හිටපු ජනාධිපති ජපාන සංචාරය 4

ජපානයේ කුරුයිසාවා නගරයේ දී …

අද උදැසන ජපානයේ කුරුයිසාවා නගරයේ විවේක සුවයෙන් ශාරීරික ව්‍යායාම වල යෙදෙන අපේ මහින්ද මහත්තයා….
එදා මහින්ද රාජපක්ෂ අගමැති ලෙස කටයුතු කල කාලයේදී ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට ලක් වූ අවස්ථාවේදී ඉන් විපතට පත්වූවන් වෙනුවෙන් ක්ෂණිකව මැදිහත් වූ ජපානය, විපතට පත්වූන්ගේ අවශ්‍යතා සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හා බෙහෙත් ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කළ අතර හදිසි සුනාමි ආධාර ලෙස ඇමරිකානු ඩොලර් මිලියනයක මුල්‍ය පරිත්‍යාගයක් ද ඩොලර් මිලියන 80ක ව්‍යාපෘති වෙනුවෙන් ආධාර ද ලබා දුන්නේය. ශ්‍රී ලංකාවට සුනාමි ව්‍යසනයෙන් සිදු වූ හානි පිළිසකර කර ගැනීම සඳහා ලැබුණු ඇමරිකානු ලොඩර් මිලියන 500ක සමස්ත ආධාර ප‍්‍රදානයෙන් ඩොලර් මිලියන 250ක් ම ජපන් ආධාර වීම සුවිශේෂ බව විශේෂයෙන් මතක්කර දිය යුතුය.

ජපානයේ “මහින්ද එකමුතුව” සංවිධානයේ ක්‍රියාකාරී කමිටු සාමජිකයන් හමුවීම ….
ජුනි 7 වෙනිදා ජපානයේ කරුයිසාවා නගරයේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජපානයේ “මහින්ද එකමුතුව” සංවිධානයේ ක්‍රියාකාරී කමිටු සාමජිකයන් අතර හමුවක් පැවැත්වීය. එහිදී පසුගිය වසරේදී “මහින්ද එකමුතුව” විසින් කල සේවය පිළිබඳ කෙටි සමාලෝචනයක් ජයන්ත හෙට්ටිආරච්චි මහතා විසින් ඉදරිපත් කරන ලදී. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා මහින්ද එකමුතුවෙන් ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන පිළිබඳ රාජපක්ෂ මැතිතුමාව දැණුවත් කිරීමට එහිදී අමතක නොකලෙය. අද ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්තික වාතාවරණය ගැන දැණුවත් කල රාජපක්ෂ මැතිතුමා, ඔහුගේන් ඉල්ලා සිටියේ තමන්ට හැකි සැම අවස්තාවකම ලාංකිකයන්ට උදවු කිරීමට හා එකමුතුවෙන් වැඩ කිරීමට සියලුදෙනාම කටයුතු කිරීම ඉතා වදගත් බවයි. එසේම “මහින්ද එකමුතුව” සංවිධානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තමන් ඉතා සතුටු වන බවත්, එහි සියලුම සමාජිකයන්ට තමන් ස්තුතිවන්ත වන බව සඳහන් කළේය.

රට උගසට තබා බලය ලබා ගත් බේගල් කාරයන්ගේ විරුද්ධවාදියා මහින්ද වන්නේ, සියල්ලන්ටම වඩා වැඩියෙන් මහින්දට මිනිසුන් ආදරය කරන නිසාය. බලය නැති මහින්ද වටා මිනිසුන් පෙළ ගැසෙන්නේ ඒ ආදරය නිසාය. සැබෑ ජනනායකයා වටා පෙළ ගැසෙන ජන පවුරට කිසිදු විරුද්ධවාදියෙක් නැත.

අද දින ජපානයේ කුරුයිසාවා නගරයේදී අප දුටු ඒ ආදරණීය ජනනායකයා…..

Related Images:

හිටපු ජනාධිපති ජපානයේ සංචාරය 3

ජපානයේ රාමා ඩිබිකේ මෝටර්රථ ආයතනයට පැමිණීම…..
රාමා ඩිබිකේ මෝටර්රථ ආයතනයේ සභාපති ජගත් රමාණයක මහතාගේ ආරාධනාව පරිදි ජුනි 5දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජපානයේ යෝකෝහෝමා නගර කාර්යාලයට පැමිණියේය. එහිදී තම සේවකයින් හදුන්වා දෙමින් පිිළිගැනීමේ කතාව සිදුකල රාමනායක මහතා, තම ව්‍යාපාරයේ අතීතය හා වර්තමානය පිළිබඳ පැහැදිලි කිරීමක්ද සිදුකළේය. තමන් සැම අවස්ථාවකදීම පක්ෂ භේදයකින් තොරවම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජපානයේ දී කළයුතු යුතුකම්, සියලු දෙනාගේම සහයෝගයෙන් සිදුකරන බව පැවසීය. අද දින මෙම ස්ථානයට රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීම පිළිබඳව තමා ඇතුළු කාර්යමණ්ඩල ඉතා ප්‍රීති වන අතර අප වෙනුවෙන් අවස්ථාවක් ලබා දීම ගැන ජනධිපතිතුමාට ස්තුතිය පුද කරන ලදී. කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ප්‍රියල් නිශාන්ත මැතිතුමා හිටපු ජනධිපති වෙනුවෙන්ම ස්තුතිය පළකරමින් සභාව අමතන ලදී. පැමිණි සිටි සියලුදෙනා ජනධිපතිතමා සමග ජයාරූප ගැනීමට උද්යෝගයක් දැක වූ අතර ජපානයේ තොරතුරු කතා කරමින් ඔහුන් එහිදී දිවා ආහාරය ගන්නා ලදී.

යෝකොහොමා ටුසුකි කුණු ප්‍රතිචක්‍රීකරණ කිරීමේ කර්මාන්ත ශාලාවේදී  …
ලංකාව තුල පවතින ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති කුණු ගැටලුව සදහා විසදුම් සොයා සිදු කරන කාර්යන් පිලිබදව සොයා බැලීම සදහා මැදිහත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් ජපානයේ සංචාරය අතරතුර, යෝකොහොමා නගරයේ ටුසුකි කුණු ප්‍රතිචක්‍රීකරණ කිරීමේ ව්‍යාපෘතිය පිලිබදව සොයා බැලීම සදහා එක් විය.

ටෝකියෝ නගරයේ සිට ජපානයේ කරුයිසාවා නගරය යන අතර මගදී

අපේ රට තුළ අවුරුදු 30ක් තිස්සේ ත‍්‍රස්තවාදය තිබු යුගයේදී සාමය ඇති කිරීම සඳහා ජපානය දැක් වූ සහයෝගය අපි ඉතාමත්ම අගය කරන අතර ලාංකික ජනතාව ඒ යුගය අමතක නොකරනවා ඇත. ජපානය අද ලබා තිබෙන දියුණුවත් ශ‍්‍රී ලංකාවේ නැගී එන දියුණුවත් තව තවත් ශක්තිමත් කරන්නට දෙරටේ ජනතාව අතර සම්බන්ධය තවදුරටත් වැඩි කරගෙන කටයුතු කරන්නට අවශ්‍ය බව පැවසූ රාජපක්ෂ ජනාධිපතිතුමා, අපි සියලු දෙනාම එකතු විය යුතුයි කියලා විශ්වාස කරන බව ද පැවසීය.
ජුනි 6 වෙනිදා ටෝකියෝ නගරයේ සිට ජපානයේ කුරුයිසාවා නගරය යන අතර මගදී කැමරාවට යොමු වූ මතක සටහන්….

Related Images:

හිටපු ජනාධිපති ජපාන සංචාරය 2

At the Tokyo Nippon Sports and Science University …
On the invitation of the Nippan Sport Science University which won 128 Olympic medals for the Olympic Games, MP Roshan Ranasinghe, Member of Parliament, Piyal Nishantha and Yoshitha Rajapakse visited the sports complex on June 2. arrived.
Kenshiro Matsunami, Chairman of this university, also held a special discussion. The chancellor added that he was ready to extend the support of the University of Japan for the development of sports in Sri Lanka.

They were even encouraged by the Lankans who came to Japan’s “Ceylon In” restaurant.
It is from Mahinda’s real habit ever that he appreciated the big bag of the Sri Lankans always. President Mahinda Rajapaksa arrived at the Ceylon’s cafeteria that provides delicious meals to the Sri Lankan system in Japan. All the family members are delighted with Mahinda’s arrival at the venue and thanked the president for giving him an opportunity for us. All were received briefly in the “Mahinda Sathyagraha” for Jayantha Hettiarachchi. Even the Japanese were even eating the Sri Lankan system while they were portrayed by the President with the President. Then, on a voluntary basis, President Rajapaksa congratulated them on the wall, praising them at the invitation of the “Ceylon In” restaurant as a pamphlet.

Related Images:

හිටපු ජනාධිපති ජපාන සංචාරය 1

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජපන් සංචාරය – 2017 පලවෙනි දිනයේ 
2017 ජූනි 01 වෙනිදා
හිටපු ජනාධිපති ජපානයේ ටෝකියෝ නරිතා ගුවන් තොටුපළට ළඟා විය…
2017 ජුනි මස 01වැනිදා අළුයම 7 පමණ ජපානයේ ටෝකියෝ අගනුවර නරිතා ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත A330 වර්ගයේ ශ්‍රී ලන්කන් ගුවන් යානාවකින් ශ්‍රී ලංකාවේ පස්වෙනි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු දුත කණ්ඩායම මෙහි පැමිණෙන ලදී. එහිදී ජපන් විදේශ කටයුතු අමත්‍යාංශයේ හා වෙළද කටයුතු හා ආර්ථිකය අමත්‍යාංශය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ජපානයේ ජීවත්වන ලාංකික ප්‍රජව විසින් ගුවන්තොටුපළේ දී මහින්ද රාජපක‍්ෂ මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස පිළිගත්හ. ඉන්පසු දුතපිරිස ටෝකියෝ ඉම්පීරියල් හෝටලය කරා පිටත්විය.
ජපානය හා ශ්‍රී ලංකා අතර පවතින මිත්‍රත්වය හා 66 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සංකේතවත් කරමින්, ජපානයේ වකයාමා ප්‍රදේශ‍යේ මුර්යෝකොයින් විහාරස්ථානයට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් පුජා කිරීම ද දුත පිරිසේ ස්වාමීන් වහන්සේලා විසින් ජුනි 3 වෙනිදා පස්වරුවේ සිදුකිරීමට බලාපොරොත්තු වන්නේය.

අද අපි ඔබව පිළිගන්නේ හිටපු ජනාධිපති ලෙස නොව යුද්ධයක් අවසන් කල විශිෂ්ඨ නායකයකු ලෙසයි -ටෝශිහිරෝ නිකායි
ජපාන පාලක ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම් හා ජපාන නියෝජිත මන්ත‍්‍රී මණ්ඩල සභික, වෙළද හා ආර්ථික අමාත්‍ය ටෝශිහිරෝ නිකායි (Nikai Toshihiro) මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර සුහද හමුවක් ජුනි 01 වෙනිදා සවස ටෝකියෝ ලිබරල් පක්ෂය ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන සාමය සහ සංවර්ධනය පිළිබඳව තම සතුට පළ කළ අමාත්‍යවරයා, එදා රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ සුවිසල් සංවර්ධනය ඉතා විශ්මිත බව කියා සිටියේය. මෙහිදී එතුමා, ශ‍්‍රී ලංකාවේ ගැටුම් අවසාන වීමෙන් පසු අත්කර ගෙන ඇති සංවර්ධනය ප‍්‍රශංසාවට ලක් කළේය.
ඒ වගේම එදා සත්ත්ව උද්‍යාට අලි පැටවුන් දෙදෙනෙකු ලබාදීම පිළිබඳව ජනාධිපතිතුමා වෙත නැවතත් ස්තූතිය පළ අතර එය ජපන් ජනතාවත් ශ්‍රී ලාංකීය ජනතාවත් අතර පවතින බැදීම තවත් දැඩි කිරීමට ගත් නිවරදි තීරණයක් බව ටෝශිහිරෝ මහතා පෙන්වා දුන්නේය. ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට ජපානය එදා ලබාදුන් සහයෝගයට සහ අද ලබාදෙන සහයෝගයට ස්තුති කළ හිටපු ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා, පසුගිය තම පාලන කාලයේදී සියලුම අංශයන්හි ශ‍්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය සියැසින් දැකබලා ගැනීමට ලෝක නායකයන් හා ජනතාව ශ‍්‍රී ලංකාවට පැමිණිය යුතු බව ද පැවසීය. ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් වෙනුවෙන් සිදු කෙරුණු දැවැන්ත ආයෝජනයන් අතර පේරාදෙණිය රෝහල, ජයවර්ධනපුර රෝහල, වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දිය හැකි අතර ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව ජපාන රජයේ පරිත්‍යාගය අදටත් ලාංකික ජනතාව ඉතා අගය කරන බව පවසන ලදී. ඒ වගේම ජපාන ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරුණු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අතර ඉහළ කොත්මලේ විදුලිබලාගාර ව්‍යාපෘතිය, කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ද සමනළ වැව හා කුකුලේගඟ ව්‍යාපෘති හා කටුනායක ගුවන්තොටුපොළ සංවර්ධනය හා ටෙලිකොම් ව්‍යාපෘති හා දුම්රිය මාර්ග පාලම් හා මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති ද අනිවාර්යෙන් මතක්කල යුතු බව හිටපු ජනාධිපති සඳහන් කළේය.
අද ලංකාවේ ගංවතුරින් විශාල ජනකොටසක් පිඩාවට ලක් වී ඇති බව සදහන් කළේය. එවන් මොහොතක 2011 දී සිදු වූ භූමි කම්පා හා සුනාමි ව්‍යසන අවස්ථාවල දී ලබා දුන් සහයෝගයට රාජපක්ෂ ජනාධිපතිතුමාට සිය කෘතඥතාව පළ කළ ටෝශිහිරෝ මැතිතුමා ව්‍යසනයෙන් අනතුරුව බොහෝ රටවල් සිය තානාපතිවරුන් ජපානයෙන් ඉවත් කර ගත්ත ද ශ‍්‍රී ලංකාවේ තානාපතිවරු අඛණ්ඩව තම රටේ රඳවා තැබීමට ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා පියවරගත් අතර, ජපානය සමඟ ශ‍්‍රී ලංකා ගුවන්ගමන් නතර නොකළ බව ද සිහිපත් කළේය. “ජපාන ජනතාවට ඔබගේ සහයෝගය මහත් දිරියක් වී යැයි” ද ටෝශිහිරෝ මැතිතුමා පැවසීය. වර්තමානයේ ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කරතා පිළිබඳව තමාට අවබෝධයක් ඇතැයි පැවසූ ටෝශිහිරෝ මැතිතුමා ඉදිරියටත් ඔබ ලාංකික ජනතාවට නායකත්වය දෙමින් ශ‍්‍රී ලංකාවට කැපී පෙනෙන ප‍්‍රතිඵල අත්කර ගැනීමට පුරෝගාමී වන බවට තමා විශ්වාස කරන බව ද පැවසීය. අද අපි ඔබව පිළිගත්තේ හිටපු ජනාධිපති ලෙස නොව වසර 30 යුද්ධයක් අවසන් කල විශිෂ්ඨ නායකයකු ලෙස බව ටෝශිහිරෝ මැතිතුමා අවධාරණය කළේය.
එ.ස.නි.ජ. මහනුවර දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, කළුතර දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තුව මන්ත්‍රී පියල් නිශාන්ත, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තුව මන්ත්‍රී රොෂාන් රණසිංහ, උදිත ලොකුබණ්ඩාර යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.
2011 ජපානයේ දී සිදු වූ භූමි කම්පා හා සුනාමි ව්‍යසනයෙන් අනතුරුව බොහෝ රටවල් සිය තානාපතිවරුන් ජපානයෙන් ඉවත් කර ගත්ත ද ශ‍්‍රී ලංකාවේ තානාපතිවරු අඛණ්ඩව තම රටේ රඳවා තැබීමට ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා පියවරගත් අතර, ජපානය සමඟ ශ‍්‍රී ලංකා ගුවන්ගමන් නතර නොකළ බව ද සිහිපත් කළේය. “ජපාන ජනතාවට ඔබගේ සහයෝගය මහත් දිරියක් වී යැයි” ද ටෝශිහිරෝ මැතිතුමා පැවසීය. වර්තමානයේ ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කරතා පිළිබඳව තමාට අවබෝධයක් ඇතැයි පැවසූ ටෝශිහිරෝ මැතිතුමා ඉදිරියටත් ඔබ ලාංකික ජනතාවට නායකත්වය දෙමින් ශ‍්‍රී ලංකාවට කැපී පෙනෙන ප‍්‍රතිඵල අත්කර ගැනීමට පුරෝගාමී වන බවට තමා විශ්වාස කරන බව ද පැවසීය. අද අපි ඔබව පිළිගත්තේ හිටපු ජනාධිපති ලෙස නොව වසර 30 යුද්ධයක් අවසන් කල විශිෂ්ඨ නායකයකු ලෙස බව ටෝශිහිරෝ මැතිතුමා අවධාරණය කළේය.

Related Images: