ඩොලර් බිලියන ඉලක්ක කරගත් රුසියානු “සංචාරක බුබුළ”

යුක්රේනියානු සංචාරකයන් මෙරටට කොරෝනා බෝකර බවට විපක්ෂය විසින් මනංකල්පිත චෝදනා එල්ල කරමින් සංචාරක ව්‍යාපාරය තවදුරටත් කඩාකප්පල් කිරීමට දරන උත්සාහයට එරෙහිව මොස්කව් -කොලඹ ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීම කුතුහලයට තුඩුදුන් කරුණක් වී ඇත.
වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල සංචාරක කර්මාන්තය අකර්මණ්‍ය වී ඇති අවස්ථාවක රුසියානු සංචාරකයින් සඳහා අවස්ථාවක් ලබා දීම මගින් දේශිය සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම උදෙසා දෙසැම්බර් 28 සිට අප්‍රේල් 10 අතර කාලය තුලදී අප හදුන්වාදුන් “සංචාරක බුබුළ” හරහා යුක්රේනියාවේ හා කසාක්ස්තානයේ සිට සංචාරකයන් හයදහස් හැත්තෑවක් (6070) පමණ පැමිණ ඇත. එමගින් ඩොලර් මිලියන 9 ක පමණ විදේශ විනිමය රටට උපයාගත හැකි වූ අතර එය රුපියල් කෝටි 180 ක් බව පළමුව පෙන්වා දිය යුතුය.
එහිදී “නියාමන සංචාරක බුබුළු” කාලයේදී සංචාරකයන්ගේ නවාතැන් සදහා මුහුදු තීරයෙහි “සෞඛ්‍ය ආරක්‍ෂාව හා සුරක්‍ෂිත බව සහතික කරන ලද “පළමුපෙල හෝටල” 5 ක් පමණක් තෝරා ගත්තේය. එම හෝටල් සෞඛ්‍ය හා යුද හමුදා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පමණක් පවත්වාගෙන යන ලදී. එසේම සංචාරකයන් හෝටලයෙන් පිටදී යුද හමුදාවේ අධීක්ෂණය යටතේ “සංචාරක බුබුල” අනුකූලව රට තුල සංචාරය කර අතර කිසිදු අයුරින් පොදු ප්‍රවාහන භාවිතා නොකළ මෙන්ම කිසිදු අයුරින් ලාංකික ජන සමාජය සමග සම්බන්ද නොවීමට ආරක්ෂක අංශය වගබලා ගත්තේය.
එම වැඩසටහන යටතේ පළමු මාසයේ පැමිණි යුක්රේනියානු සංචාරකයන් අතරින් කොවිඩ් ආසාදිතයන් 4 දෙනෙක් හමුවූ අතර ඔහුන් එම හෝටල් කාමරය තුල සෞඛ්‍ය නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ දින 10ක් ගතකර නැවත තම රටට පිටත්විය. ඔහුන් අතර “බ්‍රිතාන්‍ය” ප්‍රභේදය වැලදී සිටි ආසාදිතයන් හමුවී ඇති බවට කිසිදු පරීක්ෂණයකින් සනාථ වී නැති අතර ඔහුන් සමාජයේ ගැවසුණේ නැති බවද සදහන් කළයුතුය.
ඊට අමතරව “බ්‍රිතාන්‍ය” ප්‍රභේදය යුක්රේනියානු සංචාරකයන් මෙරටට රැගෙනවිත් තිබුණේ නම්, දෙසැම්බර් 28 – ජනවාරි 21 අතර හෝ ඉන් සති 3 ක් ඇතුලත ලංකාව තුල “බ්‍රිතාන්‍ය” ප්‍රභේද ආසාදිතයන් හමුවිය යුතුය. එසේ නමුත් පෙබරවාරි පළමු සති දෙකේ දී ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයක එම “බ්‍රිතාන්‍ය” කොරෝනා ප්‍රබේදය හමුවී නැත.
එදා පැමිණි යුක්රේනියානු සංචාරකයන් හරහා “බ්‍රිතාන්‍ය” ප්‍රභේදය මෙරටට බෝකර ඇති බවට විපක්ෂය චෝදනා එල්ල කරන නමුත්, පළමුවරට “බ්‍රිතාන්‍ය” ප්‍රභේදය යුක්රේනියානු රාජ්‍යය හදුනාගෙන ඇත්තේ 2021 මාර්තු 4 වන දින බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශන කර ඇත.
ඇත්තටම කොරෝනා ආසාදිතයන් හමුවීම පෙබරවාරි අවසානයේ දී අද ට වඩා අඩු බව රට තුල සිදුකරන ලද පරීක්ෂණයන්හි දත්ත අනුව පෙන්නුම් කර ඇත. එසේම අප්‍රේල් මාසයේදී මෙරට ආසාදිතයන් වැඩිවීම වෙනත් කාරනා මත සිදුවී ඇති බව සෞඛ්‍ය අංශය දැනටමත් හදුනාගෙන ඇත.
ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ආසාදිතයන්ගේ වැඩිවීම හෝ “නියාමන සංචාරක බුබුළු” කාලයේදී, යුක්රේනියානු සංචාරකයන් මෙරටට කොරෝනා බෝකර බවට කිසිදු සාක්ෂියක් හෝ නොමැතිව, ඊට එරෙහිව මනංකල්පිත පුහු චෝදනා එල්ල කිරීම, විපක්ෂය හුදෙක් දේශපාලන වශයෙන් මඩ ගැසීමේ උවමනාවට බව පැහැදිලිය.
මෙම සියලු කරුණු සලකා බලන කල තිබෙන අවහිරතා මධ්‍යයේ මේ වසරේදී සංචාරක කර්මාන්තයේන් ඩොලර් බිලියන 1.5 ක් හෝ උපයා ගන්නට රජය දරන උත්සාහයට මෙම “සංචාරක බුබුළ” හොද ආරම්භයක් ලබාදුන් බව නිසැකයෙන් පිළිගත යුතුය. එපමණක් නොව ජනවාරි 21 දින ගුවන් තොටුපල විවෘත කිරීමෙන් පසුව ශ්‍රී ලාංකිකයන් 60,000 පමණ රටට පැමිණ ඇති අතර අප්‍රේල් 10 වෙනදා දක්වා මෙරටට පැමිණි පැරණි සෝවියට් දේශය රටවල සංචාරකයින් 6070 අතරින්, හමුවී ඇති සමස්ථ රෝගින් ප්‍රමාණය 24 දෙනෙකි. එය ප‍්‍රතිශතයක් ලෙස ගත් විට සියයට දශම 0.4ක (0.4%) ප‍්‍රමාණයකි. එ් අනුව මේ කියන සංචාරකයින් සියයට 99.6% ක්ම නිරෝගී වුවෝ වෙති. එවැනි සංචාරකයින් ලංකාවේ ආකර්ෂණ ස්ථාන සදහා රැගෙන ගොස් රටතොට බලා ගැනීමට අවස්ථවක් නොදීම මත ඉදිරියට සංචාරකයන් මෙරටට නොපැමිණීමට හේතුවක් විය හැක.
එවැනි වාතාවරණයක ශ්‍රී ලංකන් ගුවන් සේවය රුසියාවේ මොස්කව් නගරයේ සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් ජුනි මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මුලින්ම සතියට එක ගුවන් යානාවක්, සෙනසුරාදා දිනයේ මගීන් 290 පමණ රැගෙන යාහැකි ඒ330 ගුවන් යානාවක් යොදාගැනීමට දැනටමත් සුදානම් හමාරය. එම ආරම්භයෙන් පසුව රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම සමගින් මෙම වසර අවසානයේ රුසියානුවන් 26,000 රැගෙනවිත් ඩොලර් මිලියන 40 පමණ විදේශ විනිමයක් රටට උපයා ගැනීමට පුලුවන් බව විශ්වාස කරමු.
අද ලෝකයේ සැම රටකම කොරෝනා වසංගත තත්ත්වය පවතින බව පිළිගත් යුතුයි, එසේ නමුත් මෙතෙක් මෙරට පැමිණි රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයින්ගෙන් සියයට 99.6% ක්ම නිරෝගී වුවෝ බව සනාථ වූ මොහොතක ඔහුන්ගේ පැමිණීමට එරෙහිවීම, සංචාරක කර්මාන්තයේ නියුතුව සියලුම ශ්‍රමිකයන් හට සිදුකරන අසාධාරණයක් බව අප තේරුම්ගත යුතුය.
අද අසල්වැසි මාලදිවයින රාජ්‍යයේ සංචාරක කර්මාන්තය අත්කරගෙන ඇති සාර්ථකත්වය අපට යථාර්ථය තේරුම් ගැනීමට කදිම නිදසුනකි. මෙම වසරේ මැයි 25 වෙනිදා දක්වා මාලදිවයිනට සංචාරකයන් 445,558 පැමිණ ඇත. එම පිරිස අතරින් රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයන්ගේ එකතුව 141,123 කි. එනම් පැමිණි සමස්ථ සංචාරකයන් ගෙන් 32% කි. එසේ නමුත් 2021 එම කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරක පිරිස 15,000 ආසන්න පිරිසකි. එනම් මාලදිවයිනට අපට වඩා 30 ගුණයක් සංචාරකයන් පැමිණ ඇත. එම පිරිසෙන් ද 50% වඩා වැඩි පිරිසක් රුසියානු, යුක්රේනියානු හා කසාක්ස්තානු සංචාරකයන් බව සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි.
ඇත්තටම කොරෝනා වසංගත සමයේ වුවත් මාලදිවයින රජය ගත් නිවරදි තීන්දු තීරණ, අපේ රටේ සංචාරක ව්‍යාපාරයෙහි වගකීම බාරව සිටින ප්‍රධානීන් දැන්වත් නොගැනීම, අප දකින්නේ වාසනාවන්ත අවස්ථාවකට පයින් ගැසීමක් ලෙසය. මොකද, අද ඔහුන් යටතේ ලංකාවේ ලියාපදිංචි හෝටල් 3000 ක පමණ කාමර 42,000 ආසන්නව තිබෙන බව අමතක නොකර යුතුය. එයින් සංචාරක මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබූ “සෞඛ්‍ය ආරක්‍ෂාව හා සුරක්‍ෂිත බව සහතික කරන ලද හෝටල” බවට අලුත් සහතිකය දැනට හිමිව ඇත්තේ හෝටල් 400 කට ආසන්න ප්‍රමාණයකි. එනම් 13%කි. එම ප්‍රමාණයට සහතික ලබා දීමටත් සංචාරක මණ්ඩලය දැනටමත් වසරකට ආසන්න කාලයක්‌ ගතවි ඇත. ඒ අතරින් විදේශිකයන්ට පමණක් පැමිණිය හැකි “පළමුපෙල හෝටල” ලෙස 189 ක් නම් කර ඇති නමුත් සංචාරකයන් රටට නොපැමිණිම නිසාම, දැනට ක්‍රියාත්මක වන “පළමුපෙල හෝටල” ප්‍රමාණය හතළිහකට වඩා අඩුය. අපි ලබන 2021-22 සීතල කාලයේදී මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, ඊට අවශ්‍ය පියවර අගෝස්තු මාසයේදී අවසන්ව තිබිය යුතුය. එසේ නමුත් මෙතෙක් ඒ පියවරවල් නොගැනීම ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ පමණක් නොව රටෙහි ද අවාසනාවයි.
නමුත් රටෙහි සෙසු කටයුතු සිද්ධ වන අයුරු දෙස බලන විට පෙනෙන්නේ සංචාරක ව්‍යාපාරයට එරෙහිව මෙම නීතිරීති ක්‍රියාත්මක වන්නේ ජාතික වශයෙන් සෞඛ්‍ය නිර්දේශ ආරක්ෂා කර ගැනීමේ උවමනාවෙන් නොවන බවය. මක්නිසාද යත් විවිධාකාර නිතිරීති යටතේ වසා දැමුණු මාළු කඩය දැන් එ් කිසිදු නියාමනයකට යටත් නොවී පෙර පරිදිම අපූරුවට වැඩ කරන බැවිනි.
අද හැම හන්දියකම අවන්හල් වල ජනී ජනයා රැ වනතුරු කන්නේ බොන්නේ නිතිරීති අනුගමනය කරමින් නොවේ. පොදු ප‍්‍රවාහන මාධ්‍ය වූ කෝච්චියේ බස්රියේ සෙනග පටවන්නේ සෞඛ්‍ය නීතිරීති බලමින් නොවේ. තව කිව හැකි උදාහරණ බොහෝය. එවැනි අවස්ථාවක, රටට ඩොලර් බිලියන හතර හමාරක් උපයා දුන් සංචාරක කර්මාන්තයේ කකුලෙන් ඇදීම මත සංචාරක ව්‍යාපාරය ඇද වැටීම පැහැදිලිව රටේ ආර්ථීක ශක්තිය අඩපණ කරන්නකි. එය විපක්ෂයේ මුලික අවශ්‍යතාවයකි. එබැවින් අද රට අස්ථාවර වීම මත ඔහුන්ගේ ඉදිරි දේශපාලන ගමන පමණක් නොව සමහර පක්ෂ වල ඉතිරිව ඇති 3% ජන්ද බලය ද රැකගැනීමේ අවසන් අවකාශය උදාවී ඇත. එනිසා මේ අවස්ථාවේදී විවිධ වේශ ගෙන ජනතාව ප්‍රකෝප කරමින් දේශපාලන වාසි ගැනීමට තැත් කරන උදවිය ගැන අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටින්නෙමු.

– උදයාංග වීරතුංග – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.

https://divaina.com/sunday/index.php/visheshanga1/17605-2021-05-28-13-49-44?fbclid=IwAR0d2A56xbG98FtfmNF0eiP9qwEgCs0q5AGf-LSruSMCQVtAX5gvQfrIeLg

 

 

 

 

 

 

 

 

 

 

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}