යහපාලන සංකල්පය යුක්‌රේන් විප්ලවයේ අශුද්ධ කොපියකි..
රහසිගත ස්‌ථානයක සිට උදයංග වීරතුංග දිවයිනට ලියයි
නරේන්ද්‍ර මෝදි රජයට ශ්‍රී ලංකා – චීන ආර්ථික විප්ලවය මෙන්ම ශ්‍රී ලංකාවේ සීඝ්‍ර සංවර්ධනය ද හිසරදයක් විය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර මෙය හොඳාකාරව තේරුම්ගෙන ඉන්දියානුවන් හරහා රාජපක්‌ෂ ආණ්‌ඩුව පරාජය කළේය. මෙය තේරුම් නොගත් ශ්‍රී ලාංකිකයන් සිතුවේ ඔවුන් ජයග්‍රහණය කළ බවයි. ඇත්තටම එදා පැරදුනේ මහින්ද රාජපක්‌ෂ නොව, ශ්‍රී ලාංකික ජනතාවය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරේ උපදෙස් ක්‍රියාත්මක කරමින් යහපාලන රජය තව වසර දෙකක් රට පාලනය කළහොත් ලාංකික අපට අනාගතයක් ඉතුරු නොවන්නේය. රාජ්‍ය සම්පත් විදේශිකයන්ට විකුණා දමමින් රට දෙකඩ කර නැවතත් යුද්ධයක් ඇවිලීම කිසිවෙකුට නතර කළ නොහැකිය. එය බටහිර සැලැස්‌මට අනුව සිදුවන්නේය.
මෙය බටහිරයන්ගේ අලුත් සැලැස්‌මක් නොවන්නේය. මේ හා සමාන සැලැස්‌මක් ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර විසින් 2004 – 2005 වර්ෂවලදී යුකේ්‍රනියානු රාජ්‍ය තුළ ක්‍රියාත්මක කරන ලදී.
සමාජවාදී කඳවුරේ බලය ශුන්‍යය කර සෝවියට් සමූහාණ්‌ඩුව කොටස්‌වලට කඩා දැමීම, ඇමරිකානුවන් සීතල යුද්ධය සමයේ ලැබූ වැදගත් ජයග්‍රහණයක් ලෙස සඳහන් කර හැක. සෝවියට් දේශයෙන් වෙන් වූ යුකේ්‍රනියානු රාජ්‍ය පාලනය කළ සාර්ථකම ජනාධිපති ලෙනින් කුච්මා (1994 – 2005) බව මගේ මතයය. එදා ලෙනින් කුච්මා රජය රුසියානුවන් සමඟ මිත්‍රවයෙන් කටයුතු කරන අතරතුර යුරෝපා හවුල සමඟ නව සම්බන්ධතාවයන් ගොඩනඟමින් යුකේ්‍රනියාව නව සංවර්ධන මාවතක් කරා රැගෙන යන ලදී. එසේ නමුත් ඔහුගේ දෙවන ධුරකාලය අවසානයේ පැවැත්වුණු ජනාධිපතිවරණයේදී දූෂණ සිදුවූ බවට චෝදනා කරමින් එදා යුකේ්‍රනියානු ජනතාව වීදි බැස තම ඡන්ද අයිතිය උදෙසා දැවැන්ත උද්ඝෝෂණයකට මුල පිරුවේය.
දේශපාලන නායකත්වය මූලික වී ජනතා උද්ඝෝෂණය නොකඩවා මාස දෙකකට ආසන්න කාලයක්, දැඩි සීතල කාලයේ වුවත් මනාව සංවිධානය කරන ලදී. ලක්‌ෂ ගණනක් යුක්‌රේනියානුවන් එඩිතරව මහඟු කැපවීමකින් කීව් නගරයේ සාමකාමී උද්ඝෝෂණයක නිරත විය. ඉන් නොනැවතුණු ජනතාව, යුකේ්‍රනියානු පාර්ලිමේන්තුව හා ජනාධිපති මන්දිරය ද වට කරන ලදී. ඔවුහූ පොලිස් නියෝග ජල ප්‍රහාර කඳුළු ගෑස් ප්‍රහාරවලට බියේ පලා නොගියෝය. පොලිසිය ද වක්‍රව උද්ඝෝෂකයන්ට සහය දක්‌වන ලදී. දේශපාලකයා ජනතාවට අවශ්‍ය පහසුකම් නිසි ලෙස සපයමින් සාමකාමී උද්ඝෝෂණයක් සැළසුම් කරන ලදී. අවසානයේ ජනතා අභිලාෂයන් ජයග්‍රහණය කරමින් රජය ව්‍යවස්‌ථාව සංශෝධනය කර නැවත ජනාධිපතිවරණයක් පවත්වන ලදී. ඉන්පසු ජයග්‍රාහී උද්ඝෝෂකයන් යුකේ්‍රනියානු තැඹිලි විප්ලවය අවසන් කරමින් කීව් නගරයේ ක්‍රිශාතික් චතුරශ්‍රයෙන් ඉවත් විය. (මෙය තැඹිලි විප්ලවය වශයෙන් හඳුන්වන්නේ යුශේන්කෝ ජනාධිපතිවරයාගේ පක්‌ෂයේ වර්ණය තැඹිලි වර්ණය හේතුවෙනි)
එදා යුකේ්‍රනියානුවන්ගේ විප්ලවය ඔවුගේ කැපකිරීම මත පමණක් ජයග්‍රහණය නොවූයේය. එය රුසියානුවන්ට එරෙහිව බටහිර කඳවුර සිදු කළ සීsතල යුද්ධයේ සෙවනැල්ලක් බව එදා යුකේ්‍රනියානු ජනතාව තේරුම් නොගෙන සිටියෝය. රුසියානුවන්ගේ ඈත්වීම, යුරෝපා හවුලට එක්‌වීම ජනතා අභිලාශයක් බවට සරල මතයක් ගොඩනැගීමට ඔවුන්ට හැකිවිය. යුරෝපා හවුලට එකතු වන යුකේ්‍රනියානුවන්ගේ නව ජීවන රටාව මගින් යුරෝපීය සියලු සැප සම්පත්, යුකේ්‍රනියානුවන්ට ද හිමිවන බවට ජනතා මතය ගොඩනගන්නට එදා බටහිර ඇමරිකානු කණ්‌ඩායම ඩොලර් බිලියනයකට වැඩි මුදලක් සෘජුව යුශේන්කෝ ගේ දේශපාලන පක්‌ෂය හරහා පොම්ප කරන ලද්දේ, ඉන්දියානුවන් හරහා මහින්ද රාජපක්‌ෂ රජය පෙරලීමට හංස පූට්‌ටුවට ඩොලර් බිලියනයකට වැඩිගාණක් වියදම් කළා හා සමාන ආකාරයෙනි.
අවසාන ප්‍රතිපලය වශයෙන් වික්‌ටර් යුශේන්කෝ ජනාධිපතිවරයා වශයෙන් 2005 ජනවාරි මාසයේ තේරී පත්විය. එම රජයේ පළමු අගමැතිනිය ලෙස යුල්යා තෙමශේන්කෝ පත්විය. යුශේන්කෝ- තෙමශේන්කෝ රජය යුකේ්‍රනියානු ජනතාවගේ දහසක් බලාපොරොත්තු මැද බිහිවූ බව මා මෙහි මතක් කළ යුතුය. එය මෛත්‍රී්‍ර – රනිල් එකතුව සැබෑ වෙනසක් කිරීම සඳහා යහපාලනය බිහිවූවාට සමාන බව කිවයුතුය. 2015 වර්ෂයේදී ශ්‍රී ලාංකික ජනතාව මෛත්‍රී්‍ර යුගයක් ගැන තැබූ විශ්වාසය හා සමානය.
එදා යුශේන්කෝ තෙමශේන්කෝ රජය රුසියාවට එරෙහිව නැගී සිටියාක් මෙන්, කාලයක් තුළ ගොඩ නගන ලද සෝවියට් ආර්ථික ක්‍රමය බිඳදමමින් යුරෝපා හවුලේ කූට සැලසුම් ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තෝය. එය යුශේන්කෝ තෙමශේන්කෝ රජය බටහිරට දුන් ප්‍රධාන පොරොන්දුවක් විය. එය මෛත්‍රී්‍ර රනිල් හවුල බටහිරට දුන් පොරොන්දු හා සමානය. එදා යුකේ්‍රනයේ සියලු අපනයනයන් භාණ්‌ඩ නිෂ්පාදනය, වසර 70කට වැඩි කාලයක් සිට සිදුකෙරෙන පැරණි සෝවියට් රටවල අවශ්‍යතාවයන් මත බව කිසිවෙකුට රහසක් නොවිය. එවැනි ආර්ථිකයක් සංස්‌කෘතියක් වහාම කඩා බිඳ දමා එම භාණ්‌ඩ යුරෝපා හවුලේ රටවල්වලට විකිණීමට නොහැකි බව නායකයන් දැනගෙන සිටි බව මාගේ මතයය.
යුකේ්‍රනියානු නායකයන්ගේ අභිලාශය වූයේ රුසියානුවන්ට එරෙහිව අවි අමෝරා එසවීම මිස රටේ දියුණුව ගැන සිතා තීරණ ගැනීමක් ඔවුන්ට අවශ්‍ය නොවීය. එය වත්මන් යහපාලන රජය සියලු සම්පත් විදේශිකයන්ට විකුණන ප්‍රතිපත්තිය හා සමානය. අද යහපාලන නායකයන්ට හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් පසු ජනතාව ඉදිරියේ උදම් අනන්නේ, වසර දෙසීයකට පසු එම වරාය ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ හිමිවන බවටය. එයින් සතුටුවන ශ්‍රී ලාංකිකයෝ බහුලව සිටීම ගැන පුදුම විය නොහැකිය. එය එසේ නොවුණා නම් වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් අඩක් පමණ උසස් පෙළ අසමත් වීම පුදුමයට කරුණක් විය යුතුය. ඒ කරුණු දෙකෙන්ම මා දකින්නේ ශ්‍රී ලාංකිකයා රැවටීම ඉතා සරල බවය.
එදා තෙමශේන්කෝ රජය විසින් මීට පෙර ලෙනින් කුච්මා සිදුකර ගෙන පැමිණි සංවර්ධන වැඩසටහන් නතර කිරීම පමණක් නොව පැරණි සෝවියට් මිත්‍ර රටවල් සමඟ ද මතගැටුම් ඇතිකිරීම තුළින් යුකේ්‍රනියානු ආර්ථිකය ශ්‍රීඝ්‍රයෙන් කඩාවැටීමට ලක් කළේය. සංඛ්‍යාලේඛනවලින් පැහැදිලි වන්නේය. කෙමෙන් කෙමෙන් බටහිර ණය උගුලට හසුවීම මගහැරීමට නොහැකි වූ බවය. වැඩිකාලයක් යන්නට පෙර යුශේන්කෝ තෙමශේන්කෝ රජය දෙදරන්නට පටන් ගත්තේය. ඇමති මණ්‌ඩලය තුළ දූෂණය වැඩිවන අතරතුර ඔවුනොවුන් අතර මතගැටුම් ද උග්‍රවන්නට පටන්ගත්තේය.
ඒ අතර යූශේන්කො ජනාධිපතිවරයාගේ පුත් තරාෂ් යුශේන්කෝ මිල අධික වාහන කීව් නගරය දෙවනත් කරමින් ජනාධිපති තාත්තාගේ බලය පෙන්වීමටද පටන් ගත්තේය. යුකේ්‍රනියානු විප්ලවයෙන් වැඩි බරක් කරට ගත් කීව් නගරවාසීන්ගේ විවේචනය, තෙමශේන්කෝ අගමැතිනියගේ රජයට එල්ලවීම වැඩිවන්නට පටන් ගත්තේය. දිනෙන් දින පිරිහීමට පත්වන ආණ්‌ඩු පක්‌ෂයේ මැතිඇමතිවරුන් පාලනය කිරීමට රටේ ජනාධිපතිවරයාට නොහැකි විය. වසර තුන හමාරක් ගත වීමත් සමගම යුකේ්‍රනියානු අගමැතිනිය ලෙස කටයුතු කළ යූල්යා තෙමශේන්කෝ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට ප්‍රකාශ කරන ලදී. එය විපක්‌ෂ නායක වික්‌ටර් යන්කොවිච් හට සුභ ආරංචියක් විය. රුසියානුවන්ද ලද අවස්‌ථාව අතහැරීමට අමතක නොකළෝය. තෙමශේන්කෝ වටා ගෙතුණු ගෑස් මංකොල්ලය යළි ඉස්‌මතු කිරීමට විරුද්ධවාදීන් කටයුතු කරන ලදී. එය අප රට තුළ සිදුවූ බැඳුම්කර චෝදනාව හා සමානය. දෙරටේම විපක්‌ෂ නායකයන් මෙන්ම දෙරටේම අගමැතිනියට හා අගමැතිට එරෙහිව දෙරටේ ජනාධිපතිවරුන්ගේ පූර්ණ සහය දෙරටේ අගමැතිනියට හා අගමැතිට එරෙහිව විවේචන අවස්‌ථා ලැබීම එක හා සමානය.
අවසානයේ රටේ ජනාධිපතිට වඩා අගමැතිනියගේ ජනතා බලය වැඩිවීමට පටන් ගත්තේය. අවසානයේ ජනාධිපති යූශේන්කො තනිවිය. පැරණි කොමියුනිස්‌ට් පාක්‌ෂිකයන් මෙන්ම සියලු ජනතාව විපක්‌ෂ නායකයා වටා එකතුවීම නතර කර නොහැකි විය. පක්‌ෂ භේද වශයෙන් රට දෙකඩ විය. පළමු ජනාධිපතිවරණයෙන් පරාජය වූ වික්‌ටර් යන්කොවිච් විපක්‌ෂ නායකයා වසර තුනක් ඇතුළත මනා සංවිධාන ශක්‌තියක් ලබා ගත්තේ රුසියානුවන්ගේ ද ආශිර්වාදය මැද්දේය.
රටේ ආර්ථිකය ශීඝ්‍ර වශයෙන් කඩා හැලෙමින් රට විශාල ණය උගුලකට හසුවිය. එදා යුක්‌රේනයේ ආර්ථිකය විනාශවීමට ප්‍රධාන හේතුසාධකය වූdයේ යූශෙන්කො රජයේ අසාර්ථක පාලනය බව රහසක් නොවීය. එය මෛත්‍රී රනිල් අසාර්ථක පාලනය රට විශාල ණය උගුලකට හසුකර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කරනවා හා සමානය. 2005 ජනවාරි මාසයේදී 50% ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජනාධිපති වූ වික්‌ටර් යූශෙන්කො 2010 වර්ෂයේදී 5.75% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන හතරවෙනි ස්‌ථානය දක්‌වා පහළට වැටීම මෙතැනදී අනිවාර්යෙන්ම පෙන්වා දිය යුතුය.
මෙය සමාන කළ හැක්‌කේ, පළාත් පාලන ඡන්දයෙන්, රටෙහි ජනාධිපති නායකත්වයෙන් මෙහෙයවූ ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය ප්‍රමුඛ සන්ධානය 15% ආසන්න වූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන මෛත්‍රී රටේ තෙවැනි තැනට පත්වීමටය. එම ස්‌ථානය 2020 දී සිව්වන තැනට පත්වීමට අවකාශ ඇති බව මගේ මතයයි. එය එසේ සිදුවීමෙන් පෙනී යන්නේ 2005 ජනවාරි මස බටහිර කඳවුරු යුකේ්‍රනියාවට කළ සැලැස්‌මේ පිටපත 2015 ජනවාරි මස ශ්‍රී ලංකාවේ මහින්ද රාජපක්‌ෂට එරෙහි ක්‍රියාත්මක කළ බව නැවත නැවතත් සනාථවෙන බව මාගේ හැඟීමයි.
මේ දෙරටේම නායකයන් ක්‍රියාත්මක කළේ එකම මූලධර්මය බව පෙන්වා දිය යුතුය. එනම් රටේ ආර්ථිකය අඩපණ කර රටේ සංවර්ධනය විනාශ කර රට දෙකඩ කිරීමේ යුදමය මාර්ගය විවර කිරීමය. යූශෙන්කො ජනාධිපතිවරයා තම ධූර කාලයේ හතරවැනි වසර එළැඹෙන විට දෙවැනිවරට ජනාධිපතිවීමේ අදහස සම්පූර්ණයෙන් ඉවත් කර ගන්නා ලදී. එසේ නමුත් තම ධුර කාලයේදී සිදු කරන ලද දේශපාලන පළි ගැනීම් සහ රාජ්‍ය සම්පත් විකුණා දැමීමේදී සිදු කරනු ලැබූ දූෂණ කටයුතු පිළිබඳ ව ඊළඟ රජයට තමන් හට උත්තර බැඳීමට සිදුවන බව ජනාධිපති යූශෙන්කො තේරුම් ගත්තේය. එය ජනාධිපති මෛත්‍රී සිරිසේන ජනාධිපතිතුමන් හට නොවැටහෙන්නේ ඇයි දැයි අපට ප්‍රශ්නයකි. එදා යුකේ්‍රනයේ ජනාධිපතිවරයා, බටහිර සැලැස්‌මට පිටින් තමන්ගේ ආරක්‌ෂාව සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තනේ. රුසියානු හිතවාදී වික්‌ටර් යන්කොවිච් සමග රහස් සාකච්ඡා ආරම්භ විය. බටහිර හිතවාදී තම අමාත්‍යවරුන්ගේ උපදෙස් පවා පිළිපැදීම අත්හරින ලදී. යන්කොවිච් සමඟ මිත්‍රත්වය තර කර ගන්නා ලදී. දෙදෙනාම යම් යම් කරුණු පිළිබඳ එකඟතාවලට පැමිණියෝය. ප්‍රධාන වශයෙන් යන්කොවිච් බලයට පැමිර් විට යූශෙන්කො හිටපු ජනාධිපතිවරයා හට දේශපාලනමය වශයෙන් පළිsගැනීම් සිදුනොකරන බවට අෙන්‍යාන්‍ය එකඟතාවක් ඇතිකර ගත් අතර, යූශෙන්කො තම ධුර කාලයේ අවසන් කොටසේදී ඊළඟ ජනාධිපතිවරණයට යන්කොවිච්ට බලය ලබා දීමට අවශ්‍ය දේශපාලන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නා ගන්නා ලදී.
යන්කොවිච්ගේ දේශපාලන නියෝජිතයන් රජයේ උසස් තනතුරුවලට මෙන්ම දේශපාලනමය වශයෙන් වැදගත් සන්ධිස්‌ථානවලට පත්කිරීම වහාම ආරම්භ විය. ඒ අනුව රටේ ජනාධිපති තම ප්‍රතිවිරුද්ධ අපේක්‌ෂකයා ට සහය දක්‌වන බව ප්‍රසිද්ධ රහසක් විය. ඊට හොඳ උදාහරණයක් ලෙස මා දන්නා පුද්ගලික කරුණක් මෙහි දී පෙන්වා දීමට අදහස් කරමි. යුකේ්‍රනියාවේ අභ්‍යන්තර දේශපාලනයට බටහිර කඳවුර මෙන්ම රුසියාවේ ක්‍රිsයාවන් ද ඉතා තදින් බලපාන්නේ, අපේ රටේ දේශපාලනයට ඉන්දියාවෙන් වන්නා වූ බලපෑම් හා සමානවය. එවන් වාතාවරණයකදී යුකේ්‍රනියානුවන්ට, රුසියාවේ යුකේ්‍රනියානු තානාපතිවරයා ඉතා වැදගත් තනතුරකි. එම කාලයේදී මා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය කරන ලදී.
එදා රුසියාවේ මොස්‌කව් නගරයේ සේවය කරන ලද යුකේ්‍රනියානු තානාපති ඔලේග් දියෝමින් මගේ ඉතාමත් හොඳ මිත්‍රයෙකි. එක් දිනක් ඔහුව හදිසියේම යුකේ්‍රනියාවට නැවත කැඳවා ඇති බව ආරංචි විය. ඔහු ජනාධිපති යූශෙන්කො ගේ ඉතා විශ්වාස පුද්ගලයකු බව දන්නා මා හට මෙය මහත් ප්‍රහේළිකාවක් විය. එබැවින් අකැමැත්තෙන් හෝ ඔහුගෙන් මේ පිළිබඳව විමසීමට මා තීරණය කරන ලදී. ඔහු මා යුකේ්‍රනියානු මිත්‍රයෙකු බව කියා ඇති බව මට හොඳට මතකය. එදිනද එසේම පවසමින් එදා යුකේ්‍රනියානු අභ්‍යන්තර දේශපාලන වාතාවරණය මට පැහැදිලි කරන අතර තුර ඔහු මගෙන් ඉල්ලා සිටියේ, ඊළඟට පැමිණෙන යුකේ්‍රනියානු තානාපතිවරයා සමඟ ද හොඳ මිත්‍රත්වයක් ගොඩනඟා ගන්නා ලෙසය. එය ශ්‍රී ලංකා යුකේ්‍රනියානු රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වන බව ද පවසන ලදී .
රුසියාවේ නව යුකේ්‍රනියානු තානාපතිවරයා වශයෙන් කස්‌ත්යතින් ග්‍රරෙශ්චෙන්කෝ පැමිණියේaය. ඔහු එදා යන්කොවිච් හිතවාදියෙක් බව පෙන්වා දිය යුතුය. එදා වික්‌ටර් යන්කොවිච්ගේ ජයග්‍රහණය සඳහා රුසියාවේ සහයෝගය නිසිඅයුරින් ලබා ගැනීමට මොස්‌කව්හි යුකේ්‍රනියානු තානාපතිවරයා ඉතා වැදගත් බවත්, එය ඔහු නිසි අයුරින් ඉටු කළ බවත් මගේ මතයයි. ඔහු යන්කොවිච් රජයේ පළමු විදේශ අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් එය මනාව සනාථ වන්නේය. අප දෙදෙනා රුසියාවේ ශ්‍රී ලංකා සහ යුකේ්‍රනියානු තානාපතිවරුන් ලෙස කටයුතු කරමින් ගොඩනඟා ගන්නා ලද මිත්‍රත්වයේ ප්‍රතිපලයක් ලෙස ජනාධිපති වික්‌ටර් යන්කොවිච් ගේ පළමු වතාවට රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා ලැබුවේ ශ්‍රී ලංකාවය. එසේ නමුත් රුසියානු ජනාධිපති දිමිත්‍රි්‍ර මිද්‍රදෝව් විසින් යුකේ්‍රනියාවේ කළ සංචාරය නිසා, අපගේ ජනාධිපතිවරයා යුකේ්‍රනියානු ජනාධිපතිවරයාගේ දෙවැනි ආරාධිත ජනාධිපතිවරයා විය.
කෙසේ නමුත් එදා ජනාධිපති වික්‌ටර් යුශෙන්කෝ තම පරාජය කලින්ම පිළිගෙන 2005 වර්ෂයේ තම ප්‍රතිවිරුද්ධ අපේක්‌ෂකයා වූ වික්‌ටර් යන්කොවිච් හට සෘජුව සහයෝගය දක්‌වන අතර, 2005 වර්ෂයේ තම ආණ්‌ඩුවේ පළමු අගමැතිනිය වූ යුල්යා තෙමශේන්කෝ පරාජය කිරීමට තම උපරිම ශ්‍රමය යෙදවූ බවද පෙන්වා දිය යුතුය. අවසානයේදී 2010 ජනාධිපතිවරණයෙන් එවකට ජනාධිපති වූ වික්‌ටර් යූශෙන්කො හතරවන ස්‌ථානයට පත්වූ අතර ඔහුට ලබා ගත හැකිවුයේ 5.7% ක ඡන්ද ප්‍රතිශතයකි. එදා යූශෙන්කො දෙවැනිවර ජනාධිපතිවරණයේ ප්‍රතිපල අනුව වික්‌ටර් යන්කොවිච් 49% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන යුකේ්‍රනයේ හතරවන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඒ අතර හිටපු අගමැතිනිය යුල්යා තෙමශේන්කෝ 45% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වූ නමුත් ඇයගේ නරක කාලය එතැනින් ආරම්භ විය. එදා රටේ ජනාධිපති පරාජයට පත්වූ නමුත් නව ජනාධිපති වික්‌ටර් යන්කොවිච් හිටපු ජනාධිපතිට එරෙහිව කිසිදු දේශපාලන පලිගැනීමක් සිදුනොකරන ලද්දේ මැතිවරණයට පෙර දෙදෙනා අතර ඇතිකර ගත් අවබෝධය මත බවට විය යුතුය.
එසේ නමුත් තම ප්‍රතිවිරුද්ධ අපේක්‌ෂකයා වූ හා එකල අගමැතිනිය සිරගෙදරට යෑවීමට එදා පත්වූ නව රජය අමතක නොකළේය. සිරගෙදරදී දරුණු ලෙස අසනීප වූ නමුත් වික්‌ටර් යන්කොවිච් ජනාධිපති කාලයේදී ඇයට නිදහස ලබා නොදීමට වගබලා ගන්නා ලදී. එදා යුකේ්‍රනයේ සිදුවූ මෙම පරිවර්තනය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කෙසේ සිදුවිය හැකි දැයි අප රටේ ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටිනවා ඇත. එසේම ජනාධිපති මෛත්‍රීට යුකේ්‍රනියාවේ සිදුවූ අසාර්ථක බටහිර සැලැස්‌ම ගැන මීට වඩා ගැඹුරුව විශ්ලේෂණය කිරීම තම ආරක්‌ෂාව සහ සෞඛ්‍යයට හොඳ බව ඔහුගේ සගයන් ඔහුට පෙන්වා දිය යුතුය.
උදයංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති
දිවයින : යහපාලන සංකල්පය යුක්‌රේන් විප්ලවයේ අශුද්ධ කොපියකි