මහින්දට තුනෙන් දෙකේ බලයක් දෙන්න..

කළුතරදී පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වී ඇතැයි කියමින් බටහිර රටවල තානාපතිවරුන්, විදේශ මාධ්‍ය විශාල ආන්දෝලනයක් ඇති කරමින් සිටින බව අපි දකිනවා. රටක් පාලනය කර ගන්න බැරි තත්ත්වයක් ඇති වුණාම පාලකයා මහජනතාව වෙත යනවා. මහජනතාවගේ ඡුන්දයෙන් රට පාලනය කරගන්න අවස්ථාව සලසා ගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී දෙයක් හැටියටයි මේ අය දකින්නේ. මේ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන තේරුමත් වෙනස් කරලා. පාලකයා රටේ ප‍්‍රශ්නයක් විසඳා ගැනීමේ බලය ජනතාවට දීම ප‍්‍රජාත‍්‍රන්තවාදයට විරුද්ධද? එදා බහුතර ආසන සංඛ්‍යාවක් තිබූ පක්‍ෂයට අගමැතිකම දෙන්නේ නැතිව ආසන හතළිස් ගණනක් තිබූ එජාපයට අගමැති ධූරය දුන්නා. යහපාලන ආණ්ඩුව ඇති කළේ අපි නෙමෙයි. ඔවුන්මයි ඇති කළේ. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදීද?

මහින්ද රාජපක්‍ෂ රජය එදා තිබූ ත‍්‍රස්තවාදය අවසන් කළා. සාමකාමී රටක් ඇති කළ හිටපු ජනාධිපතිවරයා මේ රටේ ආර්ථකය, සංවර්ධනය ඇති කළා. කවදාවත් නොතිබූ ඓතිහාසික සංවර්ධනයක් ඇති කළා. එම නායකයා විදේශීය බලවේගවල අවශ්‍යතා කිසි දිනෙක ඉටු කළේ නැහැ. එම නිසා ඔහුට විරුද්ධව ජනතාව අතර වැරදි මතයක් ගෙන ගියා. සුළු ජාතීන් අතර වැරදි මතබේද ඇති කළා. ඒවා කළේ යහපාලන රජයයි. මේ රටේ ආර්ථිකය විනාශ කළා. රටට අහිතකර ව්‍යවස්ථා ගෙනාවා. ඡන්ද කල්දැමම්මා. මේවා සියලූම දේවල් ඔවුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි. ඒ අය ඇති කළ රජය තුළ අර්බුද ඇති වෙලා, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මතබේද ඇති වෙලා රට අර්බුදකාරී තත්ත්වයක ආ වෙලාවක තමයි ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා රටේ අගමැති ධූරය භාර ගත්තේ.

නමුත් එතුමා කිව්වේ ජනතාව අතරට ගිහින් මැතිවරණයකට යා යුතුයි කියලා. රනිල් වික‍්‍රමසිංහ තවමත් අගමැති තමන් යැයි පවසමින් නිල නිවසට විදේශීය තානාපතිවරුන් කැඳවලා ප‍්‍රකාශ නිකුත් කරමින් රට තවත් අර්බුදයකට ගෙන යමින් සිටිනවා. එම අර්බුදය විසඳීමට තිබූ එකම මාර්ගය තමයි ජනතාව අතරට යෑම. ජනතාවට තමන්ට අවශ්‍ය ස්ථාවර රජයක් ඇති කර ගන්නට අවස්ථාව සලසා දුන්නත් එදා ආණ්ඩු පෙරළන්නට වැඩසටහන් සකස් කළ අය කියනවා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීයි කියලා. මේ පිළිබඳව විශාල විරෝධයක් ජාත්‍යන්තරය තුළ ඇති කරමින් යනවා. එම නිසා ඔබලා මෙවැනි අවස්ථාවක ඉතා සුපරීක්‍ෂාකාරීව වැඩ කළ යුතුයි.

ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය දෙන්න හදන විට ඇතැමුන් උසාවි යනවා. දිගින් දිගටම ඡන්ද කල්දැමූ අයම තමයි මේකටත් විරුද්ධව උසාවි සුදු මහත්තුරුන් ගාව අඬනවා. අවුරුදු හතරකට ආසන්න කාලයක් තිස්සේ ඔවුන් රටේ ස්වෛරීභාවය අහිමි කළා. සංවර්ධනය නැති කළා. රටේ සම්පත් විදේශිකයන්ට විකුණා දැම්මා. ජනතාව පිට බදු පිට බදු බර ඇති කළා. මෙවැනි රටට අහිතකර දේවල් කළ නිසා තමන්ට අත්වන ඉරණම හොඳාකාරවම දන්නවා. ඒ නිසයි ඡුන්දය වළක්වා ගන්නට මොවුන් ජාත්‍යන්තරයේ සහාය අපේක්‍ෂා කරන්නේ.

2015 ජනවාරි 08 වැනිදායින් පසුව වැඩි කාලයක් යන්නේ නැතිව මේ රටේ ජනතාවම කිව්වා අපිට වැරැද්දක් වුණා කියලා. ඒ නිසා තමයි මහින්ද රාජපක්‍ෂ මහතා වටා ඒකරාශී වෙලා මහින්ද සුළඟ ඇති වුණේ. අලූත් පක්‍ෂයක් බිහි වුණා. අලූත් පක්‍ෂය පසුගිය මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබුවා. එම නිසා යළිත් ඔබලාට හැකියාව තිබෙනවා තුනෙන් දෙකක බලයක් ලබාදී මහින්ද රාජපක්‍ෂ අගමැති යටතේ එදා තිබූ ආර්ථික, සංවර්ධන යුගයකට ගෙන යන්න හැකියාව තිබෙනවා. නැවතත් රණවිරුවන්ට සලකන, ජාත්‍යන්තරයට යටත් නොවන නායකයෙක් බිහි කරන්න ඔබලාට හැකියාව තිබෙනවා.

මහින්ද රාජපක්‍ෂ සමග සෑම විටම කටයුතු කළ ගමේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාවක් ලැබී තිබෙනවා. නිවැරදි පුද්ගලයන් පාර්ලිමේන්තුවට යවන්න. මහින්ද රාජපක්‍ෂ අගමැති සමග ප‍්‍රබල රජයක් හදන්න ලබා දුන් අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමට ජනතාව දැන් අවස්ථාව උදාවී තිබෙනවා. හරි මාර්ගය තෝරා ගන්න. විදේශීය අවශ්‍යතා ඉටු කර ගන්න, බොරු ප‍්‍රචාර ඇති කරමින් ජාතීන් අතර බේද ඇති කරමින් අපි ලබාදුන් ජයග‍්‍රහණය පරාජයට පත් කළා. ඒවා තේරුම් ගෙන කටයුතු කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. දේශීය සම්පත් ආරක්‍ෂා කරන, ගොවියා ආරක්‍ෂා කරන, ධීවරයා ආරක්‍ෂා කරන රජයක් බිහි කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. එදා යුද්ධය තිබුණත් අපි ගොවීන්ට පොහොර සහනාධාරය දුන්නා. ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ රටේ කිසිදිනෙක නොතිබූ සංවර්ධනයක් ඇති කළා. වරාය, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඇති කළා. අපිට එදා සැලසුම් තිබුණා. ඒ සියලූම සැලසුම් මේ රජය නතර කළා. මේ අය හැමදාම කතා කළේ ණය ගැනමයි. ආයෝජන කරමින් ඇති කළ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණා දැම්මා. අ¥රදර්ශී ක‍්‍රියාකලාපයන් නිසා රටේ ආර්ථිකයට කඩාවැටුණා. මේ හේතුව නිසාම ලක්‍ෂ හතරකට රැකියා අහිමි වුණා. දැන් කොළඹ ඇති වෙමින් තිිබෙන සියලූම සංවර්ධන ව්‍යාපෘති ඇති කළේ අපේ රජයයි. අපි තවමත් හිටියා තමයි ඒවා දැන් අවසන් කරන්න තිබුණා. එම ව්‍යාපෘති දැන් සිදුවන්නේ මන්දගාමීවයි. හිටපු රජය හැරෙන්නට මේ අය කිසිම කළ ආයෝජන ව්‍යාපෘතියක් නැහැ.

ගත වූ වසර කිහිපය තුළ ජනතාවට විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදුවුණා. ඉදිරියේදී අපි අද තිබෙන තත්ත්වයන්ට අනුව මහින්ද චින්තනය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන සැලැස්ම සියලූම වෘත්තිකයන් සමග සාකච්ඡුා කළා. අපේ රජයක් බලයට පත්වූ වහාම රටේ ප‍්‍රශ්න විසඳා, සංවර්ධනය ඉදිරියට ගෙන යෑමට තමයි සියලූම වෘත්තිකයන්ගේ අදහස් අපි ලබාගෙන යන්නේ. සියලූම වෘත්තිකයන්ගේ අදහස් හා දැනුම එකතු කරගෙන ඉදිරි රජයකදී ක‍්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන්නයි වියත්මග ඇති කළේ. එම වැඩපිළිවෙළ මේ රටේ ජනතාව දැනුවත් කිරීමටයි එළිය සංවිධානය ඇති කළේ. එම නිසා යළිත් ලැබෙන මේ අවස්ථාවෙන් ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. සියලූම දෙනා එකතු වෙලා ස්ථාවර රටක් බිහි කරමු.

– චාමින්ද කරුණාරත්න

Related Images:

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://udayanga.com/wp-content/uploads/2019/01/E69T1110-1920-X-785px.jpg);background-size: cover;background-position: center top;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 865px;}#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}