රාජපක්ෂවරු හැමදාමත් ප්‍රජාතන්ත්‍රවාදය රැක්කා

හලාවත මාදම්පේදී 2018 ජූලි මස 15 දින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මැතිතුමා ඇතුලු පුත්තලම් දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ විසින් සංවිධානය කරන ලද එළිය සම්මන්ත්‍රණයේ දී මා විසින් කරන ලද දේශණය පරම්පරා ගනනාවක දේශපාලන ඉතිහාසයක් ඇති රාජපක්ෂවරු හැමදාමත් ප්‍රජාතන්ත්‍රවාදය උපරිම වශයෙන් රැකි බවත් ලංකාවට ත්‍රස්තවාදයෙන් නිදහස ලබාදී මුලු රටේම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැදගත්ම අමාත්‍යාංශ දෙකකම ලේකම්වරයා ලෙස එතුමාගේ චින්තනය ක්‍රියාවට නැංවීමට මවිසින් විශාල වැඩ කොටසක් ඉටුකරනා ලද බවත් පෙන්වා දුන්නෙමි.

2005 වසරේදී මහින්ද රාජපක්‍ෂ මහතා රටේ පාලනය බාර ගත් පසු ත‍්‍රස්තවාදය හා පාතාලය අවසන් කර රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීම සදහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිපත්ති රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයා ලෙස තමන් ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක කල බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි. ඒ මහතා පෙනවා දෙන්නේ රටක් පාලනය විය යුත්තේ නීතිය හා සාමය ඇතිව බවත් ඒවා ආරක්‍ෂා කිරීමට පැවති මහින්ද රාජපක්ෂ පාලනය පියවර ගත් බවත්ය.

මෙරට තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති විය යුතු බව තමන් හොද හැටි දන්නා බවත් එහි වටිනාකම තමන් දන්නා බවත් කී ඒ මහතා යුද්දය අවසන් වීමෙන් පසුව උතුරු පලාතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකිරීම සදහා වූ සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගන්නා ලද්දේ තමන්ගේ අනුදැනුම මත යයිද කියා සිටී. ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් ඒකාධිපතියෙක්, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියෙන් යයි ඒකාබද්ද විපක්‍ෂයේ ඇතැමුන් විසින් චෝදනා කරද්දී රාජපක්‍ෂ මහතා විසින් මෙම අදහස් පල කිරීම විශේෂයකි.

 

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}