අපේක්‍ෂක විය යුතුයි කියන මතය එතුමා ඉදිරිපත් කරලා නැහැ. සමහරු ඒ කතාව එතුමා කිව්වම ඒ කරුණ මේ අවස්ථාවේ අදාළ නොවන බව පැහැදිලිව ප‍්‍රකාශ කළා.

මා සමග කාටවත් වැඩ කිරීමට බැරි කමක් නැහැ. අපේ පක්‍ෂයේ ඉදිරිපත්වන ඕනෑම කෙනෙකුට එක හා සමානව උදව් කරනවා.

ප‍්‍රශ්නය:- ජනතා පරමාධිපත්‍ය බලය ලබාදීමට ගිහින් නේද මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවුණේ.

පිළිතුර:- ජනාධිපතිවරයා කි‍්‍රයා කළේ මැතිවරණයක් තුළින් ජනතාවට ඒ අයිතිය ලබාදීමටයි. පාර්ලිමේන්තුවේ 225 කට තීන්දුව ගන්න ඉඩ නොදී ඒ අයිතිය ජනතාවට දිය යුතුයි කියලා. නමුත් අධිකරණය 122 කට දිය යුතුයි කිව්වම ඊට එහාට යන්න බැහැ.

ප‍්‍රශ්නය:- ප‍්‍රධාන විපක්‍ෂය ලෙස විපක්‍ෂයේ අනෙක් කණ්ඩායම් සමග ඉදිරියේදී කටයුතු කරන්නේ කොහොමද?

පිළිතුර:- ඒ අය සමග අපි සාකච්ඡා කිරීමට සූදානම්. ඔවුන් එයිද නැද්ද මා දන්නේ නෑ. නමුත් අපි ආණ්ඩුවට පන්දන් නොඅල්ලන විපක්‍ෂයක් සමග වැඩ කිරීමට සූදානම්.

විපක්‍ෂ ලෙස ගත්තම අපිට කවුරුත් එකයි. ඒක දෙමළ සන්ධානයද, ඩග්ලස් දේවානන්ද කියල ප‍්‍රශ්නයක් නැහැ. නමුත් මේ දෙමළ සන්ධානයේ සුමන්තිරන්ලා වගේ අය කටයුතු කරන්නෙ වෙනත් න්‍යාය පත‍්‍රයක සිටයි. ඔවුන් කටයුතු කරන්නේ ජාතීන් ළං කිරීමට නොව ඈත් කිරීමටයි.

ප‍්‍රශ්නය:- ඔබතුමාලා ඔක්තෝබර් 26 දා කළ විප්ලවයෙන් එජාපයට වාසිදායක තත්ත්වයක් ඇති වුණා කියලා කියනවා. එය ඇත්තක්ද?

පිළිතුර:- කවුද කියන්නෙ ඒ පක්‍ෂයේ අය නම් කියනවා. ජනමතයක් තිබේනම් බිය නොවී හෙට ඇවිත් ඡන්දයක් තියා ජනමතය උරගා බැලිය හැකියි.

එජාපය බලයට ඇවිල්ලා රටේ සම්පත් විකුණන විට, රටට අහිතකර ගිවිසුම් කි‍්‍රයාත්මක කරන විට, පාක්‍ෂිකයෝ නිදාගෙන සිටියා. දැන් එක පාරට රනිල්ට වදිනකොට එජාපය අවදි වෙලා සටන් කරනවා. ඒ හැර වෙන දෙයක් නෙවෙයි.

ප‍්‍රශ්නය:- ඔබතුමා කියා හිටියා ආණ්ඩුව මෙහෙයවීමේ රිමෝට් එක තියෙන්නේ දෙමළ සන්ධානයේ අත කියලා.

පිළිතුර:- ඔව්. ඒකනේ ඇත්ත. 113 හදාගන්න එජාපයට දෙමළ සන්ධානයේ ඡන්ද ටික අවශ්‍යයි. නැතිනම් ඔවුන්ට තියෙන්නේ 103 යි. චම්පික රණවක ඒ නිසා නේ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේ අපේ අයට ඇවිත් ඒ රිමෝට් එක ගන්න කියලා.

ප‍්‍රශ්නය:- ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනාවොත්?

පිළිතුර:- අනිවාර්යෙන් අපි ඊට විරුද්ධ වෙනවා. ජනාධිපතිවරයාට එවැන්නක් ගේන්න හේතුවක් තිබෙන බවක් පේන්න නෑ.

ප‍්‍රශ්නය:- ඔබතුමන්ලාගේ පක්‍ෂයේ තවත් අය යන්න සිටිනවද?

පිළිතුර:- ඒක මට කියන්න බෑ. මට පේන කියන්න බෑ. යන අයගේ දේශපාලන අනාගතය ඔවුන් සිතිය යුතුයි.

ප‍්‍රශ්නය:- ජවිපෙ, එජාපය කියන්නෙ ඔක්තෝබර් 26 වැනිදා කළ කුමන්ත‍්‍රණය පරදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කළා කියලා.

පිළිතුර:- කුමන්ත‍්‍රණ කළේ ඔවුන්. ජනාධිපති බලතල උදුරා ගැනීමට කුමන්ත‍්‍රණ කළ නමුත් ජනාධිපතිවරයා සමග එක්වෙලා අපට හැකිවුණා එජාප ආණ්ඩුව කරගෙන ගිය කුමන්ත‍්‍රණය පරාජය කිරීමට.

ප‍්‍රශ්නය:- අගමැතිවරයා ඉදිරියේ තියාගෙන පසුගියදා ජනාධිපතිවරයා කළ කතාව පිළිබඳව ඔබතුමාට හිතෙන්නෙ කොහොමද?

පිළිතුර:- ජනාධිපතිවරයා සත්‍ය ප‍්‍රකාශ කළ බව පැහැදිලියි. කිසිවෙක් ඊට උත්තරයක් දුන්නෙ නැහැ. ජනාධිපතිවරයා කියන දේ සත්‍යයෙන් තොර නම් ඒ බවට ප‍්‍රකාශයක් කිරීමට තිබුණා. සජිත් පේ‍්‍රමදාසගේ පිළිතුරු කතාවේදීවත් එය අසත්‍ය බවක් කිව්වේ නෑ. ඒ ගැන වචනයක් නොකියා නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් පෙනී ගියේ එය සත්‍යයි කියලා.

ප‍්‍රශ්නය:- ඔබතුමාට බහුතරය හදාගන්න දෙමළ සන්ධානයේ සහයෝගය ලබා ගැනීමට නොහැකිවුණේ ඇයි?

පිළිතුර:- දෙමළ සන්ධානයේ කොන්දේසිවලට එකඟවීමට ගියා නම් රටම පාවාදීමට සිදුවෙනවා. මා ළඟට ගෙනාව යෝජනා තමයි එජාපයටත් ඉදිරිපත් කරන්න ඇත්තේ.

ඒ කොන්දේසිවලට එකඟ වුණානම් දෙමළ සන්ධානයේ පූර්ණ සහාය ලැබෙනවා. මට රට පාවාදීමට බැරි නිසා මම එම යෝජනා ප‍්‍රතික්‍ෂේප කළා. එජාපය යෝජනාවන්ට එකඟ වෙන්න ඇති. යෝජනා සිද්ධාර්ථන් මහතා ප‍්‍රතික්‍ෂේප කරලා නැහැ. ඇත්ත කතාව කි‍්‍රයාත්මක වෙන විට පෙනෙයි. පෙබරවාරි වෙනකොට නව ව්‍යවස්ථාව ගෙනෙයි. ගෙනත් බලය උරගා බලයි.

ප‍්‍රශ්නය:- හඬෙන් සම්මත කර ගනියිද?

පිළිතුර:- එහෙම වුණොත් තමයි ලෙඬේ. නමුත් ඊට වඩා හඬක් මතුවෙයි.

ප‍්‍රශ්නය:- අතුරු සම්මත ගිණුම අනුමත කර ගැනීම කොහොම වෙයිද?

පිළිතුර:- එය සම්මත වෙයි. එය සම්මත කර ගැනීමට අපි බාධා කරන්නේ නැහැ. රට අස්ථාවර කරන්න අපට අවශ්‍ය නැහැ. අස්ථාවරත්වයක් රටේ ඇතිවෙයි කියලානෙ මම ඉවත් වුණේ. මටත් ඕක ඉදිරිපත් කරලා පරාජය වෙන්න තිබුණා. නමුත් මම එහෙම කළේ නෑ. ඔවුන් බලන්නේ ඔවුන්ගේ දේශපාලන ඇසින් විතරයි. මට එහෙම බලන්න බෑ. තවත් රට වැටෙන්න ඉඩ දෙන්න මට බෑ.

සාකච්ඡා කළේ – අනුර බාලසූරිය

Related Images:

ඩුබායි ග්ලෝබල් විලේජ් ප්‍රදර්ශනය

පවුලේ අය නිරන්තරයෙන් යෝජනා කිරීමෙන් පසුව මම සහ මගේ පවුලේ අය ඩුබායි ග්ලෝබල් විලේජ් වෙත යාමට තීරණය කළෙමු. මෙම සංචාරයෙන් අපි සෑහීමකට පත් වෙමු, ලොව පුරා බොහෝ සංස්කෘතීන් ඔවුන්ගේ ආහාර සහ සංගීතය වැනි ප්‍රසිද්ධ වී ඇත්තේ කුමක් ද යන්න අපට දැකගත හැකි විය. රටවල් වෙන්කිරීම සඳහා ඉදිකරන ලද ව්‍යුහයන් ද සිත්ගන්නා සුළු විය.
ඩුබායි ග්ලෝබල් විලේජ් ප්‍රදර්ශනය නොවැම්බර් මස 22 දින ඩුබායි ලැන්ඩ් හිදී අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. ලෝකයේ රටවල් 68ක් සහභාගී වන 2300කට අධික ප්‍රදර්ශකයින් සහ ව්‍යවසායකයින් තම භාණ්ඩ සහ සේවා මෙහිදී ප්‍රදර්ශනය කරයි. මිලියන 5කට අධික නරඹන්නන් සංඛ්‍යාවක් ලොව නන්දෙසින් මෙම ප්‍රදර්ශනයට වාර්ෂිකව පැමිණේ. දිනපතා ප.ව. 4.00 සිට රාත්‍රී 12.00 දක්වා විවෘතව පවතී. මෙවර ඩුබායි ග්ලෝබල් විලේජ් ප්‍රදර්ශනයේ ඉන්දියා මණ්ඩප ඇතුලත ශ්‍රී ලාංකික කුටි 2 ක්දෙ ඇත. 
 
In the past year some 5 million people visited Dubai’s Global Village—a bright lights entertainment hub with games, rides, food and fun. Travelers can find world-class shopping, a wide array of restaurants and live shows that range from cultural dance to daredevil stuntmen at this amusement park place in the heart of UAE. 
Global Village highlights not only what makes Dubai’s culture and traditions so unique, but the UAE’s love of glitter and glam, too. Still, visitors agree that entertainment options here stretch far beyond the local flavor. Kid-friendly shows cater to a younger set, while international concerts and street performers offer something for the adults in the crowd, too. And for those who want to ride the rides, dozens of amusement park-style options are available for children, families and thrill-seekers.
 

Related Images:

ඩුබායි රාමුව නරඹන්න

මගේ මතය අනුව, මෙම ව්‍යුහය නිසැකවම අද්විතීය අදහසක් වන අතර, දෙපස ජනේල දෙස බැලීමෙන් “පැරණි” සහ “නව” ඩුබායි අතර වෙනස ග්‍රහණය කර ගැනීම සඳහා රාමුවක් තැනීම. ඉහළින්, බිම සංවේදී බවක් නොපෙනෙන විට පාරදෘශ්‍ය වන අතර පසුව එය විනිවිද පෙනෙන අතර අපට කෙලින්ම බැලීමට ඉඩ සලසයි, රාමුවේ අලංකාර රන්වන් රටාවට අවධානය යොමු කරයි, මෙය මගේ පුතාගේ සහ දියණියගේ ග්‍රහණය කරගත් ලක්ෂණයයි අවධානය. ගමන අවසානයේදී අපට සංවර්ධනය පිළිබඳ නගරයේ අනාගත සැලසුම් මෙන්ම අපට නිසැකවම උද්දීපනයක් ඇති කරයි.

The UAE’s latest cultural landmark, Dubai Frame is an iconic structure that ‘frames’ impressive views of Old and New Dubai, while serving as a metaphorical bridge connecting the emirate’s rich past with its magnificent present. Offering spectacular panoramic views across the city, Dubai Frame celebrates the story of Dubai from its early establishment to its ambitious plans for future development.

Starting from the mezzanine, the visitors enter to a multimedia exhibition charting the city’s rapid transformation from a fishing village to a thriving modern metropolis, with fascinating insights on Emirati heritage. 3D projections and special effects all contribute to the multi-sensory experience, which brings the sights, sounds and smells of ‘Old Dubai’ to life.

Visitors are directed to the second experience on the Sky deck level representing the Present Dubai. They experience uninterrupted views of Dubai from all sides, “Old Dubai” to the north, and “New Dubai” to the south. This is supported by interactive applications such as augmented reality activated screens, whereby the visitors can identify different buildings and landmarks, by exploring interesting facts or observing buildings and landmarks in third dimensions.

Other technologies are used to represent different aspects of present Dubai, such as architecture, economy and infrastructure. the elevator onto the mezzanine floor and pass through a swirl tunnel with special audio and visual effects.

Dubai Frame measures 150 metres high and 93 metres wide.
Over 9,900 cubic metres of reinforced concrete, 2,000 tons of steel and 2,900 square metres of laminated glass were used in its construction.
More than 15,000 square metres of gold-coloured stainless steel covers Dubai Frame, which incorporates a ring design inspired by the Expo 2020 Dubai logo.
Dubai Frame’s rectangular design was inspired by the ‘golden ratio’ of 1.618, which many architects and artists believe forms an ideal structural balance.
The elevator to the Sky deck carries visitors 48 floors in 75 seconds.

 

Related Images:

ඩුබායි කාන්තාර සෆාරි

අපි මෙම උත්සවය ආරම්භ කළේ මගේ දරුවන්ට අනුව විනෝදජනක වූ කඳවුරු භූමියට ලඟාවීම සඳහා වැලි වක්‍රාකාරව වැලි තල හරහා ගමන් කිරීමෙනි. මගේ දුව සහ බිරිඳ ඔවුන්ගේ දෑතින් ප්‍රසන්න පෙනුමක් ඇති කිකිළි රටා ලබා ගැනීම වැනි ක්‍රියාකාරකම් වලින් අපි විනෝද වූහ. හිරු බැස යෑමට මොහොතකට පෙර, මගේ බිරිඳ සහ දරුවන් ඔටුවන් පදින්න යනවා. සවස් වරුවේ අපට රාත්‍රී භෝජන සංග්‍රහය මෙන්ම ගින්දර හා අරාබි නැටුම් සමඟ සෙල්ලම් කිරීමද ඇතුළත් විය. රාත්‍රිය වන විට, සියල්ලෝම ආපසු යාමට පටන් ගත්හ.

Experience the full magic of the desert, from ancient customs to the latest outdoor sports, on this 6-hour family-friendly desert experience from Dubai, including a barbecue dinner. Feel your adrenaline race on a 4×4 dune drive with a trained driver, try sandboarding, ride a camel and if you wish, get a henna tattoo on your hands or feet. Lastly, sit down at a starlit desert camp for a mouth-watering buffet dinner and live barbecue, and enjoy live entertainment including mesmerizing whirling-dervish ‘tanoura’ and belly dancing shows.

Related Images:

ප්‍රජාතන්ත්‍රවාදය හා මහ මැතිවරණය

මාධ්‍ය නිවේදනය

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා 2018 දෙසැම්බර් 02 වෙනි ඉරිදා
අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට කරන ලද කතාවේ පිටපත.

අති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, හිතවතුනි, මිත්‍රවරුනි,

කැඳවපු මහ මැතිවරණයක් පවත්වන්න එපා කියලා කියන දේශපාලන පක්‍ෂ සිටින එකම රට ලංකාවයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව යමින්, ජනාධිපතිතුමා 2018 නොවැම්බර් 09 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කල ගැසට් පත්‍රයේ නොවැම්බර් 19 හා 26 අතර නාමයෝජනා භාර ගැනීමටත්, 2019 ජනවාරි 5 වෙනිදා ඡන්දය පැවැත්වීමටත්, නව පාර්ලිමේන්තුව ජනවාරි 17 වන දා මුල් වරට රැස්වීමටත්, දින වකවානු සියල්ලම නියම කරලයි තිබුණෙ. ඒ අනුව කටයුතු සිදුවුණා නම් ඉතාම කෙටි කලකින් රට නැවතත් ස්ථාවර වෙනවා.

2017 නොවැම්බර් මාසයේදීත් පලාත් පාලන ඡන්දය පවත්වනවට විරුද්ධව පෙත්සම්කරුවන් පිරිසක් අභියාචනාධීකරණයට යෑම නිසා පලාත් පාලන ඡන්දයත් දින නියමයක් නැතුව කල් යෑමේ අවදානමක් මතුවුණා. නමුත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නඩු නැති පලාත් පාලන ආයතන වලට හෝ ඡන්ද පවත්වන බව ප්‍රකාශ කෙරුවාම පැවති ආණ්ඩුවට අකමැත්තෙන් වුනත් ඒකට එකඟ වෙන්න සිදු වුණා. උසාවියට ගිය පෙත්සම් කාරයොත් හෙමින් සීරුවේ නඩු ඉල්ලා අස්කර ගන්තා. එතනදී දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් උසාවි ක්‍රියාදාමය අවභාවිතා කිරීමක් පැහැදිලිව පෙනෙන්න තිබුණා.

අද වෙනකොට පලාත් 9න් පලාත් 6ක පලාත් සභා නැහැ. පැවති ආණ්ඩුව අවුරුද්දකට වැඩි කාලයක් පලාත් සභා ඡන්දය මඟහැරියා. අපි නැගෙනහිර පළාතෙන් කොටි සංවිධානය පන්නල යුද්ධය ඉවර වෙන්නත් කලින් 2008 පලාත් සභා ඡන්දය පැවැත්වුවා. වන්නියේ බිම් බෝම්බ ඉවත්කරල 2013 දී උතුරු පලාත් සභා ඡන්දෙත් පැවැත්වුවා. අද රටේ කිසිම යුද්ධයක් නැතුවත් මේ පලාත් දෙකේම පලාත් සභා නැහැ. ගිය අවුරුද්දෙ සබරගමුව, උතුරු මැද, හා නැගෙනහිර පලාත් සභා විසිරෙන්න දවස් කීපයක් තිබියදී, පලාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කඩිමුඩියේ ගෙනාපු 2017 අංක 17 දරණ පනතේ කොට්ඨාශ සීමා නීර්ණය කිරීමට අදාල කොන්දේසි සිතා මතාම ඉටු නොකර සිටීමෙන් තමයි පැවති ආණ්ඩුව දින නියමයක් නැතුව පලාත් සභා ඡන්ද කල් දමා ගත්තේ.

මම මේ පැහැදිලි කිරීම කරන්නෙ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ හවුල දේශපාලන වේදිකාවේදී වැරදි කරුණු හුවා දක්වමින් ජනතාව නොමඟ හරිමින් සිටින නිසයි. අපේ රටේ පළමු පාර්ලිමේන්තුවේ ඉඳලම, දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවුණාම මහ මැතිවරණ කැඳවපු එක තමයි සිදු වුණේ. 1952 දී ඩී.එස්. සේනානායක මැතිතුමා මිය ගිය වෙලාවේ, යූ.එන්.පී ආණ්ඩුව ඇතුලේ අගමැතිකම සම්බන්ධයෙන් ලොකු බෙදීමක් ඇති වුණා. පක්‍ෂයේ දෙවනියා සර් ජෝන් තොලාවල වුණත්, එකල අග්‍රාණ්ඩුකාර සෝල්බරි ස්වාමිවරයා, අගමැති වෙන්න ආරාධනා කලේ ඩඩ්ලි සේනානායක මහතාට. ඩඩ්ලි සේනානායක මහතා කලේ අගමැති හැටියට දිවුරුම් දීලා දවස් ගණනක් ඇතුලත මහ මැතිවරණයක් කැඳවලා ජනතා වරමක් තුළින් ආණ්ඩුව තුළ ඇතිවෙලා තිබුණ බෙදීම පාලනය කර ගන්න එකයි.

1959 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය වුණාට පස්සෙ ඩබ්ලිව්. දහනායක මහතා අගමැති වුණා. ඔහුගේ ආණ්ඩුව තුළ ගැටුම් ඇතිවුණාම එතුමත් කලේ වහාම මහ මැතිවරණයක් කැඳවන එකයි. අපේ 1948 ව්‍යවස්ථාවේ, අග්‍රාණ්ඩුකාරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලතල ගැන සඳහන් වුණේ 15 වෙනි වගන්තියේ. රාජාසන කතාව හෝ අයවැයක් පැරදුනාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වගේ සම්ප්‍රදායන් 1948 ව්‍යවස්ථාවේ ප්‍රකාශිතවම සඳහන් නොවුනත්, ඒ කාලේ අපේ ආණ්ඩුක්‍රමය සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය අනුකරණය කළ නිසා ඒ සම්ප්‍රදායන් ක්‍රියාත්මක වුණා.

1972 අපේ පළමු ජනරජ ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල ගැන කියවුනේ 21 වගන්තියේ. ඊට අමතරව, රාජාසන කතාව පැරදුනාම, අයවැයක් පැරදුනාම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ සම්ප්‍රදායන් ගැන ඒ ව්‍යවස්ථාවේ 99 වගන්තියේ සඳහන් වුණා. 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල ගැනත්, රාජසන කතාව හෝ අයවැය පැරදුණු විට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ සම්ප්‍රදායන් ගැනත් සඳහන් වුණේ 70(1) වගන්තියේ. උසාවිය ඉදිරියේ ඇති නීතිමය කරුණු ගැන මතයක් මම ඉදිරිපත් කරන්නෙ නෑ. මේවා දැන් මාධ්‍යයේ, සමාජ ජාලවල, හැමතැනම සාකච්ඡා වෙන දේවල්.

මහ මැතිවරණයක් පවත්වනවට විරුද්ධ යූ.එන්.පී ප්‍රමුඛ හවුල කියනවා 19 වෙනි සංශෝධනයෙන් 1978 ව්‍යවස්ථාවේ තිබුණු පරණ 70(1) වගන්තිය ඉවත් කරලා අලුතෙන් එකතුකරලා තියෙන 70(1) වගන්තියට අනුව, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව අවුරුදු හතර හමාරක් යනකම් විසුරවන්න බෑ කියලා. ඊට කලින් විසුරුවන්න පුලුවන් වෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකින් විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත වුනොත් විතරයි කියලා ඒගොල්ලො කියනවා. 1978 ව්‍යවස්ථාවේ, පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට අදාල සියලුම ප්‍රතිපාදන සඳහන් වුණේ 19 වෙනි සංශෝධනයට පෙර තිබුණු 70(1) වගන්තියෙයි. ඒ වගන්තිය අහෝසි කරලා නම් තියෙන්නෙ, අද ආණ්ඩුවක් රාජාසන කතාව පැරදුනත්, අයවැයක් පැරදුනත්, විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනත්, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න මොනම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක්වත් නෑ.

ඒ වගේ සීමා කිරීමක් ඇති කරන එක පාර්ලිමේන්තු සම්ප්‍රදායට සම්පූර්ණයෙන්ම විරුද්දයි. ලෝකයේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම සහිත හුඟක් රටවල ඉන්නෙ නාමමාත්‍ර රාජ්‍ය නායකයොයි. ඒ වගේ රටවල පවා, සම්ප්‍රදායක් තියෙනවා රාජ්‍ය නායකයාට තම අභිමතය හා තක්සේරුව පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුලුවන් කියලා. බ්‍රිතාන්‍යයේ ඒ.වී. ඩයිසි කියන නීති විශාරදයා කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට වඩා ජනතාවගේ මතය වෙනස් කියලා හැගෙනවනම්, රජතුමාට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන් කියලා. 1975 දී ඔස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාරවරයා, තම තනි අභිමතය අනුව අගමැති ගෆ් විට්ලම්ව ධූරයෙන් නෙරපලා මහ මැතිවරණයක් කැදෙවුවා.

ඒ වගේම ඉන්දීය ව්‍යවස්ථාවේ නිර්මාතෘ ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර් කියලා තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුද නැද්ද කියන එක ඉන්දීය ජනාධිපතිවරයාගේ තක්සේරුව අනුව සිදු විය යුතු බව. ඉන්දීයාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයන් වෙන ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් විසුරුවා හැරීමේදී ඒ අභිමතය මුල ඉඳලම පාවිච්චි කරලා තියෙනවා. 1970 දී පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබූ විපක්‍ෂයේ විරෝධය නොතකා ජනාධිපති වී.වී.ගිරි ඉන්දීය පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. 1979 දී සංජීව රෙඩ්ඩි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඇති වෙච්ච අරාජිකත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව තම තක්සේරුව අනුව විසුරුවා හැරියා.

එහෙම වුණේ නාමමාත්‍ර රාජ්‍ය නායකයෝ ඉන්න රටවල. නමුත් ලංකාවේ ඉන්නෙ ඍජුවම ජනතාව විසින් ඡන්දයෙන් පත් කරන විධායක ජනාධිපතිවරයෙක්. ඔහුට ජනතාව දී ඇති බලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් සහ ජනමත විචාරණයකින් මිස කිසිවෙකුටත් අවලංගු කල නොහැකි බව 19 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් වෙනවා. 19 වෙනි සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ තිබුණු 70(1) වගන්තිය ඉවත් කරයි කියලා කිවුවට, ඇත්තටම සිදු වුණේ 70(1) යටතේ පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට හිමි බලතල ව්‍යවස්ථාවේ වෙනත් තැනකට ගෙන යෑමයි.

පරණ 70(1) වගන්තිය සංශෝධනය කරන අතරම, 19 වෙනි සංශෝධනයෙන් ව්‍යවස්ථාවේ 33 වගන්තියට අලුතෙන් (2)(ඇ) යන උප වගන්තිය එකතු කලා. මේ වගන්තියෙන් කියවෙන්නෙ, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් නීතියකින් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල වලට අමතරව, පාර්ලිමේන්තුව කැඳවීමටත්, වාර අවසාන කිරීමටත්, විසුරුවා හැරීමටත් ජනාධිපතිවරයාට බලය තිබෙන’ බවයි. මේ ආකාරයට අලුතෙන් හඳුන්වාදුන් 33(2)(ඇ) වගන්තිය, 19 සංශෝධනයෙන් වෙනස් කරපු 70(1) වගන්තියට යටත් කියලත් කොහේවත් සඳහන් වෙන්නේ නෑ.

ඒ නිසා වෙන්න ඕන 19 වෙනි සංශෝධනය ගැන 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ, 70(1) වගන්තියට සිදු කර තිබුණු වෙනස්කමින් ජනාධිපතිවරයාගේ බලතල අඩු වුණයි කියලා ප්‍රකාශ නොවුනේ. 70(1) වගන්තිය වෙනස් කලේ ජනාධිපතිවරයාට ඒ යටතේ තිබුණ බලතල අඩු කිරීමට නම්, 70(1) වගන්තිය පමණක් වෙනස් කරන එක තමයි වෙන්න ඕන. පරණ 70(1) වගන්තියේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න තිබුණ බලය 33(2)(ඇ) වගන්තිය හැටියට නැවත ගෙන ආවේ ජනාධිපතිවරයාට හිමි ඒ බලය ජනමත විචාරණයක් නැතුව අහෝසි කළ නොහැකි නිසා කියලා තමයි නීති විශාරදයෝ කියන්නෙ.

19 වෙනි සංශෝධනයෙන් ඔය විදියටම තවත් වගන්තියක් එක තැනකින් තව තැනකට ගෙනිහිල්ලා තියෙනවා. 1978 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියපු පරණ 42 වගන්තිය අහෝසි කරලා ඒකෙ වචන මොනවත් වෙනස් නොකර 19 වෙනි සංශෝධනයෙන් 33ඒ වගන්තිය හැටියට ව්‍යවස්ථාවට නැවත ඇතුල් කරලා තියෙනවා. එහෙම කලේ ඇයි කියලා ඒගොල්ලන්ගෙන් තමයි අහන්න ඕන. නමුත් ඒකෙ ප්‍රතිඵලය වන්නේ 19 වෙනි සංශෝධනයට පෙරත්, පසුත්, ජනාධිපතිවරයා එකම විදියට පාර්ලිමේන්තුවට වගකිව යුතු වීමයි. පරණ 70(1) වගන්තිය යටතේ තිබුණු බලයක් 33(2)(ඇ) හැටියට නැවත ගෙන ඒමෙනුත් වෙන්නෙ ඒකමයි.

19 වෙනි සංශෝධනයෙන් පස්සෙ, අපේ ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය රැකිලා තියෙන්නෙ මේ 33(2)(ඇ) වගන්තියෙන්. ඒ වගන්තිය නොසලකා හැර අපි 19 වෙනි සංශෝධනයෙන් වෙනස් කරපු 70(1) වගන්තිය පමණක් පිළිගත්තොත්, සිද්ධ වෙන්නෙ රාජාසන කතාව පැරදුනත්, අයවැය පැරදුනත්, ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනත්, මොනම හේතුවකටවත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ යන නිගමනයට එන්න සිදුවීමයි. එහෙම පාර්ලිමේන්තුවක්, පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් බැහැර වූවක්. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම තියෙන රටවල නාමමාත්‍ර රාජ්‍ය නායකයන්ටත්, අවශ්‍යතාවයක් පැන නැගුන විට තම අභිමතය අනුව පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණ කැඳවන්න පුලුවන්නම්, ලංකාවේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන, ඡන්දයෙන් පත්වෙන ජනාධිපතිට රටේ හා පාර්ලිමේන්තුවේ මොන තත්වයක් ඇති වුණත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියන එක කොයි තරම් තර්කානුකූලද?

19 වෙනි සංශෝධනයෙන්ම 33(2)(ඇ) වැනි අලුත් වගන්තියක් ව්‍යවස්ථාවට හඳුන්වලා දීලා තිබෙද්දිත්, ජනාධිපතිට ඒ වගේ බලයක් නෑ කියන්න පුලුවන්ද? අපේ රණවිරුවන් පිටරට උසාවි වලට භාර දෙන්න නීති හඳපු 2018 අංක 05 දරණ පනත සම්මත වුනේ ඡන්ද 56 න්. නමුත් පාරිලිමේන්තුව විසුරුවලා ජනතා පරමාධිපත්‍යට ඉඩ දෙන්න පාර්ලිමේන්තුවේ ඡන්ද 150ක් ඕන කියලා තර්ක කරන්න පුලුවන්ද? මට ළඟදි කෙනෙක් ගෙනල්ලා දුන්න “ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටුට් ෆෝ ඩෙමොක්රසි ඇන්ඩ් ඉලෙක්ටෝරල් ඇසිස්ටන්ස්” කියලා රටවල් ගණනාවක් එකතුවෙලා හඳපු අන්තර් – රාජ්‍ය ඒ කියන්නේ ඉන්ටර් – ගවර්න්මෙන්ටල් සංවිධානයකින් හදපු වාර්ථාවක්. ඒ සංවිධානයේ ජර්මනිය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ස්විස්ටර්ලන්තය වගේම ඉන්දියාව හා ජපානය වගේ රටවලුත් සාමාජිකත්වය දරණවා.

මේ වාර්ථාවට අනුව, ව්‍යවස්ථාදායකය විසුරුවාහරින්න නම් තුනෙන් දෙකේ බහුතරයක් අවශ්‍ය රටවල් දෙකයි තියෙන්නෙ – ඒ කොසෝවොයි, ලිතුවේනියාවයි. නමුත් ඒ රටවලත්, ආණ්ඩුවට විරුද්දව විශ්වාස භංග යෝජනාවක් සම්මත වීම, රාජසන කතාව පරාජය වීම වගේ අවස්ථාවල ව්‍යවස්ථාදායකය විසුරුවන්න රාජ්‍ය නායකයාට බලය තියෙනවා. නිල කාලය ඉවර වෙනකන් මොනම හේතුවකටවත් ව්‍යවස්ථාදායකය විසුරුවන්න බැරි ඒකෙ සඳහන් වෙන එකම රට නෝර්වේ රාජ්‍යයි. නමුත් නෝර්වේ වල තියෙන තත්වය අපේ රටට වඩා ගොඩක් වෙනස්. ඒ රටේ ඉන්නෙ අපේ බස්නාහිර පලාතටත් වඩා අඩු ජනගහණයක්. ඒ වගේම ඒ රට ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක්.

නෝර්වේජියානු පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවක් පැරදුනත්, අලුත් ආණ්ඩුවක් පත්වෙන තුරු රජතුමා පරණ ආණ්ඩුවට යන්න දෙන්නේ නෑ. ඒ වගේම රජතුමා ප්‍රමුඛ රාජ්‍ය සභාව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම ඒක ගැන විවාද කලත්, කවදාවත් පරාජය කරන සම්ප්‍රදායක් එහේ නෑ. ඉතින් නෝර්වේ වල වැඩිහරියක් තිබිලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති සුළුතර ආණ්ඩු. දැන් තියෙන්නෙත් සුළුතර ආණ්ඩුවක්. නෝර්වේ වල කරන දේවල් ලංකාවේ කරන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන.

ප්‍රංශයේ ව්‍යවස්ථාව පරිනාමය වෙච්ච හැටිත් මෙතනට අදාලයි. 1940 ට කලින් ප්‍රංශයේ තිබ්බ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කලින් විසුරුවන්න බැරි තත්වයක් ඇති කරලා තිබුණා. මේ නිසා ඒ කාලේ ප්‍රංශයේ දිගින් දිගටම අස්ථාවර ආණ්ඩු ඇතිවුනා. 1940 දී හිටලර් ප්‍රංශය ආක්‍රමණය කළා. ඒකෙන් ගොඩ ඇවිල්ල ප්‍රංශය 1946 අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන කොට පාර්ලිමේන්තුව කලින් විසුරවන්න බැහැයි කියන නීතිය වෙනස් කරලා ආණ්ඩුවකට විරුද්ධව මාස 18 ක් ඇතුලත විශ්වාසභංග යෝජනා දෙකක් සම්මත වුණොත් පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් පවත්වන්න ප්‍රතිපාදන සැලසුවා.

නමුත් ස්ථාවර ආණ්ඩු ඇතිකරන්න ඒකත් ප්‍රමාණවත් නොවුන නිසා 1958 දී සම්මත වූ ප්‍රංශයේ වත්මන් ව්‍යවස්ථාවෙන් ඒ රටේ පාර්ලිමේන්තුව ඕනම වෙලාවක කලින් විසුරුවලා ඡන්ද පවත්වන්න සම්පූර්ණ අභිමතානුසාරී බලය ප්‍රංශ ජනාධිපතිවරයාට දීල තියෙනවා. අපි ඒ අත්දැකීම් වලින් ඉගෙන ගන්න ඕන. පාර්ලිමේන්තුවක් විසුරුවා හැර ඡන්දයක් පැවැත්වීමෙන් ඒ විසුරුවා හරින පුද්ගලයාටත් බලපෑමක් ඇති වෙන නිසා කිසිම රාජ්‍ය නායකයෙක් ආවට ගියාට පාර්ලිමේන්තුවක් විසුරුවා හරින්නේ නෑ. බරපතල තත්වයක් යටතේ විතරයි ඒ වගේ තීන්දුවක් කවුරු වුණත් ගන්නෙ. අස්ථාවර වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කරන්න තියෙන එකම මෙවලම තමයි මහ මැතිවරණය. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය හිමි වන්නේ පාර්ලිමේන්තුවට නොව ජනතාවටයි. ඒ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැගෙන්නෙ සර්වජන ඡන්ද අයිතිය තුළිනුයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ඔබ, මේ ගැන සිතා බලන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි

සුබ අනාගතයක්!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ

2018 දෙසැම්බර් 02

Sinhala 2 December 2018

Related Images:

අගමැතිකම අත හරිනවද?

ගැටයකට අහුවුණාද? අගමැතිකම අත හරිනවද? රටට හතුරු පිරිස අපි බලයට එනවට බයයි!

අගමැති මහින්ද පිළිතුරු දෙයි

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර

ඔහු තවම රැඳී සිටින්නේ හිටපු ජනාධිපති ලෙස ඔහුට හිමිව ඇති නිල නිවසේය. එදා සේම අදත් විජේරාම මාවත වාහන සහ ජනී ජනයාගෙන් පිරී පවතී. ජනාධිපති තනතුර අහිමිවී මහින්ද රාජපක්ෂ සිය ගමට ගිය අවස්ථාවේ සේම, භික්ෂුන් වහන්සේ ප‍්‍රමුඛ ජනතාව අගමැතිවරයා වෙත සුබපැතුම් පුද කිරීම සඳහා පැමිණෙමින් සිටිති. අප ඔහුගේ නිවස තුළට යන විට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සියලූ දෙනාම පාහේ, පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් සඳහා පැමිණ සිටියෝය. එම රැස්වීම ආරම්භ වන තෙක් ලැබුණු විරාමයේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග දිවයින ඉරිදා සංග‍්‍රහය සිදු කරන ලද සාකච්ඡාවකි මේ.

ප‍්‍රශ්නය – සමහරු කියන්නේ ඔබ තවත් වතාවක් දේශපාලන ගැටයකට අසුවුණා කියලයි…

පිළිතුර – එහෙම ගැටවලට අහුවෙන්න තරම් ළද බොළඳ මිනිස්සුද අපි…? ඔහොම කතාවක් සමහරු කියාගෙන යනවා. එහෙම කියන්නේ එජාපයෙ පිරිස් බව අපිට ආරංචියි. ඒ අය තමන් ලබලා තියෙන පරාජය වහගන්න මේ වගේ කතා ප‍්‍රචාරය කරනවා. සමහරු කියන්නේ ”මේ තනතුර භාර ගත්තේ නැතුව හිටියා නම්, තව අවුරුදු දෙකකින් අපි පුදුම ජයග‍්‍රහණයක් ලබනවා… මේ අවස්ථාවේ අගමැතිකම භාරගෙන ඒ ජයග‍්‍රහණය අඩු කර ගත්තා…” කියලයි. ඔහොම කියන කවුරුවත් අපිට ඡන්දය දුන්න උදවිය නෙමෙයි. ඒ සියලූ දෙනාම අද පරාජය වෙලා ඉවරයි. ඒක නොකියා ඔවුන් කරන්නේ, අපේ ජයග‍්‍රහණය සැහැල්ලූ කරන එකයි. ඇත්තටම ගැටයකට අහුවුණේ අපි නෙමෙයි, එජාපය. ඔවුන්ට දෙවරක්ම ජනාධිපතිවරණය සඳහා තමන්ගේ කියලා නායකයෙක් තෝරා ගන්න බැරි වුණා. 2010 ජනාධිපතිවරණයට ඔවුන් ගෙනාවේ, සරත් ෆොන්සේකා, ඊළඟට 2015 දී ඔවුන් ගෙනාවේ පොදු අපේක්ෂකයෙක්… ඒ තමයි මෛත‍්‍රිපාල සිරිසේන මහත්මයා. එදා තමන්ට ජනාධිපතිවරණයක් දිනා ගන්න බැරි නිසා ගහපු පොදු අපේක්ෂක ගැටයට තමයි, අද එජාපය අහුවෙලා තියෙන්නේ. මෛත‍්‍රිපාල ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණය සඳහා එජාපය දර දිය අදින්න ඇති. ඒත් පොදු අපේක්ෂකයෙක් ගෙනාවේ තමන්ට දිනන්න බැරි නිසානේ. එහෙම බැලූවම මේ ජනවරම ජයග‍්‍රහණයක් බවට පත් කර ගත්තේ මෛත‍්‍රිපාල ජනාධිපතිතුමානේ… එජාපයට ඕනෑ වෙලා තිබුනේ එතුමාව තමන්ට ඕනෑ විදිහට නටවන්න. ඒක කර ගන්න බැරි වුණහම, තානාපතිවරු ළඟ දණ ගහගෙන අඬ අඬා යනවා.

ප‍්‍රශ්නය – 113 ක බහුතර බලයක් නැතිව ඔබ විසින් පස්ස දොරෙන් අගමැති තනතුර භාරගත්ත ක‍්‍රමය නිවැරදිද…?

පිළිතුර – කවුද පස්ස දොරෙන් අගමැතිකම ගත්තේ…? 2016 අගෝස්තු මාසයේ පවත්වපු මහමැතිවරණයෙන් කිසිවෙකුට බහුතර බලයක් ලැබුණේ නැහැ. ඒ අනුව එක්කෝ සභාගයක් හෝ සුළුතර ආණ්ඩුවක් හදන්න වෙනවා. එජාපයට සභාගයක් හදන්න සිදුවුණා. ඒ එජනිසය සමගයි. අනිකුත් පක්ෂ සමග සභාගයකට යන්නත් බැහැ, මොකද දෙමළ සන්ධානය සහ ජවිපෙ විපක්ෂ නායක තනතුර සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකකම අරගත්තා. එජනිසය ජාතික ආණ්ඩු ගිවිසුමෙන් ඉවත්වීමත් සමග, එජාපය සුළුතරය බවට පත්වුණා. ඒ සමග රනිල් වික‍්‍රමසිංහ මහතාව අගමැති තනතුරෙන් ඉවත් කරලා, අගමැති ලෙස වැඩ භාරගන්න කියලා, ජනාධිපතිතුමා මට ආරාධනය කළා. එහෙම ගිහිල්ලා අගමැතිකම ගන්නේ පස්ස දොරෙන් වෙන්නේ, කොහොමද…? 2015 ජනවාරි නව වැනිදා රනිල් අගමැතිකම ගත්තේ නම්, පස්ස දොරෙන්. අගමැති විදිහට හිටපු දි.මු.ජයරත්නට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුණා. එහෙම තියෙද්දී මන්ත‍්‍රීවරු හතළිස් දෙකක් තියාගෙන කිසිම ලැජ්ජාවක් නැතුව රනිල් අගමැතිකම ගත්තා. ඒවා තමයි, පස්ස දොරෙන් ගත්තා කියන වැඩ…

ප‍්‍රශ්නය – කොහොම වුණත් ඔබ හදිස්සි වුණා වැඩි නැද්ද…?

පිළිතුර – කිසිම හදිස්සියක් වුණේ නැහැ… අපි විපක්ෂය. විපක්ෂයේ කාර්යභාරය මොකක්ද…? ආණ්ඩුව පෙරළන එක. ඔබගේ පුවත්පත සමග මීට පෙර කරපු සාකච්ඡාවේදී මම මොකක්ද කිව්වේ… ”අතට අහුවුණු දේකින්, හැකි ඉක්මනින් අපි ආණ්ඩුව පෙරළනවා” කියලා. මම ජනතාවට කිව්වේ, තව පෝය දෙකක් යන්න ඉස්සෙල්ලා, අපි ආණ්ඩුව පෙරළනවා කියලයි. මේ කළේ ඒ දේ තමයි. අපි පක්ෂයක් විදිහට හෝ පුද්ගලයෙක් විදිහට කල්පනා කරන්න ඉස්සෙල්ලා, රටක් ජාතියක් විදිහට කල්පනා කරලා ඉන්න ඕනේ. එජාපය තව ටික කලක් ආණ්ඩු කරා නම්, මේ රට බෙදෙන ෆෙඩරල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනවා. ගෙනහල්ලා සම්මත කර ගන්නවා. එහෙම වුණා නම් රටට මොකද වෙන්නේ… ජිනීවා යෝජනාවට සම දායකත්වය ලබා දීලා, අපේ රටට විරුද්ධව අපිම, එජා මානව හිමිකම් කොමිසම ඉදිරියට ගියා.එහෙම කළේ එජාපයේ විදේශ ඇමැති. එහෙම කරලා මේ රටේ රණවිරුවන්ට විරුද්ධව නඩු අහන්න, ජාත්‍යන්තර විනිසුරුවරුන් ගේන්නේ හැදුවා. මේ රටට සේවය කරපු රණවිරුවන් හිරේ දැම්මා. රණවිරු දඩයම එන්න එන්නම වැඩි කළා. මේවා තව අවුරුද්දක් කරගෙන ගියා නම් අපිට රටක් ඉතුරු වෙයිද…? මේ රටේ ජනතා දේපළ අත යට සල්ලි වලට, කොමිස් කුට්ටි වලට කුණු කොල්ලයට විකුණලා දැම්මා. බදු පොදි ගහලා, ජනතාවගේ කර මත පැටෙව්වා. විදේශ රටවල දුක් මහන්සි වෙලා හම්බු කරන අපේ ජනතාව ගෙදරට සල්ලි එවන කොට ඒවාට බදු ගැහැව්වා. වෙන එකක් තියා, ළමා ඉතුරු කිරීමේ ගිණුම් වලටත් ඒ අය බදු ගැහැව්වා. මේ වගේ වෙලාවක, දේශපාලන හඳහන් බල බල තමන්ගේ පක්ෂය ගැන හිතන එකද හරි, රට ජාතිය ගැන හිතලා, ආණ්ඩුව පෙරළන එකද…නිවැරදි ?

ප‍්‍රශ්නය – තවමත් ඔබට පාර්ලිමේන්තුවේ බහුතර බලය හදාගන්න බැරි වෙලා තියෙනවා. ඉතා පැහැදිලිවම අනිත් පැත්තට මන්ත‍්‍රීවරු 123 දෙනෙක් සිටිනවා. එසේ තබාගෙන බලහත්කාරයෙන් අගමැති පදවියේ රැඳී සිටීම නිවැරදිද…?

පිළිතුර – මම එදා කිව්වා වගේම මට මේ තනතුරු ලොකු නැහැ. මම අවුරුදු නවයක් මේ රටේ ජනාධිපති… ඇමැතිකම්, අගමැතිකම් දැරුවා. තනතුරු සියල්ල නැතිව හිටියා. මගේ දරුවෝ, සහෝදරයා හිරේ දැම්මා. මගේ පාක්ෂිකයෝ, ඒ අයගේ පවුලේ අය හිරේ දැම්මා. මගේ ලේකම්වරයා, මා යටතේ සේවය කළ නිලධාරීන් හිරේ දැම්මා. ඒ සියල්ල විඳවපු මට ඔය තනතුරු නෙමෙයි වැදගත්… අපි මේ රටට ලබා දුන්න ජයග‍්‍රහණ සියල්ල ආපසු හැරෙව්වා. අපේ රණවිරුවන් බේරා දුන්න රට, කලාප රාජ්‍ය වලට ව්‍යවස්ථාවෙන් වෙන් කරන්න හදන එක නවත්වන එකයි සියල්ලට වඩා වැදගත් කියලා මම හිතන්නේ… ඒ වෙනුවෙන් තමයි අපි මේ තනතුරු භාර ගත්තේ. ඒ මිසක් අපි මේ කිසි තනතුරක බලහත්කාරයෙන් එල්ලිලා ඉන්නේ නැහැ. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල එන්නත් ඉස්සෙල්ලා මම අරලියගහ මන්දිරයෙන් ගියේ, තනතුරු වැදගත් නැති හින්දයි.

ප‍්‍රශ්නය – අනිත් පැත්තෙන් ඔබට එල්ල කරන අභියෝගය වන්නේ 113 පෙන්වන ලෙසයි…

පිළිතුර – අපි තවම ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙනකන්… දෙසැම්බර් හත්වෙනිදාට ඒ තීන්දුව ලැබෙයි. ඒ තීන්දුව අනුව අපට බහුතරය පෙන්වන්න සිදුවුණොත් අපි අනිවාර්යෙන්ම පෙන්වනවා.

ප‍්‍රශ්නය – අද රට තිබෙන්නේ කැලඹිලි තත්ත්වයක… පාර්ලිමේන්තුව කිසිදු වැදගැම්මකට නැති තැනක් බවට පත්වෙලා. මේ වාතාවරණය තුළ ඔබ අගමැති තනතුර භාර ගත්තත් කිසිවක් කර ගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා…

පිළිතුර – අපි බලයට එනවට බය පිරිසක් ඉන්නවා. ඒ තමයි මේ රටට හතුරු පිරිස… මම 2005 දී මේ රට භාර ගන්න කොට, රටේ ආර්ථිකය තිබුණේ බිමටම වැටිලා. ඒ මදිවාට ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදීන් සමග අපිට යුද්ධයක් කරන්නත් වෙලා තිබ්බා. හිටපු යූ. එන්. පී මුදල් ඇමැතිවරයා කියනවා ආණ්ඩුව වෙනස් කරපු නිසා රටේ ආර්ථිකය පිරිහෙනවයි කියලා. පසුගිය ආණ්ඩුව යටතේ ආර්ථිකයේ වෙච්ච දරුණු පරිහානිය නිසා තමයි ජනාධිපතිතුමා මට රට බාරදුන්නේ. මේ වගේ තත්ත්වයක් ඇති වුණාම ඕනම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක කරන්නේ මහමැතිවරණයක් පවත්වලා අලූත් ආණ්ඩුවක් පත් කරගන්න එකයි. ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවේ හිටපු නිසා දන්නවා අපි අසීරු තත්ත්වයන් පාලනය කළේ කොහොමද කියලා. යුද්ධය කරන්න අපි සල්ලි හොයාගත්තා. දශක ගණනාවක් තිස්සෙ කාටවත් කරන්න බැරි වුණ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති විශාල ගණනක් අපි සම්පූර්ණ කළා. 2007 ලෝක ආහාර අර්බුදය ජනතාවට දැනෙන්නවත් ඉඩ හැරියේ නෑ. 1930 ගණන් වලින් පසු ලෝකයේ ඇති වූ දරුණුම ආර්ථික අවපාතය 2008 දී ඇති වුණත් ලංකාවේ මිනිස්සු ඒවගේ දෙයක් වුණයි කියලවත් දැනගෙන හිටියෙ නෑ. ඒ කාලේ ලෝක තෙල් මිල ඉතිහාසයේ කවරදාකටත් වඩා ඉහළ මට්ටමක පැවතියත්, ඒකත් අපි කළමනාකරණය කරගත්තා.

මම අවුරදු 9 ක් ඇතුළත මේ රටේ ඇමරිකානු ඩොලර්, ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළා. ඒ කාලේ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4% ක්. ඩොලරයක මිල රුපියල් 131 යි. දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ණය බර තිබුණෙ 70% ක අගයක. අපි 2015 ජනවාරි 9 වැනිදා අලූත් ආණ්ඩුවට බාර දුන්නේ ආර්ථික වශයෙන් ඉතාම ස්ථාවර රටක්. නමුත් අවුරුදු 4 ක අවපාලනයෙන් පස්සෙ, අද මුළු ආර්ථිකයම දැඩි අවදානම් සහගත තත්ත්වයකයි තියෙන්නෙ. අද මේ රට මුහුණපාල තියෙන ආර්ථික අර්බුදයේ භයානකම පැත්ත තමයි විදෙස් විනිමය ණය බර. මම 2005 දී මුල් වරට ජනාධිපති වෙනකොට රටේ යුද්ධයක් තිබුණ. නමුත් ආර්ථිකය ඇත්ත වශයෙන්ම මේ තරම් දරුණු තත්ත්වයක නෙවෙයි තිබුණෙ. ඒ කාලෙත් දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්‍ෂ ණය ප‍්‍රතිශතය 90% ක් තරම් ඉහළට නැගලයි තිබුණෙ. නමුත් එදා ඒ තිබුණ ණය අතරෙ අද තරම් විදේශීය ණය ප‍්‍රමාණයක් තිබුණෙ නැහැ.

2015 ජනවාරිවල ඉඳලා යූ.එන්.පී ආණ්ඩුව ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඞ්, සින්ඩිකේටඞ් ලෝන්, කරන්සි ස්වැප් වගේ නොයෙක් මූලාශ‍්‍ර වලින් ලබාගත්ත විදෙස් විනිමය ණය ප‍්‍රමාණය ගැන විටින් විට ලිඛිතව මහජනතාව දැනුවත් කරන්න මම පියවර ගත්තේ නැවත අපි බලය ගත්ත දවසට, අපිට මුහුණ දෙන්න වෙන ලොකුම ප‍්‍රශ්නය මේ ණය ගැනීම බව මම දැනගෙන හිටිය නිසයි. අවුරුදු තුන හමාරක් ඇතුළත යහපාලන ආණ්ඩුව සමස්තයක් ලෙස ඇමරිකානු ඩොලර් 20.7ක විදෙස් විනිමය ණය පමණක් අරගෙන තියෙනවා. මේ ණය වින්නැහිය නිසා මේ රට ගොඩගන්න කාලයක් ගතවෙනව. මහ මැතිවරණයක් නොපවත්වා, පැවතුණු ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න හදන අයට මේ රට ගොඩගන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන. ගොඩ අරගෙන තිබ්බ රට ප‍්‍රපාතයට දැම්මේ ඒගොල්ලො තමයි. ඒකයි මැතිවරණ වලට ඔය තරම් බය.

ප‍්‍රශ්නය – මහ මැතිවරණයක් පිළිබඳ අදහස ඔබ මතු කරනවා. මහ මැතිවරණයක් අවශ්‍ය නම්, එජාපයේ බලයේ සිටියදීම ඒ සඳහා පියවර ගන්න තිබුණා. එසේ නොකර ඔබ අග‍්‍රාමාත්‍ය තනතුර භාරගෙන මහමැතිවරණයක් සඳහා ගමන් කරන්නේ, ඔබට පාර්ලිමේන්තුවේ බහුතරය නැති නිසා නේද…?

පිළිතුර – ජනාධිපතිතුමා විසින් ජාතිය අමතමින් කරන ලද කතාවේදී, මට අගමැතිකම භාර ගන්න ආරාධනා කරන ලද හේතු පිළිබඳව සඳහන් කළා. එතුමාව ඝාතනය කිරීම සඳහා එක්තරා පිරිසක් කුමන්ත‍්‍රණයක් සිදු කළ බවට එතුමා චෝදනා කළා. එවන් අවස්ථාවක අගමැති ඉවත් නොකළා නම් මොකද වෙන්නේ…? කවුද ඒ කුමන්ත‍්‍රණයෙන් මේ රටේ අගමැති වෙන්නේ…? ඒවගේම බෙදුම්වාදී ව්‍යවස්ථාව… එය හදිස්සියේ සම්මත කර ගත්තා නම් මේ රට ඉවරයි. මහමැතිවරණයක් කැඳවන තුරු අපි රට භාර ගත්තේ ඒකයි.

ප‍්‍රශ්නය – ඔබ කිහිපවිටක්ම සඳහන් කර තිබුණා මේ කරගෙන යන්නේ භාරකාර ආණ්ඩුවක් කියා. මහ මැතිවරණයක් බැරි නම් මේ භාරකාර ආණ්ඩුව යටතේ පළාත් සභා මැතිවරණයට වුවත් යා හැකියි නේද…?

පිළිතුර – අපි බලයේ සිටින කාලයේත්, විපක්ෂයේ සිටින කාලයේත් මැතිවරණ වලට බය වුණේ නැහැ. අපි හැමවිටම ජනතා මතයට ගරු කළා. මේ ආණ්ඩුව ස්වාධීන මැතිවරණ කොමිසමක් පත් කරලා, මැතිවරණ කල් දැම්මා. අපේ කාලයේ මැතිවරණ කොමසාරිස්වරයෙක් ඉද්දි වෙලාවටත් කලින් මැතිවරණ තිබ්බා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණය අවසන් වෙනකන් පවතින අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම පමණයි අප කළේ. මේ ආණ්ඩුවෙන් දිගටම රට පාලනය කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. මුළු රටටම පේනවා ඒකාබද්ධ විපක්‍ෂේ ආණ්ඩුවේ තනතුරු දරන්නේ බොහොම සුළු පිරිසක් කියලා. ඒ, මේක තාවකාලික ආණ්ඩුවක් නිසයි. අපේ ඒකායන පරමාර්ථය මැතිවරණයක් පවත්වලා අලූත් ආණ්ඩුවක් පිහිටුවාගන්න එකයි කියලා, මම අගමැති ලෙස දිවුරුම් දීපු අවස්ථාවේ ඉඳලා කිවුවා. එජාපය ඇතුළු හවුල් කල්ලියේ එකම බලාපොරොත්තුව මොනම මැතිවරණයක්වත් නොපවත්වා, අර පරණ ආණ්ඩුවම තව පුළුවන් තරම් ඇදගෙන යෑමයි. ඕක තමයි මෙතන තියෙන ගැටුම.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් පවත්වන්නත් මඟ පෑදුවා. ඒත් යූ. එන්. පී හවුල උසාවියේ නඩු දාලා, පවත්වන්න ගිය මහමැතිවරණය කල් දාගත්තා. ජනාධිපතිතුමාගේ ගැසට් එක අනුව කටයුතු කළා නම් මේ වෙනකොට නාමයෝජනා භාර දෙන්නත් පටන් අරගෙන. මහ මැතිවරණයක් පැවැත්වීමෙන් කාගේ හෝ අයිතීන් උල්ලංඝනය වෙනවාද නැද්ද කියන කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය විසඳන තුරු යූ. එන්. පී හවුල මේ කඩාකප්පල්කාරී වැඩ දිගටම කරයි.

ප‍්‍රශ්නය – ජනවරමක් නොමැති තත්ත්වයක් තුළ, දිගින් දිගටම රට අස්ථාවර කරමින් අගමැති තනතුරේ ඔබ රැඳී සිටීම නිසා, රටේ දේශපාලන අස්ථාවරභාවයක් මතුවෙලා තිබෙනවා…

පිළිතුර – ජනවරම තියෙන්නේ අපට… ජනතාව විසින් අවසාන වතාවට ලබා දුන්න ජනවරම වන්නේ පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලයයි. එහිදී බහුතරය ලැබුණේ අපිට. පොහොට්ටුවට සහ එජනිසයට ලැබුණු ඡන්ද ප‍්‍රමාණය ලක්ෂ හැට හතරක් පමණ වෙනවා. එජාපයට ලැබුණේ ඡන්ද ලක්ෂ 36 යි. එහෙනම් මේ රටේ බහුතරය තියෙන්නේ කාටද…? ජනවරම තියෙන්නේ කාටද…? අපිට… මේ රටේ ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකින් පරාජය වූ පළවෙනි වතාව තමයි, ගිය පාර පුංචි ඡන්දය. තමන්ට ජනතා වරම අහිමි වුණු ඒ වෙලාවේ මේ ආණ්ඩුව හරි නම් ගෙදර යා යුතුව තිබුණා. ලැජ්ජා නැතුව මේ අය ඔය තනතුරුවල එදා ඉඳලා එල්ලිලා හිටියා. අඩුම ගානේ අපිට විපක්ෂ නායක කමවත් නොදුන්න මේ අය අද අපිට ශිෂ්ටත්වය උගන්වන්න එනවා. අපි මේ තනතුරු බාර ගත්තේ රට අස්ථාවර කරන්න නෙමෙයි. ආණ්ඩුව අස්ථාවර කරන්න. එදා අපිට විරුද්ධව හිටපු දෙගොල්ලෝ අපි දෙකට වෙන් කළා. ඒ විතරක් නෙමෙයි, එජාපයත් ආණ්ඩුවෙන් අයින් කළා. මේක ජයග‍්‍රහණයක් නෙමෙයිද…? එයින් රට ස්ථාවර වුණා. කොටස් වෙළෙඳ පොළ වර්ධනය වුණා. අපි ලැහැස්ති වුණේ මහමැතිවරණයකට යන්න. ජනතාවගේ ඒ තීන්දුවෙන් පසුව මේ රට තවත් ස්ථාවර වෙන්නයි තිබ්බේ. ඒක නැවැත්තුවේ, එජාපය, ජවිපෙ සහ දෙමළ සන්ධානය කියන හවුල.

ප‍්‍රශ්නය – මේ අස්ථාවරභාවය නිසා ඔබ ලබා ගත්ත අගමැතිකමත්, ඇමැති මණ්ඩලයත් කිසිදු වැදගැම්මක් නොමැති තත්ත්වයකට පත්වෙලා නේද…?

පිළිතුර – අපි මේ දින කිහිපයේදී රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කොයිතරම් තීරණ ගත්තාද…? අපි ඔක්තෝබර් 26 ආපු ගමන්ම ඉන්ධන මිලත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයකත් මිල අඩු කළේත්, පොහොර සහනාධාරයත් යළි ස්ථාපිත කරලා කෘෂිකර්මයෙන් ලැබෙන ආදායම් බදු වලින් නිදහස් කරන්න පියවර ගත්තෙත් ජනතාවගේ පීඩනය අඩුකරලා නිෂ්පාදනය වැඩි කරන්නයි. දරුවන්ට ලැබෙන පාසල් නිල ඇඳුමට වවුචරයක් දීලා, කරපු වැඬේ මතකද…? අපි ඒ නිල ඇඳුම් වවුචරය අහෝසි කළා. හැම මාසයේම ජනතාව බය කරපු තෙල් මිල සූත‍්‍රය අහෝසි කළා. අපි මේ ගන්න උත්සාහය ලංකාවට ගොඩයන්න තියෙන අන්තිම අවස්ථාවයි. මැතිවරණ නොපවත්වා දිගටම බලයේ ඉඳගෙන රට විනාශ කරන්න වලිකන බලවේග අපි හැමෝම එකතුවෙලා පරාජය කරලා මේ රට නැවත හරි මඟට ගමු, කියන එක තමයි මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ප‍්‍රශ්නය – ඔබ බලයට ආපු ගමන් නවීන බෙන්ස් රථයක් සිය පාවිච්චිය සඳහා මිලට ගත් බවට චෝදනා එල්ල වුණා…

පිළිතුර – ඔය එන්නේ එදා ආපු මඩමනේ… අපිව එදා පරාජය කළේ ඔය වගේ මඩ ප‍්‍රචාර යවලනේ… එහෙම ආරංචි පළකරපු අය ඊළඟ සතියෙම ඒක නිවැරදි කරානේ… මම ජනතාවට කියන්නේ, ඔය වගේ මඩවලට ආයෙත් රැවටෙන්න එපා කියන එකයි. මේ අය අසත්‍යය සහ අපවාදය තමයි අපිට එරෙහිව භාවිත කළේ. රටේ ආර්ථික ආපදා තත්ත්වයක් තිබෙන ලෙස තමයි අපිට කටයුතු කරන්න වෙන්නෙ. යූ. එන්. පී ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදු පටවන අතර මැති ඇමැතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන එකට, නොයෙක් උත්සව වලට වියදම් කරන එකට, විදේශීය ගමන්වලට අධික වියදම් කරන එකට, තිත තියන්න ඕන. ඊළඟ මහ මැතිවරණයෙන් පස්සෙ, බලය පවත්වාගෙන යන්න පුළුවන් වෙන ආකාරයට අපි ඇමැතිවරු සුදුසු ගණනක් පත් කරනවා. මම ඒක කල් තියාම කියන්න ඕන. අනිත් හැම දේකටම කලින් රටේ ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕන. ඒ අලූත් ආණ්ඩුවෙන් වියදම් කපා හරින්න උපරිම ලෙස කටයුතු කරනවා. ඒ වගේම තමයි, බැඳුම්කර කොල්ලය ඇතුළු එජාප ආණ්ඩුව විසින් කරන ලද සියලූ දූෂණ සෙවීමට අපි කටයුතු කරනවා.

Related Images:

ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියේ පරමාර්ථය

මාධ්‍ය නිවේදනය

ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියේ පරමාර්ථය

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා 2018 නොවැම්බර් 25 වෙනි ඉරිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට කරන ලද දේශනයේ පිටපත

අතිපූජ්‍ය මහා සංඝයා වහන්ස, සියලු ආගම්වල පූජකතුමනි, ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවනි, හිතවතුනි,

මම පසුගිය 15 වෙනිදා පාර්ලිමේන්තුවේ කරපු කතාවේ සියලුම දේශපාලන පක්‍ෂවලට යෝජනා කළා, ජනතා පරමාධිපත්‍යට ඉඩ දීලා මහ මැතිවරණයකට යමුයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ එකඟ වුණා. නමුත් යූ.එන්.පී එක මහ මැතිවරණයක් නැතුව ජනාධිපතිවරණයක් පවත්වමුයි කියලා මඟහරිනවා. අවුල තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ අවස්ථාවේදී ජනාධිපතිවරණයක් පවත්වන්න කිසිම හේතුවක් නෑ. 2015 අගෝස්තු මාසයේ පවත්වපු මහ මැතිවරණයෙන් කිසිම පක්‍ෂයකට පැහැදිලි බහුතරයක් ලැබුණේ නෑ. එක්සත් ජාතික පක්‍ෂයට ආසන 106 යි, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 96යි, වෙනස ආසන 10යි.

ඒ අවස්ථාවේදී එජාපය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ එජනිස මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමඟ ඇති කරගත් ගිවිසුම්ක් අනුවයි. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා එජනිස කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වුණා. ඊට පස්සෙ එජාප මන්ත්‍රීවරු කීපදෙනෙකුම අපට එකතුවුණා. අද පාර්ලිමේන්තුවේ විශාලම කණ්ඩායමට තමයි මම නායකත්වය දෙන්නේ. 1994, 2001, 2004 මහමැතිවරණ වලින් පස්සේ ඒ කාලේ ජනාධිපතිවරුන් වූ ඩී.බී. විජේතුංග මහතාත්, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් ආණ්ඩුවක් පිහිටුවන්න ආරාධනා කලේ පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් හිටපු කණ්ඩායමටයි. ඒ අනුව 1994 දී පොදු පෙරමුණත්, 2001 දී එක්සත් ජාතික පක්‍ෂයත්, 2004 දී එක්සත් ජනතා නිදහස් සංධානයත් ආණ්ඩු හැදුවා.

අපි පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා කලේ දැනටම ප්‍රකාශයට පත් කරලා තාවකාලිකව උසාවිය විසින් අත්හිටුවලා තියෙන මහ මැතිවරණය අවසන් වෙනකන් පමණක් පවතින අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම පමණයි. මේ ආණ්ඩුවෙන් දිගටම රට පාලනය කරන්න අපේ මොනම බලාපොරොත්තුවක් වත් තිබුණෙ නෑ. මුලු රටටම පේනවා ඒකාබද්ධ විපක්‍ෂයෙන් මේ ආණ්ඩුවේ තනතුරු දරන්නේ බොහොම සුළු පිරිසක් කියලා. ඒ, මේක තාවකාලික ආණ්ඩුවක් නිසයි. අපේ ඒකායන පරමාර්ථය මැතිවරණයක් පවත්වලා අලුත් ආණ්ඩුවක් පිහිටුවාගන්න එකයි කියලා මම අගමැති ලෙස දිවුරුම් දීපු අවස්ථාවේ ඉඳලා කිවුවා. නමුත් අනෙක් පැත්තෙ අයගේ එකම බලාපොරොත්තුව මොනම මැතිවරණයක්වත් නොපවත්වා, අර පරණ ආණ්ඩුවම තව පුලුවන්තරම් ඇඳගෙන යෑමයි. ඕක තමයි මෙතන තියෙන ගැටුම.

සමහර කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි ඡන්දයකට තව මාස 18 ක් වගේ කාලයක් තියෙද්දී ඇයි ආණ්ඩුව භාරගත්තේ කියලා. මට ඇහිලා තියෙනවා එජාපයේ අයත් කියනවා මම ‘ඉක්මන්’ වුණා වැඩියි කියලා. තව මාස 18 කට අඩු කාලයක් ඉවසගෙන හිටියනම් තුනෙන් දෙකේ බලයක් ඇතුව දිනන්න පුලුවන් වෙනවයි කියලා. මෙතන අපි ආණ්ඩුවක් පිහිටෙවුවෙ දිගටම ඒ ආණ්ඩුවෙන් රට පාලනය කරන්න නොවෙයි, මහ මැතිවරණයක් පවත්වන්න. ජනාධිපතිතුමා ජාතිය අමතලා කිවුවනේ එතුමා මට රට භාරදුන්නේ බැරිම තැනට ආවට පස්සෙයි කියලා. ඉතින් ඒ වගේ තත්වයක් යටතේ මට රට භාර දෙනකොට ඒ වගකීම් භාර නොගෙන ඉන්න පුලුවන්ද? මේක ආණ්ඩු බලය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි, මේක අපේ රටේ ජාතියේ, අපේ මතු පරම්පරාවේ ඉරණම පිළිබඳ ප්‍රශ්නයක්.

අවසානයේදී අපිම නම් ඉන්නෙ රට බාරගන්න, විනාශය තවත් උග්‍ර වෙන්න කලින් බාරගන්න එකෙත් තර්කයක් තියෙනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් පවත්වන්නත් මඟ පෑදුවා. නමුත් යූ.එන්.පී හවුල උසාවියේ නඩු දාලා පවත්වන්න ගිය මහ මැතිවරණය කල් දාගත්තා. ජනාධිපතිතුමාගේ ගැසට් එක අනුව කටයුතු කලා නම් මේ වෙනකොට නාමයෝජනා භාර දෙන්නත් පටන් අරගෙන. මහ මැතිවරණයක් පැවැත්වීමෙන් කාගේ හෝ අයිතීන් උල්ලංඝනය වෙනවාද නැද්ද කියන කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය විසඳන තුරු යූ.එන්.පී හවුල මේ කඩාකප්පල්කාරී වැඩ දිගටම කරයි.

දැන් හිටපු යූ.එන්.පී මුදල් ඇමතිවරයා කියනවා ආණ්ඩුව වෙනස් කරපු නිසා රටේ ආර්ථිකය පිරිහෙනවයි කියලා. පසුගිය ආණ්ඩුව යටතේ ආර්ථිකයේ වෙච්ච දරුණු පරිහානිය නිසා තමයි ජනාධිපතිතුමා මට රට බාරදුන්නේ. මේ වගේ තත්වයක් ඇති වුණාම ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රටක කරන්නේ මහමැතිවරණයක් පවත්වලා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න එකයි. ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවේ හිටපු නිසා දන්නවා අපි අසීරු තත්වයන් පාලනය කලේ කොහොමද කියලා. යුද්දය කරන්න අපි සල්ලි හොයාගත්තා. දශක ගණනාවක් තිස්සෙ කාටවත් කරන්න බැරි වුණ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති විශාල ගණනක් අපි සම්පූර්ණ කළා. 2007 ලෝක ආහාර අර්බුදය ජනතාවට දැනෙන්නවත් ඉඩ හැරියේ නෑ. 1930 ගණන් වලින් පසු ලෝකයේ ඇති වූ දරුණුම ආර්ථික අවපාතය 2008 දී ඇති වුණත් ලංකාවේ මිනිස්සු ඒවගේ දෙයක් වුණයි කියලවත් දැණගෙන හිටියෙ නෑ. ඒ කාලේ ලෝක තෙල් මිල ඉතිහාසයේ කවරදාකටත් වඩා ඉහල මට්ටමක පැවතියත්, ඒකත් අපි කළමණාකරනය කරගත්තා.

මම අවුරදු 9ක් ඇතුලත මේ රටේ ඇමරිකානු ඩොලර්ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළා. ඒ කාලේ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4%ක්. ඩොලරයක මිල රුපියල් 131යි. දල ජාතික නිෂ්පාදිතයට සාපේක්‍ෂව ණය බර තිබුණෙ 70% ක අගයක. අපි 2015 ජනවාරි 9 වනදා අලුත් ආණ්ඩුවට බාර දුන්නේ ආර්ථික වශයෙන් ඉතාම ස්ථාවර රටක්. නමුත් අවුරුදු 4ක අවපාලනයෙන් පස්සෙ, අද මුලු ආර්ථිකයම දැඩි අවදානම් සහගත තත්වයකයි තියෙන්නෙ. අද මේ රට මුහුණපාල තියෙන ආර්ථික අර්බුදයේ භයානකම පැත්ත තමයි විදෙස් විනිමය ණය බර. මම 2005 දී මුල් වරට ජනාධිපති වෙනකොට රටේ යුද්දයක් තිබුණ. නමුත් ආර්ථිකය ඇත්ත වශයෙන්ම මේ තරම් දරුණු තත්වයක නෙවයි තිබුණෙ. ඒ කාලෙත් දළ ජාතික නිශ්පාදිතයට සාපේක්‍ෂව ණය ප්‍රතිශතය 90%ක් තරම් ඉහලට නැගලයි තිබුණෙ. නමුත් එදා ඒ තිබුණ ණය අතරෙ අද තරම් විදේශීය ණය ප්‍රමාණයක් තිබුණෙ නැහැ.

2015 ජනවාරිවල ඉඳලා යූ.එන්.පී ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඩ්, සින්ඩිකේටඩ් ලෝන්, කරන්සි ස්වැප් වගේ නොයෙක් මූලාශ්‍ර වලින් ලබාගත්ත විදෙස් විනිමය ණය ප්‍රමාණය ගැන විටින් විට ලිඛිතව මහජනතාව දැනුවත් කරන්න මම පියවර ගත්තේ නැවත අපි බලය ගත්ත දවසට, අපිට මුහුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නය මේ ණය ගැනීම බව මම දැනගෙන හිටිය නිසයි. අවුරුදු තුන හමාරක් ඇතුලත යහපාලන ආණ්ඩුව සමස්ථයක් ලෙස ඇමරිකානු ඩොලර් 20.7ක විදෙස් විනිමය ණය පමණක් අරගෙන තියෙනවා. මේ ණය වින්නැහිය නිසා මේ රට ගොඩගන්න කාලයක් ගතවෙනව. මහ මැතිවරණයක් නොපවත්වා, පැවතුණු ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න හදන අයට මේ රට ගොඩගන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන. ගොඩ අරගෙන තිබ්බ රට ප්‍රපාතයට දැම්මේ ඒගොල්ලො තමයි. ඒකයි මැතිවරණ වලට ඔය තරම් බය.

2006 දී යුද්ධය ආරම්භ වුණාට පස්සෙ මේ රටේ මහ ජනතාව, වෘත්තීය සමිති, පාරිභෝගිකයන්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන් යන සියලුම ජන කොටස් ඒ යුද ප්‍රයත්නයට හානි කරවන කිසි දෙයක් නොකර ඉන්න වගබලා ගත්තා. ඒ ජනතා සහයෝගය නිසා තමයි අපට පුලුවන් වුනේ වෙන කිසිවකුටවත් ඉවර කරන්න බැරි වුණ යුද්ධය ඉවර කරන්න. මා මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනව මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් රට ගොඩ ගන්න අපට යුද්දය කාලයේදී ලබාදුන් ආකාරයේ සහයෝගයක් ලබා දෙන්න කියලා. මේ රට ගොඩ ගන්න තියෙන අවසන් අවස්ථාව මෙයයි. අපේ උත්සාහය වැරදුනොත් මේ රට කෙළවර වෙන්නෙ ග්‍රීසියට වෙච්ච දේ වෙලා.

රටේ ආර්ථික ආපදා තත්වයක් තිබෙන ලෙස තමයි අපිට කටයුතු කරන්න වෙන්නෙ. යූ.එන්.පී ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදු පටවන අතර මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන එකට, නොයෙක් උත්සව වලට වියදම් කරන එකට, විදේශීය ගමන්වලට අධීක වියදම් කරන එකට, තිත තියන්න ඕන. ඊළඟ මහ මැතිවරණයෙන් පස්සෙ, බලය පවත්වාගෙන යන්න පුලුවන් වෙන ආකාරයට අපි ඇමතිවරු සුදුසු ගණනක් පත් කරනවා. මම ඒක කල් තියාම කියන්න ඕන. අනිත් හැම දේකටම කලින් රටේ ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕන. නමුත් ඒ අලුත් ආණ්ඩුවෙන් වියදම් කපා හරින්න උපරිම ලෙස කටයුතු කරනවා.

මේ රට අද වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩගන්න පුලුවන් අපිට විතරයි කියලා ජනාධිපතිතුමත් දන්නවා, රටේ ජනතාවත් දන්නවා. 2005 නොවැම්බර් මාසේ බලයට පත් වුණාට පස්සෙ අපිට මුහුණ දෙන්න වුණේ ලේසි පහසු අභියෝගවලට නොවෙයි. 2007 දී යුද්දයේ උච්චතම අවස්ථාවේදී මගේ ආණ්ඩුව එච්.එස්.බී.සී බැංකුවන් ඩොලර් මිලියන 500ක ණයක් ගත්තාම යූ.එන්.පී එකෙන් බැංකුව වටකරලා කිවුවා මුදල් දෙන්න එපා, දුන්නොත්, ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් යටතේ ඒ සල්ලි ආපහු ගෙවන්නේ නෑ කියලා. 2009 අප්‍රේල් මාසේ යුද්දය ඉවර වෙන ඔන්න මෙන්න කියලා තියෙනකොට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට එම ආයතනයේ සාමාජික රටක් හැටියට එන්න තිබුණු ණය මුදලක් අවහිර කලා.

ඒ අවස්ථාවේදී මම අපේ හිතවත් මැද පෙරදිග රටකට කතා කරලා ඩොලර් මිලියන 500ක පොරොන්දුවක් ඉල්ලා ගත්ත හින්දා ඒ උගුලෙන් බේරෙන්න අපිට පුලුවන් වුණා. ඊට පස්සෙ, ප්‍රභාකරන් මැරුණා. අවහිර කරලා තිබ්බ අයි.එම්.එෆ් සල්ලිත් ලැබුණා, මැදපෙරදිගින් ඩොලර් මිලියන 500 ගන්න වුනෙත් නෑ. පසුගියදා, මූඩීස් ආයතනය විසින් අපේ ණය ශ්‍රේණිගත කිරීම පහලට දැලයි කියලා හිටපු මුදල් ඇමතිතුමා කියනවා. නොදැම්මනම් තමයි පුදුමේ. 2015 අපි යූ.එන්.පී එකට රට භාර දෙනකොට ඔය සේරම ශ්‍රේණිගතකිරීම් ඉහල යමින් තිබුණෙ. ඒවා පහලට එන්න පටන්ගත්තෙ 2015 න් පස්සේ.

මේ ණය ශ්‍රේණිගත කිරීම් ඇතුලේ සියුම් දේශපාලනයකුත් තියෙන බව කියන්නත් ඕන. 2009, අපි යුද්දය දිණුවට පස්සෙ ණය ශ්‍රේණිගත කිරීම් ඉහල දැමිය යුතු වුණත් ඔවුන් අපිව පහලට දැමුවා. නමුත් වෙළඳපොල අපි ගැන තිබුණු විශ්වාසය නිසා ඒක සත පහකට ගණන් ගත්තෙ නෑ. ඒවගේ අභියෝගත් අපට ජයගන්න පුලුවන් කියලා දන්න හින්දා තමයි ජනාධිපතිතුමා අපිට රට බාරදුන්නේ. යූ.එන්.පී එකත් ඕක දන්න හින්දා තමයි දිනපතාම විදෙස් ජනමාධ්‍යෙව්දීන් හා තානාපතිවරුන් ගෙන්වලා මහමැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි කියලා ලෝකය පුරා ප්‍රචාරයක් කරන්නෙ. මහ මැතිවරණයක් පවත්වලා අපේ ආණ්ඩුවක් බලයට අවොත් මේ සියලුම ප්‍රශ්න විසදනවා කියලා ඒගොල්ලො දන්නවා. ජනාධිපතිවරයාත්, අපිත් එකතු වී හදන ආණ්ඩුව ඉතාම බලසම්පන්න, ජනතා හිතවාදී ආණ්ඩුවක් වෙන බව මතක තබාගන්න.

ඔක්තෝබර් 26 ආණඩු මාරුවෙන් පස්සෙ, තාම මාසයයි. දැන් තියෙන්නෙත් අන්තර්කාලීන ආණ්ඩුවක් විතරයි. බිඳවැටීමේ ප්‍රවනතාවයක් ඇති වුණාම මාසෙන් දෙකෙන් තත්වය අනික් පැත්තට හරවන්න අමාරුයි. රට ස්ථාවර කිරීමට පවත්වන්න හදපු මහ මැතිවරණය කල් දාල තියෙන නිසා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න තව ටික කාලක් ගතවෙයි. මේ සංක්‍රාන්ති කාලය තුළ මා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අප සමඟ ඉඳලා රට ගොඩගැනීමේ උත්සාහයට සහභාගී වෙන්න කියලයි. අපි 2006 – 2014 කාලයේදී පුලුවන්තරම් ජනතාව පීඩනයට පත් නොවන ආකාරයට කටයුතු කල ආකාරය කාටත් මතක ඇති. අපි ඔක්තෝබර් 26 ආපු ගමන්ම ඉන්ධන මිලත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයකත් මිල අඩු කලේත්, පොහොර සහනාධාරයත් යළි ස්ථාපිත කරලා කෘෂිකර්මයෙන් ලැබෙන ආදායම් බදු වලින් නිදහස් කරන්න පියවර ගත්තෙත් ජනතාවගේ පීඩනය අඩුකරලා නිශ්පාදනය වැඩි කරන්නයි.

2015ට කලින් තත්වයත් ඊට පස්සෙ ඇතිවෙච්ච තත්වයත් මේ රටේ ජීවත් වෙච්ච ජනතාවට මතකයි. 2015 දී මිනිස්සු ආණ්ඩුව වෙනස් කලේ කන්න අදින්න ඉල්ලලා නොවෙයි කියලා යූ.එන්.පී ආණඩුවේ හිටපු කැබිනට් ප්‍රකාශකවරයාම කී සැරයක් කියලා තියෙනවද? ඔහු කිවුවෙ මිනිස්සුන් 2015 ආණ්ඩු වෙනසකට ඡන්දය දුන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියලයි. නමුත් ඒ ආණ්ඩු වෙනසින් පස්සෙ, මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදයත් නෑ, ඡන්ද අයිතියත් නෑ, කන්න අදින්නත් නෑ. ඒක නෙවයිද වුණේ? අපි මේ ගන්න උත්සාහය ලංකාවට ගොඩයන්න තියෙන අන්තිම අවස්ථාවයි. මැතිවරණ නොපවත්වා දිගටම බලයේ ඉඳගෙන රට විනාශ කරන්න වලිකන බලවේග අපි හැමෝම එකතුවෙලා පරාජය කරලා මේ රට නැවත හරි මඟට ගමු.

ඔබ සැමට තෙරුවන් සරණයි

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ

2018 නොවැම්බර් 25

 

Related Images:

විශ්වාශභංගක් නීත්‍යානුතූලව සම්මත කළයුතු ආකාරය

මාධ්‍ය නිවේදනය

අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුතූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන්

1. අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාව කතානායකතුමාට භාරදිය යුතුය. ඒ සදහා අවම වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු අත්සන් කළ යුතුය.

2. පාර්ලිමේන්තු මහලේකම් හරහා එම යෝජනාවේ නීත්‍යානුකූලභාවය කතානායකතුමා විමසිය යුතුය.

3. එම යෝජනාව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකූල බව මහලේකම්තුමා විසින් කතානායකතුමාට දැනුම් දිය යුතුය.

4. එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (Order Book) ඇතුලත් කළ යුතුය.

5. එම න්‍යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්‍ර‍ය කර සියලුම මන්ත්‍රීවරුන්ට බෙදා හැරිය යුතුය.

6. වැඩකරන දින පහකට පසුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කිරීමට අවස්ථාව සැලසිය යුතුය.

7. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවෙන් එම න්‍යාය පුස්තකයේ තිබෙන කටයුතු ගැන සලකා බලා ප්‍ර‍මුඛස්ථානය දිය යුත්තේ කුමන කටයුක්තකට දැයි තීරණය කළ යුතුය. (Committee on Parliamentary Business headed by the Speaker) මෙම කාරක සභාවේ මූලාසනය කතානායකතුමා ගන්නා අතර, සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍ර‍ධාන සංවිධායක ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ වලින් සමන්විත මන්ත්‍රීන් කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. එසේම විපක්ෂ නායකතුමා ඇතුලු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂයෙන් නම් කරන ලද කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. තවද, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකද, නියෝජ්‍ය කාරක සභා සභාපතිද මෙම කමිටුවේ සාමාජිකයන්ය. ඒ අනුව, න්‍යාය පුස්තයේ සදහන් වී ඇති ආණ්ඩුවේ කටයුතු වල ප්‍ර‍මුඛස්ථානය නියම කරන්නේ සභා නායකවරයාය.

8. මෙවැනි විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුලත්වූ පසු එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා සභා නායකතුමාගේ සහ ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා ලබා දිය හැකි ආසන්නතම දිනය තීරණය කළ යුතුය.

9. එම දිනයේ න්‍යාය පත්‍ර‍යට මෙම යෝජනාව ඇතුලත් කොට අදාළ දිනයට විවාදයට ගන්නා බවට දැනුම් දිය යුතුය.

10. එම විශ්වාශභංගය විවාද කිරීම සදහා ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසින් තීරණය කළ යුතුය.

11. අදාළ දිනයේදී විවාදය පවත්වා ඡන්දය විමසීම සහ එය ප්‍ර‍කාශ කළ යුතුය.

12. එදින පාර්ලිමේන්තුවේ විවාදය පිළිබද හැන්සාඩ් වාර්තාව නිකුත් කළ යුතුය.

ඉහත කී සියලුම ක්‍රියාවලියන් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවටද, ස්ථාවර නියෝගවලටද, පාර්ලිමේන්තු සම්ප්‍ර‍දායන් සහ ක්‍රියා පටිපාටියන් වලට අනුකූලව සිදු කිරීමට පාර්ලමේන්තුව වගබලා ගත යුතුය.

2018 අප්‍රේල් මාසයේදී හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙනා විශ්වස භංගය ඉහත සදහන් ආකාරයට නීත්‍යාණුකුලව ඉදිරිපත් කර ඇත.

එස්. අමරසේකර
අග්‍රාමාත්‍ය ලේකම්  – 2018 නොවැම්බර් 16

 

Related Images:

ජනතා පරමාධිපත්‍යට ඉඩ දෙමු

2018 නොවැම්බර් 15 වෙනි බ්‍රහස්පතින්දා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ කළ කතාවේ පිටපත

ගරු කථානායකතුමනි,

පැවති ආණ්ඩුව විසිරුවල ඊලඟ මහ මැතිවරණය තෙක් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවපු හේතු ජනාධිපතිතුමා පැහැදිලි කරලා තියෙනවා. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා වෙනකොට ජනතාව හිටියේ විශාල පීඩනයකින්. ඉන්ධන මිල සූත්‍රය හා රුපියලේ කඩාවැටීම නිසා දිනෙන් දින වැඩිවෙන ජීවන වියදම, කිසිදාක අත්නොදුටු ආකාරයේ බදු බර, මහ බැංකු මංකොල්ලය නිසා දෙගුණයකින් වැඩි වුණු පොලී අනුපාතය, රටේ වරායවල්, ගුවන් තොටුපොලවල්, රජයට අයත් ලාබදායි ව්‍යාපෘති, ඇතුලු සියලු රජයේ දේපොල විදේශිකයන්ට විකිනීමට සැරසීම, ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට විකිනීමට නව නීති සැකසීම, විද්වතුන් හා දේශීය ව්‍යාපාරිකයන්ගේ මතය නොසලකා විදෙස් ගිවිසුම් වලට එළැඹීම, අයෝජකයන්ගෙන් මහා පරිමාන අල්ලස් ඉල්ලීම වගේ කාරණා නිසා පැවති ආණ්ඩුව ගැන රටේ විශාල අප්‍රසාදයක් තිබුණා.

අපි දැක්කා ජනාධිපතිතුමා පසුගිය කාලේ එක්සත් ජාතික පක්‍ෂෙය් ආර්ථික කළමණාකරන කමිටුව විසිරුවල රටට වෙමින් තිබෙන විනාශය අවම කරගන්න යම් උත්සාහයක් ගන්නවා. මේ කාරණා ගැන අගමැතිතුමා සමඟ කැබිනට මණ්ඩලයේ බහින්බස්වීම් ගැනත් අපිට අහන්න ලැබුණා. ඒ අවස්ථාවේ තමයි පොලීසියේ පිරිසකුත් හවුල් වෙලා ජනාධිපතිවරයාවත්, හිටපු ආරක්‍ෂක ලේකම්වරයාවත් ඝාතනය කරන්න එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් කුමන්ත්‍රණය කලායි කියන ආරංචිය පටිගත කරපු සාක්‍ෂිත් සහිතව අපිට අහන්න ලැබෙන්නේ. තත්වය එතනට ගියාට පස්සෙ තමයි, ජනාධිපතිවරයා තීන්දු කලේ ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් කරගන්න. එජනිසය ආණ්ඩුවෙන් ඉවත් වෙනවත් එක්කම පැවතුණු සභාග ආණ්ඩුව විසිරුනා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී ඇති බලතල අනුව මට ආරාධනා කලා අග්‍රාමාත්‍ය ධූරය භාර අරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න කියලා.

ඒ අවස්ථාවේදී මට තෝරා ගැනීමක් තිබුණා එක්කෝ ඒ ආරාධනය පිළිගන්න, නැතිනම් ප්‍රති‍ක්‍ෂේප කරන්න. මට ඕනනම් කියන්න තිබුණා UNP එක අවුරුදු හතරකට කිට්ටු කාලයක් හිටපු විදියට ඉතිරි ටිකත් හිටපුදෙන් කියලා. තව අවුරුද්දයි තිබුණෙ. නමුත් අපි තමයි ප්‍රධාන විපක්‍ෂ බලවේගය. අපි තමයි රටේ ලොකුම දේශපාලන පක්‍ෂය. අපිට යුතුකමක් තියෙනවා රටේ ජනාධිපතිතුමා මුලු රටටම වෙන්න ගිය මහා වින්නැහියක් වලක්වාගන්න අපිට රට බාරදෙනකොට, ඒ වගකීම් බාරගන්න. ඒ අනුව මම ඒ වගකීම බාරගත්තා. ඒ වගේම මට තිබුණු ප්‍රශ්නය තමයි එජාප ආණ්ඩුව තවත් අවුරුද්දක් තිබුණනම් රටට මොනවායින් මොනව වෙලා තියෙයිද කියන එක. 2015 ජනවාරියේ ඉඳලා එජාප ආණ්ඩුව විදේශ විනිමය ණය විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 21 ක් ලබාගෙන තියෙනවා.

මේ ඉවක් බවක් නැති ණය ගැනිල්ල තමයි රටට වෙමින් තිබුණු ලොකුම විනාශය. අපි පිහිටෙවුවේ මහ මැතිවරණයක් පවත්වන තුරු අන්තර්කාලීන ආණ්ඩුවක් පමණයි. ඒ නිසා තමයි, ඒකාබද්ධ විපක්‍ෂෙයේ සුළු පිරිසක් පමණක් ආණ්ඩුවේ ඇමතිකම් බාර ගත්තෙ. රට ප්‍රපාතයට යනවත් එක්කම අපි ඒකාබද්ධ විපක්‍ෂය හැටියට පසුගිය කාලේ දිගින් දිගටම මහ මැතිවරණයක් ඉල්ලා හිටියා.

නමුත් පැවති ආණ්ඩුව මැතිවරණ සිතියම අකුළලයි තිබුණෙ. 2015 මාර්තුවේ විසිරුවපු පලාත් පාලන ආයතන වලට ඡන්ද පවත්වාගන්න අවුරුදු තුනක් ගියා. පලාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරලා, සීමා නීර්ණය ගැටළු තියෙනවය කියල ඡන්දය කල් දැම්මා. උසාවියේ නඩු දාලා පලාත් පාලන ඡන්දය නොතියන තැනට වැඩ සලස්සන්න හදන කොට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, සීමා නීර්ණ ගැටළු නැති පලාත් පාලන ආයතන සඳහා ඡන්දය පවත්වන්න සූදානම් වුනහම තමයි ආණ්ඩුව අවසානයේදී ඒ මැතිවරණයවත් පැවැත්වූයේ. අද වෙන විට සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පලාත් සභා විසිරුවලා අවුරුද්දකට වැඩිය කාලයක් ගතවෙලා තියෙනවා. පසුගිය මාසය වන විට උතුරු පළාත් සභාව ඇතුලු තවත් පළාත් සභා තුනක් විසිරිලා ගියා, නමුත් ඡන්ද නෑ.

ජනාධිපතිතුමා තමාට ව්‍යවස්ථාවෙන් හිමි බලතල අනුව පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දයක් කැදෙවුවාම, ලංකා ඉතිහාසයේ පලමු වතාවට එජාපය, ජවිපේ ඇතුළු පක්‍ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා මැතිවරණයක් පවත්වනවට විරුද්දව. මේ පාර්ශවම තමයි ගිය අවුරුද්දෙ කිසිම හිරිකිතයක්, ලැජ්ජාවක් නැතුව පලාත් පාලන ඡන්දයත් පලාත් සභා ඡන්දත් දින නියමයක් නැතුව කල් දාගන්න, වෙනත් කාරණා වලට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණු පනත් කෙටුම්පත්වලට කාරක සභා අවස්ථාවේදී පස්සා දොරෙන් සංශෝධන ගෙනල්ලා ඡන්ද ක්‍රමයත් මුලුමනින්ම අවුල් කරලා ඒ ඡන්ද කල් දාගත්තේ. මේ රටේ ජනතාවගේ ඡන්දය දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැරගත්තා.

අද මම පාර්ලිමේන්තුවට එනකොට දැක්කා පෝස්ටරයක් – “මහ මැතිවරණයකින් මූලික මිනිස් අයිතිවාසිකම් කැඩෙන්නේ කාගේද?” මේක වැදගත් ප්‍රශ්නයක්.

අපේ රටේ 1947, 1951, 1956, 1960 පත් වෙච්ච සියලුම පාර්ලිමේන්තු කලින්විසිරුවලා මහ මැතිවරණ තිබ්බේ ජනතාවට තම පරමාධිපත්‍ය බලය තුළින් තමාට කැමති ආණ්ඩුවක් පත් කරගන්න ඉඩ දෙන්නයි. ඒකෙන් තමයි ඒ කාලේ ජනතාවගෙ පරමාධිපත්‍ය බලය රැකුණෙ. පැවති ආණ්ඩුවට මේ රටේ ප්‍රශ්න විසදන්න බෑ කියලා අවබෝධ වුණු නිසා තමයි ජනාධිපතිතුමා මට රට භාර ගන්න කියලා කිවුවෙ. මම අගමැති හැටියට දිවුරුම් දීපු ගමන්ම රට පුරා නව බලාපොරොත්තු සහගත හැඟිමක් පැතිර ගියා.

අපේ කථානායකතුමා බටහිර තානාපති කාර්යාල හා තමන්ගේ පක්‍ෂය එක්ක එකතුවෙලා රටේ ව්‍යවස්ථාවටත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලටත් පටහැනිව මට විරුද්ධව “ශබ්දය අනුව” විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගත්තයි කියලා කියනවා. සද්දෙන් බෑ යෝජනා සම්මත කරන්න. කථානායකවරයාගේ ඊනියා විශ්වාසභංගයේන් පස්සෙ හිටපු අගමැතිතුමා නැවතත් අගමැති වෙලයි කියලා හිටපු ඇමතිවරු ඒගොල්ලන්ට කලින් තිබ්බ අමාත්‍යංශ වලටත් ගිහිල්ලා තියෙනවා. රටේ අගමැතිවරයා ඇතුලු ඇමති මණ්ඩලය පත් කරන්නෙ ජනාධිපතිතුමා. පාර්ලිමේන්තුවට හෝ කථානායකවරයාට ඒ බලය ව්‍යවස්ථාවෙන් දීල නැහැ.

නමුත් දැන් මෙතන පාර්ලිමේන්තුවේ දෙපාර්ශවයක් අතර මත ගැටුමක් තියෙනවා. මේ ආරවුල පාර්ලමේන්තුවේ ඉන්න 225 දෙනා අතරේ විසදාගන්න හදන්නේ නැතුව මේ රටේ ලක්‍ෂ 150 ක් ඉක්මවන ඡන්ද දායක ජනතාවට බාර දෙමුයි කියලා මම යෝජනා කරනවා. ඒකයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. දේශපාලඥයෝ හැටියට අපි හැමෝම තේරුම් ගන්න ඕන, අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නොවෙයි, ජනතාවටයි කියන එක. මම සංතෝස වෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කිවුවා පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දයකට යන්න යෝජනාවක් අවොත් ඒගොල්ලෝ ඒකට පක්‍ෂ වෙනවා කියලා. එක්සත් ජාතික පක්‍ෂය ඒ ගැන දරණ ස්ථාවරය මොකක්ද කියලා මේ පාර්ලිමේන්තුව තුළ අද ප්‍රකාශයක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ජනතාවට තමන්ගේ අභිමතය අනුව නව රජයක් තෝරා පත්කරගන්න සාධාරණ, යුක්තිසහගත මැතිවරණයක් පවත්වන්න මා සමඟ අත්වැල් බැඳගන්නා ලෙස පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලා 225 දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා.

ස්තුතියි.

MEDIA RELEASE-Sinhala

Related Images: