නොයෙල් රණවීරගේ මරණය මිනී මැරුමක් කියමින් පසුගිය ආණ්ඩුව පළිගත්තා

රෝෂන් තුෂාර

රිය අනතුරකින් මියගිය රුසියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සේවක නොයෙල් රණවීර මහතාගේ මරණය ‘මීනී මැරුමක්’ යැයි හුවාදක්වමින් දේශපාලන පළි ගැනීම් කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළ බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා දේශපාලන පළි ගැනීම් විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

රුසියාවේ ශ්‍රි ලංකා තනාපති කාර්යාලයේ පණිවිඩකරු ලෙස සේවය කළ කලුආරච්චිගේ දොන් නොයෙල් රණවීර මහතා හදිසි රිය අනතුරින් 2014 ජූනි මාසයේ රුසියාවේ රොස්තොව්-නා-දොනු නගරයේ දී මිය ගිය බවත්, ඊට එරෙහිව සම්සොනාවා නම් ලොරි රථ රියදුරුට එරට දිසා අධිකරණයේ නඩු විභාගයක් පවත්වා තීන්දුවක් ලබා දී ඇති බවත් පැවසූ වීරතුංග මහතා යහපාලන ආණ්ඩුව එම කරුණු වසන්කර කිසිදු පදනමකින් තොරව මිනී මැරුම් චෝදනාවක් තමන්ට ඉදිරිපත් කළ බවත් පැවසීය.

එම පදනම් විරහිත චෝදනාවට විශාල ප්‍රසිද්ධියක් ලබා දෙමින් මඩ ගැසූ බවද කීවේය.

දේශපාලන පළි ගැනීම් විමර්ශන ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ මේ සාක්ෂි ලබා දුන්නේය.

උදයංග වීරතුංග මහතා මෙසේ ද පැවසීය.

නොයෙල් මහතා හදිසි රිය අනතුරින් මිය ගිය නමුත් යහපාලන ආණ්ඩුවේ දේශපාලන අධිකාරියේ උපදෙස් මත එම රිය අනතුර මිනී මැරුමක් ලෙස චෝදනා කරමින් අපරාධ විමර්ෂන දෙපාර්තුමේන්තුව විසින් 2015 මාර්තු මාසයේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරුවා. එම චෝදනාවට විශාල මාධ්‍ය ආවරණයක් ලබා දී උදයංග වීරතුංග මිනීමරුවකු ලෙස සමාජයට පෙන්නුවා.

රුසියානු විදේශ ඇමැතිවරයාගේ උපදෙස් පරිදි, රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2015 ජූනි 04 දින ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට එවන ලද සංදේශ ලිපියේ (TPN) සඳහන් පරිදි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ නොයෙල් රණවීරගේ මරණය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන පරික්ෂණයක් ආරම්භ කළා. මෙම රිය අනතුර සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණය අනුව එකම සැකකරු වන්නේ රුසියානු පුරවැසි එස්. ව. සම්සොනවා බව සඳහන් වෙනවා. එම මරණය සම්බධයෙන් වෙනත් කිසිම පුද්ගලයකු වගකිව යුතු නැති බව පැහැදිලිව එම විමර්ශනයේ සඳහන්ව තිබෙනවා. මට හෝ වෙනත් පුද්ගලයකුට එරට අධිකරණයෙන් කිසිදු චෝදනාවක් නැහැ.

රුසියාවේ, රෝස්තොව්-නා-දොනු නගරයේ, 2014 ජූනි මස 11 දින, රුසියානු පුරවැසියකු වන, එස්.ව. සම්සොනවා පදවන ලද ලොරියට යට වීමෙන්, “දොන් ප්ලාසා” හෝටල් භූමියේදී රණවීර මරණයට පත් වුණා. එය CCTV කැමරාවේ පටිගත වී ඇති අතර එම දත්ත උසාවියටද ඉදිරිපත් කර තිබෙනවා. මරණ පරීක්ෂණයෙන් පසුව මරණ සහතිකය නිකුත් කර තිබෙනවා. ඒ බව විදේශ අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දීමෙන් පසුව ලැබුණු උපදෙස් අනුව 2014 ජූනි 15 දින මෘතදේහය ලංකාවට රැගෙන පැමිණි බව පවසනවා. ඉන් පසුව දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවට භාරදුන් අතර 2014 ජූනි මස 23 දින, වැලිකඩමුල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කටයුතු සිදු කළා.

යහපාලන ආණ්ඩුවට බලයට පැමිණීමෙන් පසු එනම් 2015 මාර්තු මාසයේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත එම මෘතශරීරය නැවත ගොඩ ගත්තා. වැඩිදුර විමර්ශන කටයුතු යහපාලන දේශපාලන අධිකාරියේ උපදෙස් මත අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇති නමුත් එම මරණය මිනීමැරුමක් බවට කිසිදු සාක්ෂියක් ලැබී නැහැ.

රුසියානු සමූහාණ්ඩුවේ රෝස්තොව්-නා-දොනු දිසා අධිකරණයේ පැවතුණු එම නඩු නිමිත්තට අදාළ නඩු අවසන් වී තිබුණා. එම නඩු තීන්දුව රුසියානු රජය විසින් මොස්කව් ශ්‍රි ලංකා තානාපති කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබා දී තිබෙනවා. ඒ අනුව ඊට උදයංග වීරතුංග සම්බන්ධ නැති බව නඩු වාර්තා අනුව සනාත වෙනවා. එබැවින් 2016 වර්ෂයේදී මෘතශරීරය නැවත වැලිකඩමුල්ල පොදු සුසාන භූමියට රැගෙනවිත් තිබෙනවා.

තානාපති සේවක නොයෙල් රණවීරගේ මරණය මිනී මැරුමක් කියමින් පසුගිය ආණ්ඩුව පළි ගත්තා

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}