ජනාධිපති පකිස්ථාන සංචාරය 1

ඕනෑම අවස්ථාවක පාකිස්ථානය ඔබ සමඟයි -කුලපති ලුතිනන් ජෙනරාල් රිස්වාන් අක්තාර්…..
නිදහස හා සාමය සමඟින් විශාල සංවර්ධනය කරා ශ්‍රී ලංකාව රැගෙන යාමට ඔබ දුන් නායකත්වයට එරෙහිව අද එල්ල වන චෝදනා කිසිසේත් තර්කානුකූල නොවන බව පාකිස්ථානය අවධාරනය කරයි. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දිඟු කලක සිට මිත්‍ර සබඳතා පවතින අතර අන්තර්ජාතික වේදිකාවේ දී සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට සහාය දක්වන බවත් “ඕනෑම අවස්ථාවක පාකිස්ථානය ඔබ සමඟයි” සභාපති, කුලපති ලුතිනන් ජෙනරාල් රිස්වාන් අක්තාර් මහතා ප්‍රකාශ කරයි.
පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිල ආරාධනා මත සිදුකෙරෙන මෙම සංචාරයෙදී ශ්‍රී ලංකවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පාකිස්ථානයේ ඉස්ලමාබාත් නුවර දී ජුනි 20 දා පෙරවරුවේ පැවැති සාකච්ඡාවේ දී පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සභාපති ලුතිනන් ජෙනරාල් මේ බව සඳහන් කරන ලදී. මෙහිදී තවදුරටත් ඔහු පැවසුවේ “පාකිස්ථානය ත්‍රස්තවාදයෙන් පීඩා වින්ඳා. තවමත් පීඩා විඳිනවා. දෙවියන්ගේ කැමැත්තෙන් අපි මේ උවදුරෙන් මිදෙනවා. නමුත්‍ ඔබ තිස්වසරක ත්‍රස්‌තවාදය ජයග්‍රහණය කල ජේෂ්ඨ නායකයකු බව අපි හොදින් දන්නවා. ත්‍රස්‌තවාදයෙන් පීඩා විදින අපි ඔබගේ එඩිතරකම මෙන්ම එදා ඔබ දුන් දේශපාලන නායකත්වයේ වටිනාකම අපි ඉතා හොදින් දන්නවා.” යැයි ද ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබන ඉහළ හමුදා නිලධාරීන් සඳහා මෙම ආරාධිත විශේෂ දේශනයක් පවත්වන ලදී. තමාටම පාකිස්ථානයට ආරාධනා කර මෙහිදී දක්වන ඉහළ ආගන්තුක සත්කාරක ගැන තමන්ගේ අවංක ස්තුතිය පුදකරන අතර පළමුව පාකිස්ථානය ලබාගත් ක්‍රිකට් ජයග්‍රහණයට සුබපැතුම් එක් කරමින් රාජපක්ෂ මැතිතුමා තම විශේෂ දේශනය ආරම්භ කරන ලදී.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු යුද සමයේ දී හා ඉන්පසුව ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳව රාජපක්‍ෂ මහතා පාකිස්ථානයට සිය ස්තුතිය පුද කිරීමට අමතක නොකළේය. ශ්‍රී ලංකාවේ තිස් වසරක් පුරා පැවැති ත්‍රස්තවාදය එරෙහිව යුද්ධයට නායකත්වය දෙමින් ත්‍රිවිධ හමුදාවට මෙන්ම ජනතා බලපෑම්වලට වලටත් තමන්ට ගැනීමට සිදුවීම් පැහැදිලි කරන ලදී. යුද්ධය අවසන් වනවාත් සමඟ එදා මාගේ රජය විසින් ගත් පශ්චාත්-යුධ පියවර පිළිබඳව විස්තර කරමින් “මම අවධානමක් ගත්තා”, පමණක් නොව යුද සමයේදී මගේ පුතා යෝෂිත නාවික හමුදාවට බදවා ගැනීමට පවා අවසර දුන් බව අපේ ජනාධිපතිවරයා පැවසූ අතර “හිටපු සටන්කරුවන් 14,000 ක් අපි සමාජගත කළ බවද ඔවුන් පුනරුත්ථාපනය කිරීමේ හොඳම අධිකාරිය සමාජය බව මට හැඟී ගිය බවද සිහිපත් කළේය.
යුද්ධය අවසන් වී මසක් තුළ ළමා සොල්දාදුවන් 595 දෙනෙකු නැවත ඔවුන්ගේ දෙමාපියන්ට භාර දුන් අතර එය අවධානමක් එහෙත් එය වටින බව සිතූ බවද හෙතෙම පැවසීය. දේශනය අවසානයේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් විසින් රාජපක්ෂ මැතිතුමා වෙතට යොමුකරන ලද ප්‍රශ්නවලට සතුටින් පිළිතුරු දෙමින් ඔහුන්ට තම සේවය පිළිබඳ උද්යෝගයක් ඇති කළේය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහත්වරුන් එක්වී සිටියේය.

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}