මාධ්‍යවලින් දුටුදේ හැරෙන්නට දූෂණ මර්දන කමිටුව ගැන කිසිවක් දැන සිටියේ නැහැ

මාධ්‍යවලින් දුටු දේ හැරෙන්නට පසුගිය රජයේ දූෂණ මර්දන කමිටු කාර්යාලය හෝ එහි කටයුතු ගැන කිසිවක් දැන සිටියේ නැහැ – හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන

– පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ ජනපති කොමිසම

මාධ්‍යවලින් තමා දුටු දේ හැරෙන්නට තම රජය යටතේ ක‍්‍රියාත්මක වූ දූෂණ මර්දන කමිටු කාර්යාලය හෝ එහි කටයුතු සම්බන්ධයෙන් තමාගේ කිසිදු දැනුවත්භාවය නොතිබුණු බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (19 දා) පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

එහි විභාග කළ පැමිණිලි ගැනද තමාට දැනුමක් නොමැති බවද මාධ්‍ය තුළ දකින දේ හැරෙන්නට ඒ සම්බන්ධයෙන් තමාට වෙන දැනුමක් නොමැති බවද සාක්‍ෂිකරු කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේය.

කොමිසම ඊයේ (19 දා) උදේ 10.30 ට පමණ එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ එහි සාමාජිකයන් වන හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍ර ජයතිලක මහතාගේ සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් රැුස්විය.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා විසින් මෙම කොමිසමට සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව සාක්‍ෂි ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ මෙම කොමිසම හමුවට කැඳවා තිබිණි.

නීතීඥ මෛත‍්‍රී ගුණරත්න මහතා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි අතර කොමිසමට සහාය වන නීතීඥවරයා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ප‍්‍රශ්න අසන ලදී. එහිදී සාක්‍ෂිකරුගෙන් අසන ලද ප‍්‍රශ්න සහ මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.

නීතීඥ – නම ?

සාක්‍ෂිකරු – පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත‍්‍රිපාල සිරිසේන.

නීතීඥ – ඔබ උදයංග වීරතුංග යන අය දන්නවාද

සාක්‍ෂිකරු – අඳුනනවා.

නීතීඥ – ඔබ ඔහුව අඳුන්නේ කොහොමද?

සාක්‍ෂිකරු – මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති කාලේ උදයංග වීරතුංග මැතිතුමා අරලියගහ මන්දිරයට ආව ගියා. ඒ කාලෙ මම අමාත්‍යවරයෙක්. ඒ අනුව දැනහැඳින ගෙන තිබුණා.

නීතීඥ – ඒ කුමන කාලවකවානුවකද?

සාක්‍ෂිකරු – ඒ 2015 ට ඉස්සර වෙලා

නීතීඥ – ඔබ ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමැති ලෙස යම් අවස්ථාවක කටයුතු කර තිබෙනවාද?

සාක්‍ෂිකරු – නෑ ස්වාමිනී

නීතිඥ – ඔබතුමා සෞඛ්‍ය ඇමැති ලෙස සිටියදී. රුසියාවේ සංචාරයක නිරත වුණාද?

සාක්‍ෂිකරු – සෞඛ්‍ය ඇමැති කාලෙ රුසියාවේ සංචාරයක යෙදුණේ නැහැ මට මතක විදිහට. මම රුසියාවේ සංචාරයක යෙදුණේ ජනාධිපති කාලෙ කියලයි මට මතක. සෞඛ්‍ය ඇමැති කාලෙ ගියාද නැද්ද කියල මට හරියටම මතක නැහැ.

නීතිඥ – වර්ෂ 2010 – 2015 කාලයේදී උදයංග වීරතුංග මහතා රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කරද්දී ඔබතුමා රුසියානු තානාපති කාර්යාලයට ගියා මතකද?

සාක්‍ෂිකරු – ම්…… විදේශ සංචාර ගැන මට හරියටම මතකයක් නෑ. යන්නත් ඇති. හරියට ඒ ගැන මගේ මතකයක් නෑ.

නීතීඥ – ඒ වගේම පැමිණිලිකරුගේ පවුලේ උදවිය ඔබතුමාට යම් අවස්ථාවක මුණගැසුනාද?

සාක්‍ෂිකරු – සමහර විට හමුවෙලා ඇති

නීතීඥ – ඔබ සහ උදයංග වීරතුංග මහතා අතර යම් රාජකාරී මට්ටමේ යම් සම්බන්ධයක් තිබුණාද?

සාක්ෂිකරු – රාජකාරී වශයෙන් නම් එහෙම සම්බන්ධයක් තිබුණු බවක් මගේ මතකයේ නෑ.

නීතීඥ – 2015 වර්ෂයේ ඔබ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු පැමිණිලිකරුට අදාළ යම් විෂයගත කරුණන් වන මිග් ප‍්‍රහාරක ජෙට් යානා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මිලදී ගැනීම සම්බන්ධව යම් විමර්ශණයක් ආරම්භ කරා කියලා ඔබතුමා දැනුවත්ද?

සාක්‍ෂිකරු – මට නම් ඒ පිළිබඳ දැනුවත්භාවයක් නෑ.

නීතීඥ – දූෂණ මර්දන කමිටුව යන කමිටුවක් ස්ථාපනය කරන ලද බව ඔබට මතකද?

සාක්‍ෂිකරු – ඒ කියන්නේ 2015 න් පසුවද

නීතීඥ – ඔව් 2015 න් පසුව

සාක්‍ෂිකරු – දූෂණ විරෝධී ලේකම් කාර්යාලය තිබුණේ අරලිගහ මන්දිරයේ අගමැති තුමාගේ ප‍්‍රධානත්වයෙන්. ඒකට මගේ කිසිම සම්බන්ධයක් නෑ. ඒකට මගේ නිලධාරීන් සම්බන්ධ වුණේ නැහැ. මම සම්බන්ධ වුණේත් නැහැ. ඒ කටයුතු පිළිබඳ මගේ කිසිම සම්බන්ධයක් නැහැ ස්වාමිනී.

නීතීඥ – එම කමිටුවට ලැබුණු පැමිණිලි යනාදිය සහ විශේෂයෙන් මාධ්‍ය හරහා හෝ ප‍්‍රචාරයක් ලැබූ පැමිණිලි සම්බන්ධව ඔබතුමා යම් දැනුවත් භාවයක් තිබේද?

සාක්‍ෂිකරු – මාධ්‍යයෙන් සමහර දේවල් දැක්කා. මාධ්‍යවල දකින දේවල් හැරෙන්න වෙන ඒ සම්බන්ධයෙන් මගේ දැනුවත් වීමක් නෑ.

නීතිඥ – උදයංග වීරතුංග මහතාගේ විමර්ශනය සම්බන්ධයෙන් මාධ්‍ය තුළ හෝ ඔබ යම් ආකාරයක දැනුවත්භාවයක් ලැබුවාද?

සාක්‍ෂිකරු – මට ඒ ගැන හරියට මතකයක් නෑ.

නීතීඥ – යුද කාලෙ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ප‍්‍රහාරක යානා මිලදී ගැනීමක් කරලා තියෙනවා. ඒ ගැන ඔබගේ දැනුවත්භාවයක් තියෙනවාද?

සාක්‍ෂිකරු – ඒ ගැන කිසිසේත්ම මගේ දැනුවත් භාවයක් නෑ.

නීතීඥ – විශේෂයෙන් 2005 – 2009 කාලය තුළදී මේ රටේ තිබුණා වූ ඒ යුදමය වාතාවරණය හේතුකොටගෙන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට මිලදී ගත් ගුවන්යානා සහ යන්ත‍්‍ර උපකරණ ගැන ඔබතුමා කැබිනට් ඇමැතිවරයෙක් ලෙස දැනුවත් භාවයක් තිබුණේ නැද්ද?

සාක්‍ෂිකරු – ඇත්තටම නැහැ. මොකද ඔය කියන කාලෙ මම කාෂිකර්ම ඇමැති විදියට, මහවැලි ඇමැති විදියට වගේ කටයුතු කළේ. 2004 න් පස්සේ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් එන කැබිනට් පත‍්‍රිකා පිළිබඳව එතරම් අවධානයක් යොමු වන්නේ නෑ ස්වාමිනී.

නීතීඥ – එසේ අවධානයක් යොමු නොවීමට විශේෂ හේතුවක් තියෙනවද?

සාක්‍ෂිකරු – විශේෂයෙන් ඒ යුද්ධ කාලෙ කෙරුණු කටයුතු ගැන අපි එහෙම බඩු භාණ්ඩ ගෙන්වීම ගැන සෙවීමක් තිබුණේ නැහැ. යුද්ධය පිළිබඳව තමයි අපේ උනන්දුව තිබුණෙ ත‍්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන්. හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ ඒ කටයුතු ත‍්‍රිවිධ හමුදාව, ආරක්‍ෂක අංශ හොඳින් සිදු කිරීම ගැන අපේ පැහැදීමක් තිබුණා. ඒ නිසා අපි ඒ පිළිබඳව අනවශ්‍ය විදිහට සොයා බැලීම මගේ අතින් සිදු වුණේ නැහැ.

නීතීඥ – 2015 න් පසුව මූල්‍ය අපරාධ කොට්ඨාසය කියලා පොලිසියෙන් යම් කොට්ඨාසයක් නිර්මාණය වෙනවා නේද?

සාක්‍ෂිකරු – එහෙමයි

නීතීඥ – එම කොට්ඨාසය මගින් මෙම පැමිණිලි කරුගේ පැමිණිල්ලට අදාළව යම්කිසි විමර්ශනයක් එවකට සිදු කර තිබෙනවා. ඒ ගැන ඔබතුමා දැනුවත්ද?

සාක්‍ෂිකරු – ඒ සම්බන්ධයෙන් මා මාධ්‍ය තුළ දකින දේ හැරෙන්න දැනුමක් නෑ. නීතිය හා සාමය අමාත්‍යාංශය භාරව 2015 දී මුලින්ම හිටිය මාරපන ඇමැතිතුමා. ඒ වගේම මගේ කාලය තුළ ඇමැතිවරු 4 දෙනෙක් විතර හිටියා. නීතිය හා සාමය අමාත්‍යාංශය මගේ අතට ආවේ 2018 දෙසැම්බර් මාසෙ. එතකොට 2018 දෙසැම්බර් මාසෙන් පස්සේ නම් ඔය එෆ්සීඅයිඞී එකේ කටයුතු ගැන එහෙම උනන්දුවක් තිබුණේ නැහැ. ඒ නිසා නීතිය හා සාමය භාරව සිටි ඇමැතිවරු තමයි ඒ කටයුතු කළේ. ස්වාමිනී ඒක ද්විපාර්ශ්වික ආණ්ඩුවක්. මම ජනාධිපතිවරයා විදියට අනික් පාර්ශ්වයේ කටයුතු ගැන මගේ අත ගැසීමක් තිබුණේ නැහැ. ද්විපාර්ශ්වික ආණ්ඩුවක් ලෙස අපේ එක`ගත්වයක් තිබුණා. ඒ අනුවයි කටයුතු කළේ.

නීතීඥ – ඔබ කිව්ව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කටයුතු යම් ආකාරයකින් නතර වුණා කියලා ඒ කුමන කාරණා නිසාද?

සාක්‍ෂිකරු – මේ ගැන මහජන පැමිණිලිත් ආව, ආණ්ඩුව ඇතුළෙනුත් විවේචන ආවා. මට මතක විදිහට මගේ අතිනුත් විවේචන ආවා ඒ කටයුතු සම්බන්ධයෙන්. මට දැන් සිද්ධි විදිහට මතක නැහැ. ඒ නිසා මම පොලිසිය භාර ගත්ත කාලෙ වන විට හු`ගක් අකර්මන්‍ය තත්ත්වයට පත් වෙලා තිබුණු බව තමයි මට මතක.

නීතීඥ – කුමන කරුණු නිසාද මූල්‍ය අපරාධ කොට්ඨාසයට විවේචන එල්ල වුණේ

සාක්‍ෂිකරු – ජනතාවගෙන් මතයක් ආවා එතන හරියාකාරව කටයුතු කෙරෙන්නේ නැහැ සහ එතනත් දූෂණ වංචා සිදුවෙනවා ඒ වගේම සමහර වේලාවට දේශපාලන පළිගැනීම් සිදුවෙනවා කියල මතයක් ඇති වුණා. ඒ තත්ත්වය උඩ ඒක අකර්මන්‍ය වුණා කියන එක තමයි මගේ මතය.

සභාපති – මූල්‍ය අපරාධ කොට්ඨාසය නිත්‍යානුකූලව පිහිටුවල නැහැ කියලා ඒ දවස්වල මතයක් ගොඩනැගුන නේද?

සාක්‍ෂිකරු – එහෙමයි ස්වාමිනී එහෙම නීති තර්ක ඉදිරිපත් වුණා. සමහර වේලාවට ආණ්ඩුවෙන්ම තර්ක ඉදිරිපත් වුණා. විපක්‍ෂයෙන් විතරක් නෙවෙයි මේ මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යානුකූල නැහැ කියලා මට මතක හැටියට විජේදාස රාජපක්‍ෂ මහතාත් කිව්වා. ඒ විදියට ඒක අභාවයට ගියා කියන එකයි මගේ මතය.

නීතීඥ – ඒ වගේම දූෂණ මර්දන කමිටුවට සහ දූෂණ මර්දන කමිටු කාර්යාලයටත් විවේචන එල්ලවූ බව ඔබට මතකද?

සාක්‍ෂිකරු – චෝදනාඑල්ල වුණා. ඒ සම්බන්ධයෙන් මගෙත් පෞද්ගලිකව පැහැදීමක් තිබුණෙ නැහැ එෆ්සීඅඞී එක ගැන.

හිටපු මුදල් ඇමැති සහ විදේශ ඇමැති රවි කරුණානායක මහතාද උදයංග වීරතුංග මහතාගේ පැමිණිල්ලට අදාළව සාක්‍ෂි ලබා ගැනීම සඳහා ඊයේ කොමිසම හමුවට කැඳවා තිබිණි.

තමා කටයුතු කළේ පුදුමාකාර මුදල් ඇමැතිවරයෙකු ලෙස බවත් මහ බැංකුව තිබුණේ හිටපු අගමැතිවරයා යටතේ සහ වාණිජ බැංකු තිබුණේ කබීර් හෂීම් ඇමැතිවරයා යටතේ යැයි හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා පසුගිය රජයේ දේශපාලන

පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

තමාට උදයංග වීරතුංග මහතා සම`ග පුද්ගලික තරහක් නැති බවත් තමාට වුණා මිස අනිත් අයට දේශපාලන පළිගැනීමක් සිදු නොකළ බවත් කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් රවි කරුණානායක මහතා කීවේය. සාක්‍ෂිකරු යහපාලන රජය සමයේදී තමා දරන ලද අමාත්‍ය ධුර ගැන විස්තරයක්ද කොමිසමට ඉදිරිපත් කළේය.

මිග් යානා ගනුදෙනුවේ විමර්ශන සම්බන්ධයෙන් යම් අවස්ථාවල කැබිනට් මණ්ඩලයේදී කතා කළ බවද සාක්‍ෂිකරු කීවේය.

එසේම උදයංග වීරතුංග මහතාගේ පැමිණිල්ලට අදාළව ඊයේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද කොමිසම හමුවේ සාක්‍ෂි දුන්නේය. ඔහු උදයංග වීරතුංග මහතා සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විදේශගතව වූ අවස්ථාවලට අදළ විස්තර සම්බන්ධයෙන් කොමිසම විසින් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.

කොමිසම යළි අද (20 දා) උදේ 10.00 ට රැස්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

මාධ්‍යවලින් දුටු දේ හැරෙන්නට පසුගිය රජයේ දූෂණ මර්දන කමිටු කාර්යාලය හෝ එහි කටයුතු ගැන කිසිවක් දැන සිටියේ නැහැ – හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}